Author: VNews

ලිට්රෝ ගෑස් මිල අඩු කිරීමත් සමඟ ලාෆ් ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුවේද යන්න සම්බන්ධයෙන් විධායක මණ්ඩලය අද දින රැස් වී සාකච්ඡා කිරීමට නියමිත බව එම සමාගම පවසනවා. කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල අද සිට රුපියල් 452 කින් අඩුව වන අතර ඒ අනුව එහි නව මිල සටහන් වනුයේ රුපියල් 3186 ක් ලෙසයි. එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 180 කින් අඩු වන අතර එහි නව මිල රුපියල් 1281 ක් වනවා. කිලෝග්‍රෑම් 2.3 ක ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 83 කින් අඩු කිරීමටයි ලිට්රෝ ගෑස් සමාගම කටයුතු කරනු ලැබුවේ. ගෑස් මිල පහත දැමුවද බේකරි නිෂ්පාදනවල මිල ගණන්වල කිසිඳු වෙනසක් සිදු නොවන…

තව කියවන්​න

දෙමළ ජාතික ජනතා පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා සහ පොලිස් නිලධාරීන් අතර යාපනයේදී ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වාර්තාවක් කැඳවා තිබෙනවා. එම සිදුවීම සම්බන්ධයෙන් අද අධිකරණයට කරුණු වාර්තා කරන බවයි මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ . ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, මේ සිදුවීමට මුහුණ දුන්නේ යාපනය වඩමච්චි ප්‍රදේශයේ දී පසුගිය සිකුරාදා ජනතාව හමුවෙමින් සිටින අවස්ථාවකදීයි . මන්ත්‍රීවරයා කියා සිටියේ එහිදී පොලිස් විමර්ශන ඒකකයේ සාමාජිකයින් ලෙස හඳුන්වා ගත් පිරිසක් එම ස්ථානයට පැමිණ තමන්ට තර්ජනය කර පහර දුන් බවයි.

තව කියවන්​න

බත්තරමුල්ල සමුපකාර රක්ෂණ සංස්ථාවේ අභිනව සභාපතිවරයා ලෙස වැඩ භාරගැනීමට යමින් සිටි දර්ශන සමරවික්‍රම නැමැති අයෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා . අප වාර්තාකරු පැවසුවේ පාදුක්ක, වල්පිට ගැමුණු මාවතේ දී අද උදෑසන 7.35 ට පමණ එම වෙඩි තැබීම සිදුකර ඇති බවයි . වෙඩි වැදීමෙන් තුවාල ලැබු 62 හැවිරිදි පුද්ගලයා මේ වනවිට හෝමාගම මුලික රෝහලට ඇතුළත් කර ඇති බව මීගොඩ පොලීසිය පවසනවා . වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා සිය නිවසේ සිට වල්පිට ගැමුණු මාවතට සිය මෝටර් රථය ඇතුළු කිරීමට සූදානම් වූ අවස්ථාවේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ගිනි අවියකින් වෙඩි ප්‍රහාර හතරක් එල්ල කර ඇති බව සිදු කළ මූලික විමර්ශනයේදී අනාවරණය වූ…

තව කියවන්​න

පවතින වැසි සහිත තත්ත්වයත් සමග අද (05) පස්වරුව වන තෙක් බලපැවැත්වෙන පරිදි කළුතර දිස්ත්‍රික්කයට නාය යෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ බුලත්සිංහල සහ පාලින්දනුවරට මෙලෙස අවදානම් නිවේදන නිකුත් කළ බවයි. මේ අතර  නිරිත දිග මෝසම ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා…

තව කියවන්​න

සංචාරකයින් අතර සුප්‍රකට කෝඩේලියා කෲස් ඉන්දිය මගී ප්‍රවාහන නෞකාව පළමු සංචාරය සදහා අද (05) පස්වරුවේ චෙන්නායි වරායෙන් පිටත්වීමට නියමිතයි. එම නෞකාව අනිද්දා මෙරටට ළඟාවනු ඇති. කෝඩේලියා කෲස් නෞකාව චෙන්නායි සිට හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ යාපනය වෙත සංචාරකයන් රැගෙන ඒමට නියමිතයි. තට්ටු 11 කින් යුත් කෝඩේලියා කෲස් නෞකාවේ අමුත්තන් 1800කට පහසුකම් සැලසිය හැකි අතර මෙම නෞකාව කාමර 796 කින් සමන්විත බව සඳහන්.

තව කියවන්​න

ඊශ්‍රායලයේ සාත්තු සේවයේ රැකියා සඳහා 12 දෙනෙකුගෙන් යුත් තවත් කණ්ඩායමක් අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණ අධිකාරිය අතර 2000 වසරේ දී ඇති කරගෙන ඇති ගිවිසුමක් අනුව ශ්‍රී ලාංකිකයින්ට මෙලෙස ඊශ්‍රායලයේ රැකියා අවස්ථා උදාවනවා. 2022 වසරේ සිට මේ දක්වා කණ්ඩායම් 58ක ශ්‍රී ලාංකිකයින් 362 දෙනෙකු ඊශ්‍රායලයේ සාත්තු සේවය සදහා පිටත්ව ගොස් තිබෙනවා. ඒ, අනුව අද දිවයිනෙන් පිටත්ව වන්නේ 59 වන කණ්ඩායමයි.ච මේ අතර ඊශ්‍රායලයේ සාත්තු සේවය සදහා පිටත්ව යා හැක්කේ විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් පමණක් බවත්, පිටස්තර පුද්ගයින් මඟින් එම අවස්ථාවන් උදාකර ගැනීම සදහා උත්සාහ නොකරන මෙන් ද රජය මහජනතාවගෙන් ඉල්ලා…

තව කියවන්​න

මත්ද්‍රව්‍ය උවදුර පාලනය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීමට අවධානය යොමු වී ඇතැයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය පවසනවා . ඒ පිළිබඳ අවධානය යොමු වී ඇත්තේ, පසුගියදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදියි . ඒ සඳහා වන වූ යෝජනාව ලබන 08 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා . රට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ ඉදිරිපත් කිරීමට එම විශේෂ කාරක සභාව පත්කෙරෙනු ඇති.

තව කියවන්​න

ඕස්ටේ්‍රලියාවෙන් බිහි වූ විශිෂ්ටතම ආරම්භක පිතිකරුවෙකු ලෙස හඳුන්වා දිය හැකි ඩේවිඩ් වෝනර් ලබන වසරේ ජනවාරි මාසයේ දී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට බලාපොරොත්තු වන බව හෙළිදරව් කර තිබෙනවා. 2024 වසරේදී ඕස්ටේ‍රලියාව සහ පාකිස්තානය අතර ඕස්ටේ්‍රලියා සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගයෙන් පසුව තමන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට බලාපොරොත්තු වන බවයි ඩේවිඩ් වෝනර් විසින් සඳහන් කරන්නේ. එමෙන්ම සිය ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතයේ නිමාව 2024 විස්සයි විස්ස ලෝක කුසලානය සමඟින් සනිටුහන් වනු ඇති බවද වෝනර් විසින් සඳහන් කරනවා.

තව කියවන්​න

පකිස්තානයේ කයිබර් පක්තුන්ක්වා ප්‍රදේශයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.විදෙස් මාධ්‍ය පැවසුවේ කුඩා ලොරි රථයක් ඉලක්ක කර දුරස්ථ පාලකයක ආධාරයෙන් බෝම්බය පුපුරවා හැර ඇති බවයි. ප්‍රහාරයෙන් ලොරි රථයේ රියදුරු සහ තවත් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ප්‍රහාරයට ඉලක්ක වී ඇත්තේ බජාවුර් ප්‍රදේශයේ ආරක්ෂක මුරපොලකට වැලි රැගෙන යමින් සිටි පිරිසක් බවයි වාර්තා වන්නේ. මෙම සිදුවීම වාර්තා වන්නේ පකිස්තානයේ ඩේරා ඉස්මයිල් ඛාන් දිස්ත්‍රික්කයේ චෙහ්කාන් ප්‍රදේශයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් සතියකට පසුවයි. එම ප්‍රහාරයෙ පකිස්තාන ආරක්ෂක අංශ සාමාජිකයින් 22 දෙදෙනෙකු තුවාල ලබා තිබුණා.

තව කියවන්​න

චීනයේ සිනොපෙක් සමාගම විසින් මෙරට ඉන්ධන සැපයුම් කටයුතු ආරම්භ කළ පසු ඉන්ධන කෝටා ක්‍රමය අහෝසි කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා. ඒ, අනුව කිසිදු ආකාරයකට ඉන්ධන හිඟයක් ඇති නොවන බවයි එම අමාත්‍යාංශය වැඩි දුරටත් පැවසුවේ. මෙරට ඉන්ධන වෙළදපොළට පිවිසීමට චීනයේ සිනොපෙක් සමාගම විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමඟ ගිවිසුම් ගතවීම මැයි මස 22 වනදා සිදු කෙරුණා.

තව කියවන්​න