Author: VNews
හැටන් ඇතුළු නුවරඑලිය දිස්ත්‍රික්කයේ සිපෙට්කෝ සහ අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හල් වල අද (01) දින අලුයම සිට ඩීසල් සහ පෙට්‍රල් ඉන්ධන නොමැති වීම නිසා රථ වාහන හිමියන් දැඩි අසීරුතාවයකට පත් ව තිබුණා. රජය මඟින් (01) දින අලුයම සිට ඉන්ධන මිල අඩු කිරිමට ීරණය කිරිමත් සමඟ හැටන් ඇතුළු නුවරඑලිය දිස්ත්‍රික්කයේ සිපෙට්කෝ සහ අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හල් හිමියන් ඉන්ධන තොග සංචිතයේ තබා නොගැනිම නිසා මෙම ඉන්ධන හිගය ඇති වි ඇති වී තිබූ අතර ඇතැම් ඉන්ධන පිරවුම්හල් වල (31) දින පස්වරුවේ සිටම ඉන්ධන නොමැති වීම නිසා ඉන්ධන සංචිතයේ තිබුණු ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනිමට දිගු වාහන පෝලිම් දක්නට ලැබුණා.
ඝාතනය ලක්වු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අයියාතුරෙයි නඩේෂන් මහතාගේ 19 වන ගුණ සැමරුම් වැඩසටහන ඊයේ(31) සවස වවුනියාව මාධ්‍ය මධ්‍යස්ථානයේදී පැවැත්වුුුණා. වවුනියාව මාධ්‍ය මධ්‍යස්ථාන සභාපති පි.කාර්දීපන් මහතාගේ ප්‍රධානත්වයෙන් හා වවුනියාව දිස්ත්‍රික් සහෝදර මාධ්‍යවේදීන්ගේ සහභාගීත්වයෙන් සැමරුම් වැඩසටහන පැවැත්වුුුවා. නඩේෂන් මහතා මඩකලපුව දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීයෙකු ලෙස කටයුතු සිදුකරන අවධියේ මඩකලපුව නගරයේදී 2004 මැයි 31 වැනිදා වෙඩි තබා ඝාතනය කොට තිබුණා. ඝාතනය සිදුවු අවස්ථාවේ එවක ආරක්ෂක අංශ හා එල්. ටී. ටී සංවිධානයෙන් වෙන්ව සිටි කරුණා කණ්ඩායමට ඝාතනය වෙනුවෙන් චෝදනා එල්ල වුණා. යාපනය නෙල්ලිඅඩි ප්‍රදේශයේ උපත ලැබු නඩේෂන් මහතා මියයන අවස්ථාවේ වයස අවුරුදු 50 ක් වු සිව්දරු පියෙකි. මඩකලපුව දිස්ත්‍රික්කයේ වීරකේසරි පුවත්පත් ප්‍රාදේශීය වාර්තාකරු මෙන්ම දෙස් විදෙස් මාධ්‍ය…
දඹුල්ල මහියංගනය ප්‍රධාන මාර්ගය ඉදිකිරීම සඳහා රැගෙනවිත් තිබූ යන්ත්‍රෝපකරණ විශාල ප්‍රමාණයක් කැලයට යට වී දිරාපත්වෙමින් පවතී. මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අතරමග නවතා දැමීම හේතුවෙන් මාර්ගයේ ගමන් ගන්නා ජනතාවද දැඩි පීඩනයකට පත්ව සිටින බවයි ප්‍රදේශවාසීීීන් පවසන්නේ. මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් මීට වසර කිහිපයකට ඉහත දී දඹුල්ල මහියංගනය ප්‍රධාන මාර්ගයේ ඉදිකිරීම් කටයුතු පුද්ගලික කොන්ත්‍රාත් සමාගම් කිහිපයක හා රජයට අයත් රාජ්‍ය සංවර්ධධනහා නිර්මාණ නීතිගත සංස්ථාව භාරදී තිබුුුුුණ අතර කොන්ත්‍රාත් සමාගම් කිහිපයක් කිලෝමීටර් 2 බැගින් කොටස් තුනක ඉදිකිරීම් අවසන් කොට ඇති නමුත් ඉතිරි කොටස ලබාගත් පෞද්ගලික හා රාජ්‍ය ආයතන එහි වැඩ නිම කිරීම ප්‍රමාද කොට අතරමග නවතා දමා ඇතැයි ප්‍රදේශවාසීන් පෙන්වා දුන්නා. ඒ අනුව රජයට…
රාජ්‍ය පොසොන් උත්සවය පිළිබද ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. රුපියල් ලක්ෂ 288ක් රාජ්‍ය පොසොන් උත්සවය වෙනුවෙන් ලබා රජය ලබා දී ඇති බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ. එබැවින් රාජ්‍ය පොසොන් උත්සවය වෙනුවෙන් රජයේ දායකත්වයක් නොලැබෙන බවට ඇතැම් පාර්ශව සිදුකරන චෝදනා සාවද්‍ය බවයි ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කළේ. මේ අතර පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා රැසක් අද සිට ක්‍රියාත්මක වනවා. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ විශේෂ දුම්රිය ගමන් වාර 12ක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි. මේ ඒ පිළිබද පැහැදිලි කරන දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එස් ඉදිපොලගේ මහතා. මේ අතර මිහින්තලය පුදබිමේ විදුලිබය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව පිළිබද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය…
මඩකලපුව කල්ලඩි පාලමේ කාන්තාවක් කලපුවට පැන සියදිවි හානි කරගෙන තිබෙනවා. මඩකලපුව පොලිසියට ලද තොරතුරක් මත ප්‍රදේශවාසීන් සමග එක්ව සිදු කළ සොයා බැලීමේදී අදාළ කාන්තාවගේ මෘත ශරීරය සොයාගත් බවයි පොලිසිය සදහන් කළේ. සිය දිවි හානිකර ගත් කාන්තාව 21 හැවිරිදි වියේ පසුවන මඩකලපුව, වන්ඩි ලේන් ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර මෘත ශරීරය මඩකලපුව රෝහලේ තැන්පත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට අයත් මාර්ගස්ථ සන්නිවේදන කුටි තුළ තිබූ පාරිතෝෂිත කාඩ්පත් සොරකම් කිරීම් කිහිපයකට සම්බන්ධ එම ආයතනයේ සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ගනේමුල්ල, බොරැල්ල, කොට්ටාව, මාලඹේ, නවගමුව හා හෝමාගම යන ප්‍රදේශවල මෙවැනි සොරකම් සිදු කර ඇති බවට අනාවරණය වී ඇති අතර එලෙස සොරකම් කළ දේපළ වල වටිනාකම රුපියල් ලක්ෂ 155 කට අධික බවටයි අනාවරණය වී ඇත්තේ. අත්අඩංගුවට ගත් සැකකරු 40 හැවිරිදි කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් කොට්ටාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
පිරමීඩාකාර ව්‍යාපාර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මහ බැංකුව නිවේදනය කළේ අදාළ ව්‍යාපාරවල නිරත වීම දඩුවම් ලැබිය හැකි වරදක් බවයි. පිරමීඩාකාර ව්‍යාපාරවල යෙදෙන බව කියන ආයතන කිහිපයක ලැයිස්තුවක් ද මහ බැංකුව විසින් ප්‍රකාශට පත්කර තිබෙනවා. මහ බැංකුව මගින් සිදුකළ විමර්ශනයකදී අනාවරණ වී ඇත්තේ ආදාළ ආයතන මහ බැංකු පනතේ වගන්ති කිහිපයක් උල්ලංගනය කර ඇති බවයි.
ඉන්ධන මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබෙනවා. නව සංශෝධනයට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 318 දක්වා රුපියල් 15කින් පහළ දැමීමටයි කටයුතු කර ඇත්තේ. භූමිතෙල් මිල ද රුපියල් 50කින් පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 245ක්. එසේම ලංකා කාර්මික භූමිතෙල් මිල ද රුපියල් 270ක් දක්වා රුපියල් 60කින් පහළ දැමීමට කටයුතු කර තිබෙනවා. මේ අතර ඔක්ටේන් 95 යූරෝ 4 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල වන්නේ රුපියල් 385ක්. එසේම ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 වර්ගයේ ලීටරයක් රුපියල්…
සුඩාන හමුදාව සටන් විරාම සාකච්ඡා සඳහා සාහභාගී වීම අත්හිටුවීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙම සටන් විරාම පිළිබඳ සාකච්ඡාව ආර්.එස්.එෆ් කණ්ඩාම සමග සෞදි අරාබියේ වරාය නගරයක් වන ජෙඩා හීදී සිදු කිරීමටයි නියමිතව තිබුණේ. සුඩාන හමුදාව සහ ආර්.එස්.එෆ් කණ්ඩාම අතර මැයි මාසයේ සටන් විරාම සාකච්ඡා කිරීම් ආරම්භ වූ අතර, අවස්ථා දෙකකදී මෙම කණ්ඩායම් සටන් විරාම පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබුණා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත් කිරීම වෙනුවෙන් රජය පසුගිය මාස 09ක කාලය තුළ ගෙන ඇති පියවර පිළිබද ජනාධිපතිවරයා මෙහිදී ජනතාව දැනුවත් කරනු ඇති. ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ රාත්‍රි 08ට ජනාධිපතිවරයා විසින් සිය විශේෂ ප්‍රකාශය සිදුකරන බවයි. රජයේ ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ද ජනාධිතිවරයා අදහස් දැක්වීමට නියමිතයි. එමෙන්ම රටේ ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සදහා වන මෙහෙයුම් යෝජනාවලිය ද ජනාධිපතිවරයා සිය විශේෂ ප්‍රකාශ මඟින් රට හමුවේ තබනු ඇති.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222