- ආණ්ඩුව නිකන් පාන්ඩුව වගේ
- පොට්ට අමිල අල්ලයි
- තියුණු ආයුධයකින් පහරදී තරුණයෙක් ඝාතනය කරයි
- ගසක එල්ලෙමින් තිබූ කාන්තා මළ සිරුරක් සොයාගැනේ
- තලාව ප්‍රාදේශිය සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රීවරු පාර දෙපස ගස් කපයි
- කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
- ගල් කොරියකින් පහළට වැටී තුවාල වූ කඳුකර කොටියා මුදාගැනේ
- සතියක් තුල සහල් වැටලීම් 70 ක්
Author: VNews
කොලරාඩෝ හි පැවති ඇමරිකානු ගුවන් හමුදා ඇකඩමියේ උපාධි ප්රදානෝත්සවය අතරතුර ජනාධිපති ජෝ බයිඩ්න් ඇද වැටී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වේදිකාවේ සවිකර තිබූ තාක්ෂණික උපකරණ රඳවනයක පය පැටලීමෙන් ඔහු මෙලෙස ඇද වැටී ඇති බවයි. එහිදී ගුවන් හමුදා නිලධාරියෙකු සහ ඔහුගේ ආරක්ෂකයින් දෙදෙනෙකු ඇමරිකානු ජනාධිපතිවරයාට නැගී සිටීමට සහය වී ඇති අතර සිද්ධියෙන් ඔහුට කිසිදු හානියක් සිදුවී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ. 80 හැවිරිදි වියේ පසුවන ඇමරිකාවේ වයස්ගතම ජනාධිපතිවරයා වන ජෝ බයිඩ්න් පැය එකහමාරක් පුරා ශිෂ්‍ය භටයින් 921 දෙනෙකුට අතට අත දෙමින් වේදිකාවේ සිටගෙන සිට ඇති බවයි අදාළ වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.
පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS SHAHJAHAN’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (02) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරුණා. මෙලෙස කොළඹ වරායට සේන්දු වූ ෆ්රිගේට් වර්ගයේ යුද නෞකාවක් වන ‘PNS SHAHJAHAN’ නෞකාව, දිගින් මීටර් 134.1 ක් හා නැව් මුළුව 169 ක ගෙන් සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් ADNAN LAGHARI TI කටයුතු කරනු ලබයි. නෞකාවේ අණදෙන නිලධාරි සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා අතර නිල හමුවක් අද දින (02) බටහිර නාවික විධාන මූලස්ථානයේදී සිදු කෙරුණි. ‘PNS SHAHJAHAN’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල එහි නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන වැඩසටහන් සඳහා සහභාගීවීමට…
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව ත්‍රිකුණාමලය, මොල්ලිපොතාන ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ ග්‍රෑමයකට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු දින (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරුණා. නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගෝකණ්ණ ආයතනය සහ ශ්‍රී ලංකා නාවික නෞකා පැරකුම්බා යන ආයතනයන් ත්‍රිකුණාමලය, පොලීසිය හා එක්ව 01 දින ත්‍රිකුණාමලය, මොල්ලිපොතාන ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, සැකකටයුතු පුද්ගලයෙකු පරීක්ෂාවට ලක්කරන ලදී. එහිදී, එම පුද්ගලයා විසින් අලෙවි කිරීම සඳහා රැගෙන යමින් තිබූ කේරළ ගංජා කිලෝ 01 ග්‍රෑම් 90 ක පමණ ප්‍රමාණයක් සමඟ එම සැකකරු (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරුණා. අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 53 ක් වන තඹලගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු සතුව තිබූ කේරළ ගංජා කිලෝ 01 ග්‍රෑම් 90 ක…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළියට පැමිණි නිල සංචාරයේ පැය භාගයක් හෝ බිම් මට්ටමේ ගොවියන්ට සහ ව්‍යාපාරිකයන්ට මුහුණදීමට සිදුවුන ප්‍රශ්න පිලිබදව සාකච්ඡා කිරිමට කෙටි වේලාවක් ලබා දෙන ලෙස සමස්ත ලංකා ඒකාබද්ධ ආර්ථික මධ්‍යස්ථානය එකමුතුවේ සභාපති අරුණ ශාන්ත මහතා ඉල්ලා සිටියා. අරුණ ශාන්ත මේ බව කියා සිටියේ ඊයේ (02) මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් සිදු කරමිණි වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ බිම් මට්ටමේ ගොවියන් සහ සියලු වෙළඳාමේ නියැලී සිටින පුද්ගලයන් වර්තමානය වන විට බොහෝ දුෂ්කරතාවයන් මැද තමන්ගේ ගොවිතැන් කටයුතු හා ව්‍යාපාරික කටයුතු සිදුකරගෙන යෑමට සිදු වි ඇති බවත් පොහොර මිල , බීජ මිල , සහ සේවක පඩි යනාදිය අහස උසට මිල අධික…
ආර්ථික මාර්ග සිතියම ක්‍රියාවට නැංවීමේදී සමාජයේ සියලු පාර්ශවයන්ගේ අදහස්වලින් එය පෝෂණය කර ගැනීම ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මේ අනුව ඉදිරියේදී අදියරයන් වශයෙන් සිය ආර්ථික ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යන බවටයි ජනාධිපතිවරයා ඊයේ දින විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ. මේ අතර ඉදිරියේදී ගනු ලබන තීන්දු තීරණ ඉතාමත් දුෂ්කර විය හැකි බවද ජනාධිපතිවරයා සිය විශේෂ ප්රකාශයේදී වැඩිදුරටත් කියා සිටියා.
නවෝත්පාදන ඉදිරියට ගෙන යාමට සහ තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සදහා අභ්‍යවකාශයේ ඵලදායි පාලනයක් අවශ්‍ය බවට එක්සත් ජාතින්ගේ සංවිධානය අවධාරණය කරනවා. ඒ සම්බන්ධයෙන් නව ප්‍රතිපත්ති සංග්‍රහය එළිදක්වමිනුයි එම සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් කියා සිටියේ. අභ්‍යවකාශය සුරැකීමේ පොදු අවශ්‍යතාවය මූලික කරගනිමින් ජගත් සංවිධානයේ මහලේකම්වරයා මේ බව ප්‍රකාශ කළා. 2013 වසරේදී චන්ද්‍රිකා 210 ක් පමණ දියත් කර තිබුණ ද පසුගිය වසරේදී චන්ද්‍රිකා 2470 කට අධික සංඛ්‍යාවක් දක්වා වර්ධනය වී තිබෙනවා. මේ අනුව අනතුරු, විවිධ ගැටීම් සහ සුන්බුන් ඇති වීමේ අවධානමක් ද පවතින බවටයි ජගත් මහලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ.
සැලසුම් කළ පරිදි කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් අවසන් නොමැති වීම හේතුවෙන් එම කටයුතු එළඹෙන ජූලි මස 31 වන දා දක්වා දීර්ඝ කිරීමට මාර්ගස්ථ සංවර්ධන අධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ හේතුවෙන් අද දින සිට ලබන මස 31 වන දා දක්වා කාලසීමාව තුළ තවදුරටත් රථවාහන ගමනා ගමනය සීමා කිරීම හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය ඉල්ලා සිටින්නේ. ඒ සදහා විකල්ප මාර්ග ද පොලීසිය විසින් නම් කර තිබෙනවා. මේ අනුව හොරණ දෙස සිට කොළඹට ගමන් කිරීමේදී 120 මාර්ගයේ පැපිලියාන මංසන්ධියෙන් දකුණට හැරී ගම්සභා හන්දිය ඔස්සේ හයිලෙවල් මාර්ගය ඔස්සේත්, පැපිලියාන මංසන්ධියෙන් හැරී නැදිමාල හරහා දෙහිවලට ගමන් කර ගාලු පාර ඔස්සේත් කොළඹට පැමිණිය හැකි…
ඩෙංගු රෝගීන් වාර්තා වීම අඛණ්ඩව ඉහල යමින් ඇති දිස්ත්‍රික්කවල මදුරු මර්දන මෙහෙයුම් දැඩි කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය පියවර ගෙන තිබෙනවා. එහි අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සඳහන් කළේ එම ප්‍රදේශ වෙත විශේෂ කණ්ඩායම් පිටත් කර හැරීමට ද කටයුතු කරන බවයි. පසුගිය සති කිහිපයේදී දිවයින පුරා ක්‍රියාත්මක කළ මදුරු මර්දදනවැඩසටහන් හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට ඩෙංගු රෝගීන් වාර්තා වීම පහළ ගොස් ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ. වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 39,409 දෙනෙකු බවද සදහන් වනවා.
ජංගම දුරකථන, ශීතකරණ, විදුලි පංකා, පලතුරු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා පනවා තිබූ නීති ලිහිල් කීරිම හේතුවෙන් ඉදිරියේදී ජංගම දුරකථන වල මිල අඩුවෙනු ඇති බව වාර්තා වනවා. මහ බැංකුව විසින් භාණ්ඩ වර්ග 843ක් ආනයනය කිරීමේ දී පනවා තිබූ මුදල් ආන්තික අවශ්‍යතාව හෙවත් එම භාණ්ඩ වල සම්පූර්ණ වටිනාකමට මුදල් තැන්පතු සීමාව ඊයේ දිනයේ සිට ඉවත් කරන බව නිවේදනය කළා. ඒ අනුව මෙලෙස මිල ගණන් අඩු වන බවටයි වාර්තා වන්නේ. පසුගිය කාලය තුළ පැවති උද්දමනයත් ජංගම දුරකථන ආනයනය සීමා කිරීමත් මත ජංගම දුරකථන ඇතුළු භාණ්ඩ විශාල ප්‍රමාණයක මිල ඉතා සීග්‍රයෙන් ඉහල ගියා.
පාසල් දරුවන් පැහැර ගැනීමට උත්සහ කරන බවට සමාජ මාධ්‍ය තුළ පළවන පුවත් පිළිබඳ විමර්ශනයක් සිදුකරන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා පැවසුවේ පසුගිය කාලය තුළ පළවු එවැනි වාර්තා අසත්‍ය බවයි. පොලිසියට ලැබී ඇති පැමිණිලි විමර්ශනයේදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයේ කිසිදු තොරතුරක් මෙතෙක් ලැබී නොමැති බවයි නිහාල් තල්දුව මහතා සදහන් කළේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222