- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: VNews
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා (Santosh Jha) අතර හමුවක් අද (02) ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. පසුගිය ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක මහතා ලබාගත් ජයග්‍රහණය වෙනුවෙන් සිය හෘදයාංගම සුබපැතුම් පළ කළ ඉන්දීය මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට හැකි සෑම ආකාරයකින්ම සහය දැක්වීමට ඉන්දියාව සූදානමින් සිටින බවත්, ශ්‍රී ලංකාව කලාපයේ සාමකාමී සහ ස්ථාවර රාජ්‍යයක් ලෙස ඉස්මතු වනු දැකීම සිය රටේ ප්‍රාර්ථනාව බවත් ප්‍රකාශ කළේය. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය සහ සමීපතාව සිහිපත් කළ ඉන්දීය මහකොමසාරිස්වරයා අසල්වැසි සහෝදර රාජ්‍යයන් ලෙස දෙරට අතර අඛණ්ඩ සහ ස්ථාවර මිත්‍රත්වයක් පවත්වාගනිමින් ඉදිරියට යාමේ වැදගත්කම අවධාරණය කළේය.…
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය. දෙරට අතර ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීමේ වැදගත් පියවරක් සනිටුහන් කරමින් මෙම හමුව සිදු වු අතර පසුගිය ජනාධිපතිවරණයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබා ගත් ජයග්‍රහණය වෙනුවෙන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා මෙහිදී සිය සුභාශීංසන පිළිගැන්වීය. එසේම ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතාගේ ඉදිරි පාලනය වෙනුවෙන් බ්‍රිතාන්‍ය රජයේ සුබ පැතුම් එක් කළ මහකොමසාරිස්වරයා අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පිළිබඳව ප්‍රසාදය පළ කෙරෙන III වන චාල්ස් රජුගේ සහ බ්‍රිතාන්‍ය අගමැති ශ්‍රීමත් කීර් ස්ටාර්මර් (Sir…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් අද (02) පෙරවරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. මෙහිදී පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් ජනාධිපතිවරයා ලබාගත් ජයග්‍රහණය පිළිබඳව ඕස්ට්‍රේලියානු රජයේ උණුසුම් සුබපැතුම් පිරිනැමූ එරට මහකොමසාරිස්වරයා, ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් කැපවී සිටින බව ද ප්‍රකාශ කළේය. සමුද්‍රීය ආරක්ෂාව, දේශසීමා පාලනය සහ ත්‍රස්ත විරෝධී ප්‍රයත්නයන් ඇතුළු ප්‍රමුඛ ක්ෂේත්‍ර සඳහා ශ්‍රී ලංකාවට ඕස්ට්‍රේලියානු රජයේ අඛණ්ඩ සහාය ලබාදෙන බවට මහකොමසාරිස්වරයා මෙම හමුවේදී සහතික විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කර ඇති වැඩසටහනට ද ඕස්ට්‍රේලියාවේ සහාය හිමිවන බවත්, ශ්‍රී ලංකාව තුළ සෘජු විදේශ…
මාළදිවයින පැසිපන්දු ( Basketball) සංගමය විසින් සංවිධානය කළ “සුපිරි ” කුසලාන පැසිපන්දු තරගාවලියේ දී , කාන්තා සහ පිරිමි ශූරතා දෙකම දිනා ගනිමින් රන් පදක්කම් හිමි කර ගත් ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම් දෙක 10/01 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . මෙම තරගාවලිය මාළදිවයින මාළේ නගරයේ දී ඉකුත් 09/26 දින සිට 09/30 දින දක්වා කළාපයේ රටවල් හතරක විශේෂයෙන් ලෝකයේ ප්‍රබල විදේශීය පැසිපන්දු ක්‍රීඩකයින්ගෙන් සමන්විත කණ්ඩායම් සමග පවත්වා තිබුණි . මෙම ජයග්‍රහණ හිමි කර ගත් ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා සහ පිරිමි පැසිපන්දු කණ්ඩායම් දෙක 10/01 දින පස්වරු 05.15 ට මාළදිවයින සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8 ඩී.- 814 දරන…
ශ්‍රි ලංකා රජය හා ඊශ්‍රායල් රජය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින්ට හිමිවන අතර, ඒ අනුව මේ වන විට ශ්‍රි ලාංකිකයින් 2330ක් ඊශ්‍රායලයේ කෘෂි රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ. මේ අතර, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා සුදුසුකම් ලැබූ තවත් ශ්‍රී ලාංකිකයින් 118 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ලබාදීම අද දින (10/02) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුකරන ලදී. මෙම පිරිස ඔක්තොම්බර් 09,10,12 හා 13 දිනයන්හි ඊශ්‍රායලය බලා යාමට නියමිතයි. ඊශ්‍රායලයේ රැකියාවල නිරතව සිටින ශ්‍රි ලාංකිකයින්ට එරට පවතින නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ කිසිඳු කරදරයක් සිදුවී නොමැති බව එරට ශ්‍රි ලංකා තානාපති…
මෙතෙක් කලක් එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැනි පක්ෂවලට ඡන්දය ලබා දුන් ජනතාවට අද තිබෙන එක ම විකල්පය සමගි ජන සන්ධානය පමණක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (02) සමගි ජන බලවේගය පක්ෂ මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා; “අපි පළමුවෙන් ම සමගි ජන සන්ධානය හැටියට අපි සුබ පතනවා. නව ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට. ඒ වගේ ම එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි ආරාධනා කරනවා අපට ඡන්දය දුන් නො දුන් සියලු ම දෙනා ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ඉදිරි කාලයේ දී අපිත් එක්ක සන්ධාන…
බහරේනයේ ස්ථාපිත ලොව විශාලතම සමුද්‍රීය සන්ධානය ලෙස සැලකෙන, ඒකාබද්ධ සමුද්‍රීය බලකාය (Combined Maritime Force – CMF) යටතේ ක්‍රියාත්මක 154 වන ඒකාබද්ධ කාර්යසාධක බලකායේ වත්මන් අණදෙන නිලධාරී, කොමදෝරු Haytham Elsayed Khalil ඇතුළු නිලධාරීන් පිරිසක් අද දින (2024 ඔක්තෝබර් 02) නිළ හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවූ අතර, 2025 වර්ෂයේ ජනවාරි මස සිට මෙම 154 වන ඒකාබද්ධ කාර්යසාධක බලකායේ අණදීම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් භාර ගැනීමට නියමිතව ඇත. ඒ අනුව, නාවික හමුදාධිපති විසින් කොමදෝරු Haytham Elsayed Khalil නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉදිරියේදී අණභාර ගැනීමට නියමිත ඒකාබද්ධ සමුද්‍රීය බලකාය (Combined Maritime Force – CMF) යටතේ ක්‍රියාත්මක 154 වන ඒකාබද්ධ කාර්යසාධක බලකායේ කාර්යභාරය ඇතුලු ද්වීපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ…
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේනදයක් නිකුත් කර තිබෙනවා. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අමාත්‍ය විජිත හේරත් පත් කර තිබෙනවා. ඒ, මීට පෙර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියෝජිතයා ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වෙනුවෙන්.
නිමාවූ 2024 LPL තරඟාවලිය අතරතුර මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි නිරෝශන් දික්වැල්ල පසුගිය අගෝස්තු 23 වැනිදා ඒ සම්බන්ධයෙන් අදාළ පරීක්ෂණය සඳහා ජාතික ක්‍රීඩා විනය කමිටුවට කැඳවූවා. එහිදී තමා කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කළ බවට නිරෝශන් දික්වැල්ල පිළිගෙන තිබුණා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222