- තංගල්ලේ නිවසකින් මළ සිරුරු දෙකක් – මියගිය ගණන 3 දක්වා ඉහළට
- සම්පත් මනම්පේරි සැඟවූ ආයුධ මිද්දෙනියෙන් හමු වෙයි
- ශෂින්ද්‍ර රාජපක්ෂ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
- නාන තටාකයෙන් නිමවූ තරුණ ජීවිතය
- ආසියානු කුසලානයේ සුපිරි හතර වටයේ පෙරමුණ ඉන්දියාවට
- නිදන් සෙවූ කාන්තාවක් අත්අඩංගුවට
- සිරියාවේ පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කෙරේ
- ජනපති අනුර අද ඇමරිකාවට
Author: VNews
21 හැවිරිදි ශිෂ්‍යයාවක් මොරටුව දී අතුරුදන්වීම සම්බන්ධයෙන් මොරටුව පොලිසිය විමර්ශන ආරම්භ කොට තිබෙනවා. අතුරුදහන් වූ සිසුවිය කළුතර, ගමගොඩ, කොහුලානේ පදිංචිකාරියක් බවයි පොලීසිය පවසන්නේ. ඇගේ මව මැයි 28 සවස මොරටුව පොලීසියට පැමිණ ඇය අතුරුදන් බවට පැමිණිලි කර තිබූ අතර සිය දියණිය පෙරේදා උදෑසන ඉංග්‍රීසි පාඨමාලාවට යන බව පවසා නිවසින් පිටත්ව ගිය බවත් සවස නැවත නිවසට නොපැමිණි බව ද , ඇගේ ජංගම දුරකතනය ද අක්‍රීයව පැවති බව ඇගේ මව පොලිසියට පවසා තිබේ. එහිදී පොලිසිය විසින් අතුරුදන් වූ තරුණියගේ මව විසින් කළ පැමිණිල්ලට අනුව කළ සොයා බැලීමේදී තරුණිය පෙරේදා එම පාඨමාලාවට සහභාගී වී නැතිබව අනාවරණය වී තිබූ අතර මොරටුව පොලීසිය සඳහන් කළේ, ජංගම දුරකතන ජාල…
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මෙවර ශූරතාවලිය දිනා ගත් චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 20 ක මුදලක් ත්‍යාග ලෙස ලැබී තිබෙනවා. අනුශූරයන් වූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 12.5 ක මුදලක් ලබා දීමටයි කටයුතු කර ඇත්තේ. මෙහිදි අවසන් මහා තරගයේදී තරගයේ වීරයා බවට පත් වූ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමේ ඩෙවොන් කොන්වේට ඉන්දීය රුපියල් ලක්ෂ 5 ක මුදලක් හිමි වුණා. මෙවර තරගාවලියේ හොදම ක්‍රීඩාංගණය සහ තණතීරුවට හිමි ත්‍යාගය මුම්බායි හි වංකඩේ ක්‍රීඩාංගණයට සහ කල්කටා හි ඊඩන් ගාර්ඩන් ක්‍රීඩාංගණයට ලැබී ඇති අතර ඒ අනුව ඉන්දීය රුපියල් ලක්ෂ 50 බැගින් එම ක්‍රීඩාංගන දෙකට මුදල් ලබා ත්‍යාග ලබා දී තිබෙනවා. තරගාවලියේ…
කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වෝකර් ටර්ක් මහතා හමුවී තිබෙනවා . ඒ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරන විමර්ශන පිළිබඳ දැනුවත් කිරීමටයි . අදාළ ප්‍රහාරයට පසුබිම් වූ සියලු හේතුන් පිළිබඳ ස්වාධීන සහ විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාවය පිළිබදවද මෙම හමුවේදී අවධානය යොමු කර තිබෙනවා . එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනුයි මේ බව සඳහන් කර ඇත්තේ . මේ අතර ආගම් පිලිබදව වර්තමානයේ විවිධ පුද්ගලයින් සිදුකරන ප්‍රකාශ පිලිබදව බුද්ධිමත්ව අවධානය යොමුකල යුතු බව ජාතික කතෝලික සභාවේ ජන සන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිශාන්ත පියතුමා පවසනවා . එම පියතුමන් මේ බව…
ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 17%ක පිරිසක් තවමත් මධ්‍යස්ථ උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයෙන් පීඩා විඳිමින් සිටින බව වාර්තා වනවා . මෙම කරුණු අනාවරණය වී ඇත්තේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ලෝක ආහාර වැඩපිළිවෙල ඒකාබද්ධව සිදුකරන ලද මෙහෙයුම් වාර්තාවකට අනුවයි . පසුගිය වසරේ දැඩි ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළුණු පුද්ගලයින් 66,000ක සංඛ්‍යාව මේ වසර වන විට ආසන්න වශයෙන් 10,000ක් දක්වා අඩුවී ඇති බව එම වාර්තාවේ සඳහන් වනවා . කෙසේවෙතත් කිලිනොච්චිය, නුවරඑළිය, මන්නාරම, මඩකලපුව, වව්නියාව සහ යාපනය වැනි ඇතැම් දිස්ත්‍රික්කවල තවමත් ආහාර අනාරක්ෂිතතාව ඉහළ මට්ටමක පවතින බවද එම ආයතන පෙන්වා දී තිබෙනවා.
විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීමේදී අන්තර්ජාලය ඔස්සේ අයදුම් කළ හැකි බව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීමේදී ප්‍රකාශ කර තිබෙනවා . මෙහිදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවසුවේ ජූනි මස 01 වැනිදා සිට එය ක්‍රියාත්මක බවයි . නව විදේශ ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමේදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ද මෙම ක්‍රමය අනුගමනය කල හැකි වනවා . අදාළ ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීම පසුගියදා පැවැත්වුනේ එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් . විදේශගත ශ්‍රී ලාංකිකයන්ට එම රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට පැමිණීමෙන් තොරව අන්තර්ජාලය හරහා මෙලෙස ඉල්ලුම් කළ හැකි බව ද ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙහිදී ප්‍රකාශ…
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාවය 5 වන වරටත් දිනා ගැනීමට චෙන්නායි සුපර් කිංස් කන්ඩායම අද අලුයම සමත් වුණා . ඒ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පරාජය කර කඩුලු 5 ක ජයක් අවසන් පන්දුවේදී වාර්තා කරමින් . මෙම තරගයේ කාසියේ වාසිය දිනූ චෙන්නායි කන්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කලා . ඒ අනුව පිටියට පිවිසි ගුජරාට් කන්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී රැස් කල ලකුනු සංඛ්‍යාව 214 ක් . එහිදී සායි සුදර්ශන් පන්දු 47 කින් ලකුනු 96 ක් රැස් කල අතර විද්ධිමන් සහා ලකුනු 54 ක් ලබා ගත්තා . පන්දු යැවීමේදී මතීශ පතිරණ කඩුලු 2ක් ද රවීන්ද්‍ර ජඩේජා සහ දීපක් චහාර්…
ලිබියාවේ මාරාන්තික ඉස්ලාමීය රාජ්‍ය ව්‍යාපාරයක නිරත පුද්ගලයන් 23 දෙනෙකු හට මරණ දණ්ඩනය නියම කිරීමට එරට අධිකරණය කටයුතු කර තිබෙනවා. එමෙන්ම තවත් පුද්ගලයන් 14 දෙනෙකුට ජීවිතාන්නතය දක්වා සිර දඬුවම්ද, පුද්ගලයන් 6 දෙනෙකුට වසර 10ක් දක්වා සිර දඬුවම්ද නියම කිරීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙම පුද්ගලයන් ඊජිප්තු කිතුනුවන් පිරිසකගේ හිස ගසා දැමීම සහ 2015 දී සර්ට් නගරය අත්පත් කර ගැනීම ඇතුළු මාරාන්තික ඉස්ලාමීය සටන්කාමී ව්‍යාපාරයක නිරතව ඇති අතර, ඒ අනුව මරණ දඬුවම ලබා දීම ඇතුළු දඬුම් ලබා දීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.
2022 ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ දී නිකුත් කර තිබෙනවා . විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ ප්‍රතිපල දැනගත හැකි බවයි. එමෙන්මwww.results.exams.gov.lkයන වෙබ් අඩවියට පිවිසීමෙන් ද මෙම ප්‍රතිඵල දැන ගැනීමට හැකියාව පවතිනවා .
යාපනය නගරයේ අද (29) දහවල් ලොරි රථයක් යතුරුපැදියක ගැටීමෙන් අනතුරුව,යතුරුපැදිකරු බිම වැටී ලොරි රථයේ රෝදයකට යතුරුපැදිකරුව යට වීමෙන් මෙම අනතුර සිදුවී ඇත. අනතුරින් මියගොස් ඇත්තේ යාපනය මීසාලෙයි ප්‍රදේශයේ පදිංචි ආර්.අබිලාස් නමැති 28 හැවිරිදි පුද්ගලයෙකි. අනතුරට අදාළ ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මියගිය අයගේ මළ සිරුර යාපනය රෝහල් මෘත ශරීරාගාරයට යොමුකිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
දිවයිනේ බොහෝ පළාත්වලට මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය වැඩි වීමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් ඇති විය හැකි පීඩා අවම කර ගැනීම සඳහා සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. එමෙන්ම ප්‍රදේශ කිහිපයක් සදහා උණුසුම් කාලගුණ තත්ත්ව පිළිබද අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව උතුර, උතුරු මැද, වයඹ, නැගෙනහිර, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සදහා එම අවවාදාත්මක නිවේදනය වලංගු වනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222