Author: VNews

ලබන පාසල් වාරය 12 වැනිදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා . අමාත්‍යවරයා සඳහන් කළේ ළමුන්ට බෙදා දීම සඳහා මේ වනවිට පෙළපොත් සහ නිල ඇඳුම් රෙදි පාසල් වලට ලබා දී ඇති බවයි. නමුත් ඇනවුම් කළ පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි ලැබී නොමැති පාසල්වලට ඒ පිළිබඳ ලබන 12 වනදායින් පසු දැනුම් දිය හැකි බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටිනවා.

තව කියවන්​න

සංහිඳියාව සඳහා වන ක්‍රියාකාරි සැලැස්ම ක්‍රියාවට නැංවීමට අදාළ නීති කෙටුම්පත් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියේ සංහිදියාව සදහා වන ක්‍රියාකාරි සැලැස්ම පිළිබදව සාකච්ඡා කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන් බවයි. ඒ අනුව නීති සම්පාදනය , ආයතනික ක්‍රියාකාරකම්, ඉඩම් ගැටළු, සිරකරුවන් නිදහස් කිරීම, බලය විමධ්‍යගත කිරීම යන ප්‍රධාන ක්ෂේත්‍ර 5 ක් යටතේ ක්‍රියාත්මක කරන ලද වැඩසටහන්වල ප්‍රගතිය මේ තුළින් සමාලෝචනය කිරීමට නියමිතයි.

තව කියවන්​න

පොලිස් භාරයේ සිටියදී පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ විමර්ශනයකට අනුව සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 7 දෙනෙක්. එහිදී උප පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරු 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හික්කඩුව ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි වියේ පසුවූ නාරාහේන්පිට වෘත්තීය පුහුණු ආයතනයේ සේවය කළ නිලධාරියෙකු මෙලෙස පොලිස් භාරයට ගැනීමෙන් අනතුරුව අභිරහස් ලෙස මියගොස් තිබුනා. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

තව කියවන්​න

සිසුවියන්ට ලිංගික අතරව සිදු කිරීමේ චෝදනා එල්ල වී සිටින කළුතර උපකාරක පන්ති ගුරුවරයා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. කළුතර ප්‍රදේශයේ උපකාරක පන්තිවලට සහභාගි වූ සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එම ගුරුවරයාව අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජුනි 23 වන දා දක්වා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. මේ අතර කළුතර ලැඟුම් හලකදී 16 හැවිරිදි පාසල් සිසුවියක් අභිරහස් ලෙස මිය යෑමේ සිද්ධියේ එක් සැකකරුවෙකුට අද දින ඇප ලබා දී තිබෙනවා. සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරුගේ රියදුරාට මෙලෙස ඇප ලබා දී ඇති බවටයි වාර්තා වන්නේ. අනෙක් සැකකරුවන් තිදෙනා ජුනි මස 23 වන දා දක්වා…

තව කියවන්​න

කාන්තාවන්ගේ සම සුදුවීමට භාවිත කරන ක්‍රීම් සහ දියර වර්ගවල අනුමත සීමාව ඉක්මවා රසදිය අඩංගු බවට පර්යේෂණාගාර වාර්තාවකින් තහවුරු වී තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පිටකොටුව ප්‍රදේශයේ වෙළෙඳසැලක තිබූ ක්‍රීම් වර්ගයක් වැටලීමෙන් මේ පිළිබඳව අනාවරණය වී තිබේ. එම වැටලීමෙන් පාකිස්තානයෙන් ආනයනය කළ බවට සැක කෙරෙන වගකීමක් නොමැති නීතිවිරෝධි ලෙස ඇසුරුම් කර තිබුණු රූපලාවන්‍ය ආලේපන වර්ග රැසක් සොයාගෙන තිබෙන අතර එහිදී ආලේපන වර්ග 6ක සාම්පල ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනය වෙත ප්‍රමිතිය පරීක්ෂා කිරීමට යවා තිබුණා. එහිදී අනාවරණය වී ඇත්තේ අදාළ ආලේපන වර්ග තුළ ඉතා විශාල වශයෙන් රසදිය අඩංගුව ඇති බවයි. කෙසේවෙතත්, වෛද්‍යවරුන් පවසන්නේ රසදිය විශාල ප්‍රමාණයන්ගෙන් අඩංගු වන මෙවැනි රූපලාවන්‍ය ක්‍රීම්…

තව කියවන්​න

මාලදිවයින් දූපත්හි රෝපණය කිරීම සඳහා මාලදිවයින් දූපත්හි රෝපණය කිරීම සදහා පොල් පර්යේෂණ ආයතන නිෂ්පාදනය කළ ඉහළ ගුණත්වයෙන් යුතු දෙමුහුන් පොල් පැල 50000ක් එරට ධීවර, සමුද්‍ර සම්පත් සහ කෘෂිකර්ම අමාත්‍ය ආචාය හුසේන් රෂීඩ් හසන් මහතා විසින් කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගෙන් ඉල්ලා සිටියා. එසේ ඉල්ලා සිටියේ එම අමාත්‍යවරුන් දෙදෙනා පසුගියදා වැවිලි කර්මාන්ත අමාත්‍යංශ පරිශ්‍රයේදී විශේෂ සාකච්ඡාවට එක්වූ අවස්ථාවේදී. පොල් පර්යේෂණ ආයතනය හා පොල්වගා කිරීමේ මණ්ඩලය සමග සාකච්ඡා කොට කඩිනමින් ලබාදීමට අවශ්‍ය පහසුකම් සලසන බව වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා එහිදී සදහන් කළ අතර මෙරට තේ ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රය අභිබවා පොල් ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රය ඉදිරියට පැමිණීමේ වැඩි විභවයක් පවතින බවත්…

තව කියවන්​න

   අප්‍රිකාවේ ගිනි රාජ්‍යයට අයත් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර  ශ්‍රී ලංකාවට ඇතුළු වීමට තැත් කළ චීන ජාතිකයා , විෂය භාර අමාත්‍යවරයාගේ නියෝගය මත ඊයේ (08) දින සවස චීනය බලා පිටුවහල් කළ බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසුුුවා. මෙම චීන ජාතිකයා 06/08 දින සවස 05.35 ට චීනයේ ග්වැන්ෂෝ බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 884 දරන ගුවන් යානයෙන් එසේ පිටුවහල් කර ඇත.  ඔහු තමන් පැමිණි ඩුබායි වෙත තමා පමණක් ගමන් ගන්නා ගුවන් යානයකින්  යළි ආපසු යවන ලෙස ඉල්ලීමක් කර තිබුණි අතර මෙම චීන ජාතිකයා 06/08 දින සවස දෙඅතට මාංචු දමා , ඒවා පිටතට නොපෙනෙන සේ…

තව කියවන්​න

ඉංගිරිය ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ අනුශාසකත්ව‌‌යෙන් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය ඇතුළු සංස්කෘතික පුරාවිද්‍යා අංශ රැසක දායකත්වයෙන් දින 5ක් පුරා පැවැති ඉංගිරිය ‌පොසොන් කලාපය පසුගිය (07) වැනි දින අවසන් කෙරුණා. සමාප්ත දින උත්සවයේදී බුද්ධශාසන,  හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් ග්‍රාමීය විහාරස්ථාන සංවර්ධන වැඩසටහන යටතේ කළුතර දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 17ක් සඳහා සංවර්ධන ආධාර විෂයය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එහිදී පිරිනැමීම සිදු කළා. තවද බෞද්ධ කටයුතු දෙපාර්තුමේන්තුව දහම් පාසල් සංවර්ධන වැඩසටහන යටතේ කළුතර දිස්ත්‍රික්කයේ  පාසල් 11ක් සඳහා ද ආධාර ලබාදීම සහ පොසොන් කලාපයේ  කූඩු තරගයන් හී විවෘත හා  පාසල් තරග වෙනුවෙන් ත්‍යාග සහ සහතිකපත් ද මෙහිදී ප්‍රදානය කෙරුණ අතර අවසන් දින…

තව කියවන්​න

ජපානයේ ඔසාකා නුවර කර්මාන්ත ශාලාවක රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ 2023.06.08 දින අත්අඩංගුවට ගෙන ති‌බෙනවා. එම කාන්තාව විසින් ජපානයේ රැකියා ලබාදෙන බවට පොරොන්දු වී පුද්ගලයින් දෙදෙනෙකුගෙන් රු.1,075,000.00 ක මුදලක් ලබාගෙන අදාළ රැකියාව ලබානොදුන් බවට කාර්යාංශය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණු අතර, පැමිණිලිකරු විසින් අදාළ කාන්තාවද කාර්යාංශය වෙත කැඳවාගෙන පැමිණ තිබුණා. එහිදී මෙම සැකකාරිය වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා සඳහා බඳවාගැනීම හා මුදල්  අත්අඩංගුවට ගන්නා ලද අතර, ඊයේ දින තලංගම පොලිස් ස්ථානයේ රඳවා තබා අද දින (2023.06.09) කොළඹ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්…

තව කියවන්​න

නුවරඑළිය පොලිස් වසමට අයත් ලබුකැලේ  ප්‍රදේශයේ පාසල් වයසේ පසුවන අවුරුදු 14 ක සිසුවෙක් ගෙළ වැළලාගෙන සියදිවි හානි කර ගත් සිදුවීමක් ඊයේ (08) වාර්තා වූ බව නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්ච් මහතා පැවසුවා. නුවරඑළිය පොලිස් වසමට අයත් නුවරඑළිය ලබුකැලේ වත්ත පහළ කොටසේ පදිංචි නඩේසන් දිලීප් (පියා) යන අය විසින් (08) දින දහවල් 12 ට පමණ සිය දරුවා වන අවුරුදු 14ක් වයසැති ආකාස් රාජ් නිවසේ ගෙල වැලලා ගැනීම හේතුවෙන් අසාද්‍ය වී නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බව පොලිසියට පැමිණිලි කර ඇත. දරුවා රෝහලට ඇතුළු කිරීමත් සමඟින් මියගොස් ඇති බවට අනාවරණය වීමත් සමඟ සිදුවීම සම්බන්ධව නුවරඑළිය පොලිසියට අනුයුක්තව සේවය කරන…

තව කියවන්​න