- විහාරාධිපති හිමිගේ ගිණුමෙන් මුදල් ඇද්ද හතරක් මාට්ටු
- විපක්ෂ නායක සජිත්ට ගොවීන් ගැන කතාකරන්න අයිතියක් නෑ
- භාණ්ඩ සොරා ගන්නා මේ පුද්ගලයා දන්නවාද?
- උපන් දිනය පෙනී පෙනී ජීවිතයෙන් සමුගත් මනෙත්
- මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ ගැන මහජන ආරක්ෂක ඇමැතිගෙන් හෙළිදරව්වක්
- උසස් අධ්‍යාපනයටත් දැනෙන වෙනසක්
- හිටපු තවත් ලොක්කෙක් ආයෙත් ඇතුළට
- TikTok ගිවිසුමට ඇමරිකානු ආයෝජකයන් නම් කරයි
Author: VNews
එක්සත් ජාතීන්ගේ 28 වන දේශගුණික විපර්යාස සමුළුව සඳහා සහභාගීවන ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නයන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ආරාධනා කර තිබෙනවා. එම ආරාධනා පත්‍රය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ජනාධිපතිවරයා විසින් යොමු කළ ලිපිය ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කලිඩ් නසිර් අල්අමෙරි මහතා විසින් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් භාර දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ. එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව ලෝක නායකයන්, රාජ්‍ය නියෝජිතයන්, පරිසරවේදීන් සහ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් නොවැම්බර් මස 30වනදා සිට දෙසැම්බර් 12 දක්වා ඩුබායිහි එක්ස්පෝ නගරයේ දී පැවැත්වීමට නියමිතයි. දේශගුණික විපර්යාස මෙන්ම ඊට මුහුණ…
පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර තිබෙනවා. එම විරෝධතා පා ගමන මහනුවර දන්ත වෛද්‍ය පීඨය අසලින් අද ආරම්භ වුණා. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පේරාදෙණිය සරසවිය මහා ශිෂ්‍ය සංගමය විසින් මෙම විරෝධතා පා ගමන ආරම්භ කර තිබුනා.
ඉන්දියාවේ ජම්මු කාශ්මීරයේ සංචාරක කර්මාන්තය දියුණුවීමත් සමඟ ඒ ආශ්‍රිත රැකියා අවස්ථා ඉහළ යාමක් ද සිදුවෙමින් පවතින බව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. ජම්මු සහ කාශ්මීරයේ ප්‍රධාන ලේකම් අරුන් කුමාර් මේතා විසින් ඉකුත් අප්‍රේල් මාසයේදී නිකුත් කරන ලද ආර්ථික සමීක්ෂණ වාර්තාවට අනුව ජම්මු කාශ්මීරයේ තරුණයින් අතර විරැකියා අනුපාතය සියයට 6.7 සිට සියයට 5.2 දක්වා පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ. ඉන්දියාව සභාපතිත්වය දරණ මෙවර G20 සමුළුවේ ඇතැම් රැස්වීම් ජම්මු කාශ්මීරයේ ද පැවැත්වීමට එම ප්‍රාන්තය මේ දක්වා ලඟා කර ගෙන ඇති ජයග්‍රහණ තවත් ඉහල යනු ඇතැයි බලධාරීන් අපේක්ෂා කරනවා. උපදේශන සහ දැනුවත් කිරීමේ ව්‍යාපාර ඇතුළු ක්‍රමානුකූල මැදිහත්වීම් හරහා රැකියා අපේක්ෂකයින්ට සහ රැකියා සපයන්නන්ට…
සන්නද්ධ ගැටුම්, දේශපාලන නොසන්සුන්තාවයන් සහ සිවිල් කැළඹීම් හේතුවෙන් මියගිය සියලු දෙනා අනුස්මරණය කිරීමට කොළඹ සුදුසු ස්ථානයක ස්මාරකයක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මේ අතර රජයේ නව ව්‍යාපෘති සහ වැඩසටහන්වල ප්‍රගතිය ඇගයීමට ජාතික සංවර්ධන කමිටුවක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබුණා. අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ රැස්වීමේදී කැබිනට් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කර සිටියා. ආයුර්වේද පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියා.
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා රත්‍රං තොගයක් සමග රේගු භාරයට ගෙන තිබෙනවා. විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන විට ඔහු රත්‍රං කිලෝ 3 හමාරක් රැගෙන විත් ඇති බව සදහන්. එම අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපොළේ දී ඔහුව රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බෙංගාල බොක්ක ආශ්‍රිතව හමා ගිය මෝඛා සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වූ මියන්මාරයට ආධාර කිරීම සඳහා ඉන්දියාව ‘කරුණා මෙහෙයුම’ දියත් කර තිබෙනවා. ඒ අනුව සහන ද්‍රව්‍ය රැගත් ඉන්දීය නාවික හමුදාවේ නෞකා තුනක් යැන්ගොන් වෙත ළඟා වූ අතර සිව්වන නෞකාව ද මියන්මාරයට ලඟාවීමට නියමිත බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ. “නෞකාවල ආහාර ද්‍රව්‍ය, කූඩාරම්, අත්‍යවශ්‍ය ඖෂධ, ජල පොම්ප, විදුලි ජනන යන්ත්‍ර, ඇඳුම් පැළඳුම්, සනීපාරක්ෂක ද්‍රව්‍ය යනාදිය ප්‍රවාහනය කරන බව ද ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය ජයශංකර් සඳහන් කර තිබෙනවා. මෝඛා සුළි කුණාටුවෙන් විපතට පත් මියන්මාරයේ ජනතාවට ඉන්දියාව මිත්‍රත්වයේ හස්තයක් දිගු කළ අතර ඉන්දියාව කලාපයේ පළමු…
නඩත්තුවක් නොමැතිවීම නිසා ජාතික රෝහලේ හෘද අංශයේ කැතීටර් රසායනාගාරය මසක කාලයක සිට වසා දමා ඇති බව අනාවරණය වනවා . මේ හේතුවෙන් ගතවූ මාස දෙකක කාලය තුළදී හෘද රෝග සඳහා සිදුකරනු ලබන පරීක්ෂණ දහසක පමණ ප්‍රමාණයක් සිදුකර ගැනීමට නොහැකි වී තිබෙනවා . මෙම තත්ත්වය මත බයිපාස් සැත්කම් සඳහා දිනයක් ලැබෙන්නේ වසර දෙකක පමණ කාලයක් ගතවූ පසුව බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසනවා . මේ අතර ජාතික රෝහලේ ඉතා සරලව නවීකරණය කළ හැකි ජීවානුහරණ යන්ත්‍රය කැඩි ඇති බවත් එය වසරක පමණ කාලයක සිට අලුත්වැඩියා කර නොමැති බවද වාර්තා වනවා . මේ හේතුවෙන් ක්ෂුද්‍රජීවීන් අතින් අල්ලා සේදිමට නියෝග දී…
රාජ්‍ය සේවය තුල මෙන්ම දේශපාලනයේ ද දුෂිත පිරිස් සිටින බව වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා පවසනවා . ඔහු මේ බව ප්‍රකාශ කලේ ඊයේ දිනයේදී කොළඹ වරායේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් . බේදයකින් තොරව රට ගොඩනැගීම සදහා සියලු පිරිස් එක් විය යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා .
ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා මෙරට ආගමික සංහිඳියාවට තර්ජනයක් වන අයුරින් සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් වහාම නිත්‍යානුකූල පියවර ගන්නා ලෙස මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබෙනවා. ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා විසින් පටු ආගමික අරමුණු පෙරදැරිව, මෙරට ආගමික සංහිඳියාවට තර්ජනයක් වන අයුරින් ප්‍රසිද්ධියේ සිදුකරන ප්‍රකාශ සුළුකොට තැකිය නොහැකි බැවින් වහා නිසි අණ පනත් මගින් නීත්‍යානුකූල පියවර ගන්නා ලෙසයි මහ නා හිමියන් එමගින් ඉල්ලා සිටින්නේ. බුදුන් වහන්සේ හා අනෙකුත් ආගම් සම්බන්ධයෙන් ජෙරම් ප්‍රනාන්දු නමැති ක්‍රිස්තියානි දේවගැතිවරයා පසුගිය සතියේ සිදුකළ ප්‍රකාශය රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළා. ඔහුට එරෙහිව පාර්ශව කිහිපයක්ම අධිකරණය හමුවට ගිය අතර දේවගැතිවරයා…
ලියාපදිංචි සියලු වෘත්තීය සමිතිවල විධායක සාමාජිකයින් සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබන මස 30 වනදාට පෙර ලබාදිය යුතු බව කම්කරු දෙපාර්තමේන්තුව පවසනවා. කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති වෘත්තීය සමිති වෙත ලිපියකින් යොමු කරමින් ප්‍රකාශ කර ඇත්තේ කම්කරු අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත එම ප්‍රකාශ ලබාදිය යුතු බවයි. මේ අතර කම්කරු නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ සමාජ මාධ්‍යන්හි අසත්‍ය ප්‍රකාශ පළකරන පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙස විෂය භාර අමාත්‍ය මනූෂ නානායක්කාර පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා. මීට අදාළ යෝජනා ලබාගැනීම මේ දිනවල සිදුකරන අතර නව නීති කෙටුම්පත් කිරීමක් මේ දක්වා සිදුකර නොමැති බවයි ඔහු පෙන්වා දෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222