- සතියක් තුල සහල් වැටලීම් 70 ක්
- ත්‍රීරෝද රියක් අඩි 25ක ප්‍රපාතයකට පෙරළෙයි
- ශ්‍රී ලංකා 19 පහළ කාන්තා කණ්ඩායම ලකුණු 138ක් ලබාගනී
- කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති මහීල් රංගජීව අභාවප්‍රාප්ත වෙයි.
- ඉරාන ජනාධිපතිගෙන් ප්‍රකාශයක්
- නාවලපිටියේ දී ත්‍රීරෝද රථයක් ගිනි ගනී
- පොලිස් විශේෂ මෙහෙයුම් අඛණ්ඩව
- අපරාධකරුවන් 30කට රතු නිවේදන
Author: VNews
කෑගල්ල,දීවෙල,පල්ලේගම ප්‍රදේශයේ දී 15 වන දින (ඊයේ ) රාත්‍රී 9.45 ට පමන පුද්ගලයෙකුගේ හිසට සිමෙන්ති ගලක් වෙනත් පුද්ගලයෙකු විසින් අත්හැරීම නිසා මිය ගොස් ඇති බව කෑගල්ල පොලිසිය පවසනවා. මෙසේ මිය ගොස් ඇත්තේ දීවෙල ,පල්ලේගම ප්‍රදේශයේ පදිංචි කපිල සමන් කුමාර නොහොත් ඇල කපිල යන වයස අවුරුදු 48 ක පමන පුද්ගලයෙකි. එදින රාත්‍රී මියගිය පුද්ගලයා දීවෙල,පල්ලේගම ප්‍රදේයේ වෙලඳසැලක් ආසන්නයේ දී බීමත්ව කලහාකාරි ලෙස හැසීරී ඇති අතර එහි දී ඒ ආසන්නයේ සිිටි පුද්ගලයෙකු සමග ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් සැකකරු අසල වෙලඳසැලක ඉහල මහලක සිට මෙසේ සිමෙන්ති ගලක් මිය ගිය පුද්ගලයාගේ හිස මතට දැමීම හේතුවෙන් එම පුද්ගලයා එම ස්ථානයේ…
2019 වසරේ සිදු වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රාජකාරී ඉටුකිරිම පැහැරහැරීමේ චෝදනා මත කටාන පොලිස් ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි බුද්ධි අංශ පොලිස් සැරයන්වරයෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා . පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ පොලිස්පතිවරයාගේ නියමය පරිදි අදාළ තීරණය ගෙන ඇති බවයි . එම නිළධාරීයාට එරෙහිව මූලික විමර්ශනයක් පවත්වා විනය කඩ කිරිම් සම්බන්ධයෙන් චෝදනා 12ක් යටතේ චෝදනා පත්‍රයක් යොමුකර තිබෙනවා . මුල් අවස්ථාවේදීම එම පොලිස් නිළධාරියා වරද පිළිගෙන ඇති බැවින් සේවයෙන් පහ කිරීමට පොලිස්පතිවරයා තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් පැවසුවා .
ලංකා සතොස අලෙවිසැල් ජාලය මගින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 3ක මිල පහත දමා තිබෙනවා. ඒ අනුව, වටානා කිලෝග්‍රෑමයක මිල රුපියල් 13කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 275ක්. පාන්පිටි කිලෝග්‍රෑමයක් රුපියල් 5කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 195ක් වනවා. මීට අමතරව රතු පරිප්පු රුපියල් 4කින් අඩු කර ඇති අතර, ඒ අනුව රතු පරිප්පු රුපියල් 295 කට අලෙවි කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.
දරුවන් සමාජ මාධ්‍ය භාවිත කිරීම පිළිබඳ දෙමාපියන් දැඩි අවධානයක් යොමු කළ යුතු බව පොලිසිය පවසනවා. අන්තර්ජාලය ඔස්සේ දරුවන් විවිධ අපයෝජන සදහා යොමු වීමේ වැඩි අවධානමක් මතුව ඇති බවයි පොලිසිය පෙන්වා දෙන්නේ. පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සමාජ මාධ්‍ය භාවිතයේදී දරුවන්ට සිදුවන අපරාධමය සිද්ධින් පිළිබඳ ලැබෙන පැමිණිලිවල යම් වැඩි වීමක් දක්නට ලැබෙන බවයි. සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගත් පුද්ගලයින් සමග සබඳතා පැවැත්වීමේදී අවධානයෙන් යුතුව කටයුතු කළ යුතු බව ද පොලිසිය ජනතාවට දැනුම් දෙනවා.
කැනඩාවේ ආබාධිත පුද්ගලයන් රැගත් බස් රථයක් සහ ට්‍රක් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එම අනතුරින් තවත් පුද්ගලයන් 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල සඳහන් වන්නේ. මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වූ සහ තුවාල ලැබූ පුද්ගලයන් බස් රථයේ ගමන් ගත් ආබාධ සහිත පුද්ගලයන් බවට හඳුනාගෙන තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට පෙර පැවති දෙවැනි පුහුණු තරගයෙන් ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම පරදා ලකුණු 198ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනූ ඇමෙරිකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 5 ක් දැවී ලකුණූ 392ක් රැස් කිරීමට සමත් වුණා. පැතුම් නිස්සංක ලකුණු 25 කට දැවී ගියා. අනතුරුව දෙවැනි කඩුල්ල සදහා ලකුණු 191ක සම්බන්ධතාවයක් පිහිටුවීමට දිමුත් කරුණාරත්න හා කුසල් මෙන්ඩිස් සමත් වුණා. එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 105 ක් සහ දිමුත් කරුණාරත්න ලකුණු 111 ක් රැස් කළා. මෙහිදී නායක දසුන් ශානක පන්දු 30 කින්…
ටෙලිකොම් ආයතනය සම්බන්ධයෙන් ඉදිරිපත්ව තිබු පෙත්සම් දෙකක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් ප්‍රතිව්‍යුහගත කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය තුළින් මුලික අයිතිවාසිකම් උල්ලංගනය වන බවට තීන්දුවක් ලබා දෙන ඉල්ලා ආදළ පෙත්සම් ඉදිරිපත්ව තිබුණා. මුර්දු ප්‍රනාන්දු, කුමුදුනී වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදී ඊයේ අදාළ පෙත්සම් සලකා බැලු අවස්ථාවේදීයි මෙම නියෝගය ලබා දී ඇත්තේ. ශ්‍රී ලංකා සමස්ත විදුලි සේවක සංගමය සහ ශ්‍රී ලංකා ටෙලිකොම් සමගි සේවක සංගමයේ නියෝජිතයින් පිරිසක් විසින් ආදළ පෙත්සම් ගොණු කර තිබුණා.
ආණ්ඩුව විසින් රජයේ දේපළ විකුණා ආයෝජනයක් සිදු කරන බවට පැවසීම ජනතාව මුලා කිරීමක් පමණක් බව සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි මන්ත්‍රීවරයා මෙම අදහස් දැක්වීම සිදු කළේ.
මැන්ඩරින් දොඩම් වගා කිරීම සඳහා වගා කළාපයක් හඳුන්වාදීමට කෘෂිකර්ම අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා. මෙම වගා කළාප මහනුවර, නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්ක වල ස්ථාපිත කිරීමට සැලසුම් කොට ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසන්නේ. ලොව විශාලතම මැන්ඩරින් දොඩම් වගා කරන්නා චීනය වන අතර සෑම වසරකම ටොන් මිලියන 12ක් පමණ අස්වැන්න ලබාගනී. තුර්කිය, ස්පාඤ්ඤය, බ්‍රසීලය, ඊජිත්තුව වැනි රටවල් ද මෙම වගාවෙහි ප්‍රමුඛයන් වේ.
ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 3ක මිල පහත දමා තිබෙනවා. ඒ අනුව, වටානා කිලෝග්‍රෑමයක නව මිල වන්නේ රුපියල් 275 ක්. ඊට අමතරව පාන්පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 195 ක් දක්වා පහත දමා තිබෙනවා. රතු පරිප්පු කිලෝග්‍රෑමයක මිලද රුපියල් 295 ක් දක්වා පහත දැමීමටයි ලංකා සතොස ආයතනය පියවර ගෙන ඇත්තේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222