Author: VNews

නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය යටතේ පාලනය වන ලක්ෂපාන ප්‍රාදේශිය රෝහල වෛද්‍යවරුන් නොමැතිව වසා දැමිමේ අවධානමකට ලක් වි ඇති බව එම රෝහලෙන් ප්‍රතිකාර ලබාගන්නා රෝගි ජනතාව පවසනවා. ග්‍රාමසේවා වසම් හයක් පමණ ආවරණය වන ලක්ෂපාන ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා ඇතුළු වෛද්‍යවරුන් තිදෙනෙකු සේවය සඳහා සිටි බවත්, මේ වන විට ඉන් වෛද්‍යවරුන් දෙදෙනෙකු ස්ථාන මාරුවිම් ලබා ගොස් ඇති බවයි ලක්ෂපාන ප්‍රදේශවාසින් කියා සිටියේ. තවද ලක්ෂපාන රෝහල සියළුම පහසුකම් සහිත රෝහලක් බවත්, රෝහලේ 30 දෙනෙකුට ආසන්න කාර්ය මණ්ඩලයක් සිටින බවත්, එම රෝහලට ගිලන් රථයක්ද තිබෙන බවයි ප්‍රදේශවාසින් කියා සිටියේ. ලක්ෂපාන විදුලි බලාගාර සංකිර්ණය ආසන්නයේ පිහිටි ලක්ෂපාන ප්‍රාදේශිය රෝහලේ බාහිර රෝගි අංශයෙන්…

තව කියවන්​න

කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද දින පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වුණා. සිවිල් ගුවන් සේවා පනත යටතේ වන නියෝග සහ වෙළද නැව් පනත යටතේ නියෝග 13 ක් අද (06)  දින විවාදයට ගැනීමට නියමිතයි. හෙට දිනයේදී විපක්ෂය විසින් ගෙන එනු ලබන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඇතුළු ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය මුහුණ පාන ගැටලු පිළිබදව ද සභාව කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. එළඹෙන 8 වන දා ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු සංශෝධන පනත් කෙටුම්පත, වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ නියෝග, ආගමික හා විගාමික පනත යටතේ නියෝග විවාද කිරීමට නියමිතයි. ඉන් අනතුරුව විවිධ ව්‍යවස්ථාපිත ආයතනයන් හි වාර්ෂික වාර්තා සම්බන්ධ යෝජනා 7 ක් විවාදයකින් තොරව…

තව කියවන්​න

ඇෆ්ගනිස්ථාන කාන්තාවන් මානසික සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බව වාර්තා වනවා. ඇෆ්ගනිස්ථානය මුහුණ දී සිටින ආර්ථික, සමාජීය හා දේශපාලන අස්ථාවරත්වය මෙන්ම තලෙයිබාන් සංවිධානය කාන්තාවන්ට පනවා ඇති දැඩි නීතිරිතී හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව සදහන්. එරට විශ්වවිද්‍යාල වල අධ්‍යාපනය හදාරන බොහෝ සිසුවියන් සියදිවි නසා ගැනීමට උත්සහ කර ඇති බවයි ආචාර්යවරුන් සදහන් කරන්නේ. එමෙන්ම තලෙයිබාන් සංවිධානය, කාන්තාවන්ට උසස් අධ්‍යාපනය හැදැරීම තහනම් කිරීම ඔවුන්ගේ ජිවිත මෙම අර්බුදකාරී තත්ත්වයට ඇද දැමීමට හේතුවී තිබෙනවා.

තව කියවන්​න

දකුණු ඉන්දියාවේ සිට කන්කසන්තුරේ දක්වා ප්‍රවාහන නැව් සේවාවක් ජූනි මස 10 වන දා සිට ආරම්භ කිරීමට හේලිස් සමාගමට අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව එම සමාගම භාණ්ඩ ප්‍රවාහන කටයුතුවල නිරත වන අතර තවත් සමාගම් 4 ක් ඊට අවසරය ඉල්ලා ඇති බවටයි වාර්තා වන්නේ. මෙම නැව් සේවාව ආරම්භ කිරීමට කටයුතු කර තිබුණේ මැයි මස 15 වන දා සිටයි. ඉන්දීය පාර්ශවයන් විසින් සිදු කරන ලද ඉල්ලීමකට අනුවයි අදාළ නැව් සේවාව ආරම්භ කිරීම කල්දමා ඇත්තේ.

තව කියවන්​න

වසරේ ගත වූ කාලය තුළ වෙඩි තැබීමේ සිද්ධීන් 27 ක් වාර්තා වී ඇති බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා කියා සිටියේ එම වෙඩි තැබීම්වලින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවයි. ආසන්නතම සිදුවීම ඊයේ දින මීගොඩ වල්පිට ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එහිදි සමූපකාර රක්ෂණ සමාගමේ නව සභාපතිවරයා තුවාල ලැබුවා. මෙලෙස වෙඩි තැබීම් සිද්ධීන් පිළිබදව සිදු කරන ලද විමර්ශන කඩිනම් කර ඇති බවටයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

තව කියවන්​න

උතුරු කොළඹ වරායේ සංවර්ධන කටයුතු සඳහා එක්වන ලෙසට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සිංගප්පූරු ආයෝජකයින්ගෙන් ඉල්ලීමක් කරනවා. ඒ, සිංගප්පූරු ප්‍රධාන වරායේ මෙහෙයුම් සහ සංවර්ධන කටයුතු නිරීක්ෂණය කිරීමේ අවස්ථාවකට පසුගියදා එක්වෙමින්. එහිදී සිංගප්පූරු වරායේ මෙහෙයුම් සහ සංවර්ධන කටයුතු සිදු කරනු ලබන ජාත්‍යන්තර පෞද්ගලික සමාගමේ ප්‍රධානීන් හමු වී අමාත්‍යවරයා සාකච්ඡාවක ද නිරත වී තිබෙනවා.

තව කියවන්​න

පලාත් පාලන මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා එළඹෙන 8 වනදා උද්ඝෝෂණයක් පැවත් වීමට සැලසුම් කර ඇති බව ජාතික ජන බලවේගයේ දේශපාලන මණ්ඩල සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා . ඔහු මේ බව කියා සිටියේ එම පක්ෂ මුලස්තාන්යේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් . රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිටදී මෙම විරෝධතාවය පැවැත්වෙන බවද ඔහු මෙහිදී ප්‍රකාශ කළා .

තව කියවන්​න

ජනමතය පිලිබදව ජනාධිපතිවරයා පුර්ව නිගමනයකට පැමිණීමේ අවශ්‍යතාවයක් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා . ඔහු මේ බව ප්‍රකාශ කලේ කොළඹ විපක්ෂනායක කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් . ජනමතය පිළිබද විමසා බැලීම සදහා වහාම ඕනෑම මැතිවරණයක් පවත්වන ලෙසද මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියා .

තව කියවන්​න

රාජ්‍ය ඇමත ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමේ තීන්දුව අද (06) ලබා දීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද මෙම නඩුව කැදවීමට නියමිතයි. ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියට එරෙහිව සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණා. පෙත්සම්කරු කියා තිබුනේ ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇය මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි. ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරිය මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම නීති විරෝධී යැයි තීන්දු…

තව කියවන්​න

කැනඩාවේ ඇති වූ ලැව් ගින්නක් හේතුවෙන් මේ වන විට හෙක්ටරයාර මිලියන 3ට වැඩි ප්‍රමාණයක් දැවී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ හේතුවෙන් එම ලැව් ගින්න ඇති වූ ප්‍රදේශයේ ජීවත් වූ පුද්ගලයන් එක් ලක්ෂ 20,000ක් ඔවුන්ගේ නිවෙස් වලින් බලහත්කාරයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් වන්නේ. මේ වන විට කැනඩාවේ සක්‍රීය ලැව්ගින් 413ක් පවතින අතරල එයින් 249ක් පාලනය කල නොහැකි මට්ටමක පවතින බවද වාර්තා වී තිබෙනවා.

තව කියවන්​න