- ආණ්ඩුව නිකන් පාන්ඩුව වගේ
- පොට්ට අමිල අල්ලයි
- තියුණු ආයුධයකින් පහරදී තරුණයෙක් ඝාතනය කරයි
- ගසක එල්ලෙමින් තිබූ කාන්තා මළ සිරුරක් සොයාගැනේ
- තලාව ප්‍රාදේශිය සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රීවරු පාර දෙපස ගස් කපයි
- කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
- ගල් කොරියකින් පහළට වැටී තුවාල වූ කඳුකර කොටියා මුදාගැනේ
- සතියක් තුල සහල් වැටලීම් 70 ක්
Author: VNews
ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත් කෙටුම්පත දෙවනවර කියවීම, 2021 අංක 30 දරණ විසර්ජන පනත යටතේ යෝජනා සම්මතයන් පිළිබඳ විවාදය සිඳුවනවා. ඉන් අනතුරුව විවිධ ව්‍යවස්ථාපිත යෝජනා සහ වාර්ෂික වාර්තා සම්බන්ධ යෝජනා 7 ක් අනුමත කිරීම ද සිදු කෙරෙනු ඇති. මෙහිදි සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විසින් පොලී අනුපාත සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගෙන් විමසා සිටියා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ මුදල් කාරක සභාවේ සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සම්බන්ධයෙන් සිදු වූ කටයුත්ත පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග කඩ කරමින් සිදු වූ බවටයි. මේ පිළිබදව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද…
කැනඩාවේ ලැව් ගිනි හේතුවෙන් පිටවන දුමාරයෙන් ආරක්ෂා වීම සදහා එරට ජනතාවට මුව ආවරණ පළඳින්නැයි ඉල්ලීමක් කර තිබෙනවා. උතුරු ඇමෙරිකාවේ බොහෝ පිරිසක් ලැව් ගිනි හේතුවෙන් දැඩි අසීරුතාවකට පත්වීමට සිදු ව ඇති බව සදහන්. එන් නයින්ටි ෆයිව් වර්ගයේ මුව ආවරණ පළඳින්නැයි කැනඩා සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇති බවය ද වාර්තා වනවා. නිව්යෝර්ක් නගරයට ද ලැව් ගිනිවලින් පිටවන දුමාරය හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.
පොලිස් කොස්තාපල්වරියක විවාහ කරගන්නා බවට පොරොන්දු වී ඇයගෙන් රුපියල් ලක්ෂයක මුදලක් වංචා කළ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව පොලීීීීසිය ප්‍රකාශ කළා. පොලිස් කොස්තාපල්වරිය 2019 වසරේ නෙදුන්කේනි පොලීසියේ සේවය කරමින් සිටින කාලයේ මෙම පොලිස් කොස්තාපල්වරයා සමග පෙම් සබඳතාවක් පවත්වා ඇය විවාහ කරගන්නා බවට පොරොන්දු වී මෙම මුදල ලබාගෙන ඇති අතර සැකකාර පොලිස් කොස්තාපල්වරයා පදවිය පොලිසියේ රාජකාරි කරන විවාහක පුද්ගලයෙකි. සැකකරු එම මුදල ලබාගෙන කොස්තාපල්වරිය මගහැර මුදල වංචා කළ බවට කොස්තාපල්වරිය විසින් වව්නියාව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා සැකකාර කොස්තාපල් අත්අඩංගුවට ගත් බව පොලීීීීසිය ප්‍රකාශ කළා.
මෙම මස අවසන් වන තෙක් එළවළු මිල ඉහළ අගයක පවතිනු ඇති බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පුහුණු කිරීමේ ආයතනය පවසනවා. මේ අතර එළවළු මිල ඉහළ යාමත් සමග පාරිභෝගික ජනතාව ඒ ආශ්රිත විකල්ප වෙත යොමු වී ඇති අතර ඒ අනුව පසුගිය කාලසීමාවේදී වෙළදපොල තුළ මඤ්ඤොක්කා සහ කොස් සදහා ඉහළ ඉල්ලුමක් පැවති බටයි වෙළඳුන් පවසන්නේ. මේ වන විට කොස් මදුලු කිලෝවක මිල ද රුපියල් 200 ත් 300 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් තිබීම හේතුවෙන් ජනතාව අපහසුතාවයට පත්ව ඇති බව සදහන්. මේ වන විට බෝංචි, කැරට්, ලීක්ස්, බීට්රූට්, නෝකෝල් සහ කරවිල ආදි එළවළු කිලෝවක තොග මිල රුපියල් 250 සිට රුපියල් 500…
බොරැල්ල, වෙස්ටර්න් රෝහලේ සිදු කරන වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් තාවකාලිකව අත්හිටුවන්නැයි ඉල්ලා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විසින් සිදුකළ ඉල්ලීම ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ඊයේ අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. වෙස්ටර්න් රෝහල, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විසින් කළ ඉල්ලීම බල රහිත කරන්නැයි අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. එම රිට් පෙත්සමට අදාළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය මෙලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා. මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කරනු ලැබුවේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් ඇතුළු විනිසුරු මඬුල්ලක් විසින්. පෙත්සම පිළිබඳව වැඩිදුර කරුණු සලකා බැලීම ජුනි 14 වැනිදා දක්වා කල් තැබීමට අධ්කරණය විසින් තීරණය කරනු ලැබුවා.
බැලන් ඩි ඔර් සම්මානයෙන් පිදුම් ලද සුපිරි පාපන්දු ක්‍රීඩක කරීම් බෙන්සිමා සෞදි අරාබියේ අල්-ඉටිහාඩ් පාපන්දු සමාජය වෙත යාමට තීරණය කර තිබෙනවා. 35 හැවිරිදි බෙන්සිමා මේ වන විට ශූරතා 25ක් දිනා ගෙන තිබෙනවා. රියාල් මැඩ්රිඩ් කණ්ඩායම සමඟින් ශූරතා රැසක් ජයග්‍රහණය කළ ඔහු මේ වසරේ දී රියාල් මැඩ්රිඩ් හැර යන බවටයි සඳහන් කර තිබුණේ. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හට පමණක් දෙවැනි වෙමින් රියාල් මැඩ්රිඩ් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ගෝල ලබා ගත් ක්‍රීඩකයින් අතර ඔහු දෙවැනි තැන පසුවන්නේ ගෝල 354ක් ලබා ගනිමින්.
ශ්‍රී ලංකාවේ ඇති සියලුම රාජ්‍ය ආයතනවල දත්ත රැස් කිරීම හා නිරීක්ෂණයට පරිගණක යෙදුම් නිර්මාණය කිරීම සඳහා ඩිජිටල් ප්‍රවර්ධන නියෝජිත ආයතනයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මෙතෙක් රාජ්‍ය ආයතන සඳහා පරිගණක යෙදුම් නිර්මාණය කිරීම පෞද්ගලික ආයතන මඟින් සිදුවූ අතර ඉදිරියේ දී එම කටයුතු ඩිජිටල් ප්‍රවර්ධන නියෝජිත ආයතනය මගින් පමණක් සිදු කිරීමට පියවර ගන්නා බවයි ජනාධිපතිවරයා සදහන් කළේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරුන් සමඟ ඊයේ පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 01හි පැවති සාකච්ඡාවේදීයි.
ඉන්දියාව සහඕස්ට්රේලියාව අතර පැවැත්වෙන ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගයේ දෙවන දිනය අදයි. පළමු දිනය සඳහා තරගය නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි ඕස්ට්‍රේලියාවට පන්දුවාර 85ක් අවසානයේ කඩුළු 03ක් දැවී ලකුණු 327ක් රැස් කරගෙන සිටියා. ට්‍රැවිස් හෙඩ් ලකුණු 146ක් සහ ස්ටීවන් ස්මිත් ලකුණු 95ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටිනවා. පන්දු යැවීමේදී මොහොමඩ් ෂමි, මොහොමඩ් සිරාජ් සහ ශාදුල් ටාකූර් එක් කඩුල්ල බැගින් බිඳ හෙලීමට සමත් වුණා.
දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේත්, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
කැනඩාවේ හට ගෙන තිබෙන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 20,000ක් නිවෙස් වලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එමෙන්ම ලැව් ගිනි ශිීඝ්‍රයෙන් පැතිර යන අතර, ඒ අනුව තවත් පුද්ගලයන් 4000ක් කඩිනමින් ඉවත් කිරීමට පියවර ගන්නා බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ. මේ අතර මෙම ලැව් ගිනි හේතුවෙන් උතුරු ඇමරිකාවටද බලපෑම් එල්ල වී තිබෙනවා. ඒ අනුව ලැව් ගිනි හේතුවෙන් හටගෙන තිබෙන දුමාරය නිසා උතුරු ඇමරිකාවේ වාතය අපිරිසිදු වී ඇත අතර, ඒ හේතුවෙන් මිලියන ගණන් ජනතාව පීඩාවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222