Author: VNews

පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත සඳහා රජයේ මුදල් කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. එක් සංශෝධනයකට යටත්ව එම අනුමැතිය ලබා දී ඇති බව සඳහන්. මේ අනුව මෙම පනත යටතේ පිළිගත් දේශපාලන පක්ෂ නායකයින්ට සිය පක්ෂ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශන ස්වාධීනව විශ්ලේෂණය කිරීම සඳහා මෙම කාර්යාලයට ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබෙනු ඇති. රජයේ මුදල් කාරක සභාව වැඩි දුරටත් කියා සිටියේ, ඡන්ද අපේක්ෂකයින්ට තම ප්‍රතිපත්ති ප්‍රකාශනවලට අයත් ප්‍රතිපාදන වඩා විනිවිදභාවයකින් සහ විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව ඉදිරිපත් කිරීමේ හැකියාව මෙයින් ලැබෙන බව ද සඳහන්.

තව කියවන්​න

කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජපානය දැඩි තීරණයක් ගෙන තිබෙනවා. ඒ, එරට ලිංගික අපරාධ නීති දැඩි කරමින්. ඒ අනුව ස්ත්‍රී දූෂණයේ නිර්වචනය බලහත්කාරයෙන් ලිංගික ක්‍රියාවක නිරතවීමේ සිට අසම්මත ලිංගික ක්‍රියාවක් දක්වා පුළුල් කිරීමටයි එරට බලධාරීන් තීරණය කර ඇත්තේ. ලිංගික ක්‍රියාවකට එකඟ වීමේ වයස් සීමාව වූ අවුරුදු 13, අවුරුදු 16 දක්වා ඉහළ නැංවීමට ද ජපානය තීරණය කර තිබෙනවා. එමෙන්ම ස්ත්‍රී දූෂණයකට ලක්වූ අයෙකු වේ නම් එය වාර්තා කිරීම සඳහා හෝ නීතිමය පියවර ගැනීමට ඇති කාලය වසර 10 යේ සිට 15 දක්වා වැඩි කිරීමට ද එමඟින් කටයුතු කර තිබෙනවා.

තව කියවන්​න

ශ්‍රී ලංකා නාවික හමුදාව, නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත් වීම වෙනුවෙන් මුලතිව් කෝකිලායි කලපුව සහ ජින්නපුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 ජුනි මස 15 වන දින සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතු සිදුකල ධීවරයින් හතරක්  දෙනෙකු සහ ඩිංගි යාත්‍රා හතරක්  නීති විරෝධී ධීවර ආම්පන්න සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණා.  ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබන අතර  2023 ජුනි මස 15 වන දින සන්ධ්‍යා කාලයේ නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා…

තව කියවන්​න

ජාත්‍යන්තර ගෘහස්ථ කම්කරු දිනය නිමිත්තෙන් උද්ඝෝෂණයක් සහ පාගමනක් අද (16) දින හැටන් නගරයේදි පැවැත්වුුුණා. ජාත්‍යන්තර ගෘහස්ථ කම්කරු දිනය අද (16) දිනට යෙදෙන අතර ප්‍රොටෙක්ට් වෘත්තිය සමිතිය විසින් මෙම උද්ඝෝෂණය සහ පාගමන සංවිධානය කර තිබුණ අතර මෙම උද්ඝෝෂණයට සහ පාගමනට විශාල පිරිසක් සහභාගි වි සිටියා. හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේදි උද්ඝෝෂණය පවත්වා , ඉන් අනතුරුව එම වෘත්තිය සමිති සමාජිකයන් හැටන් නගරය දක්වා පාගමනකින් පැමිණි අතර ‘ගෘහස්ථ කම්කරුවන්ද කම්කරුවන්ය, ගෘහස්ථ කම්කරු අයිතිවාසිකම් ීතිගත කරනු , ඉෂාලිනිට සහ රාජ්කුමාරිිට යුක්තිය , ගෘහ සේවිකා රාජ්කුමාරි ඝාතනය හෙලි කරනු’ යන කරුණු මුල් කරගනිමින් මෙම උද්ඝෝෂණය සහ පාගමන පැවැත්වුුුණා. වසර ගණනාවක් තිස්සේ ගෘහ සේවිකාවන් හට යහපත් රැකියා කොන්දේසි…

තව කියවන්​න

කුල දරුවන් සසුන් ගත කිරීමට අදාළව අවම වයස් සීමාවක් පිළිබඳව මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් සමඟ පැවැති සාකච්ඡාවේදී මේ පිළිබඳව කාරක සංඝ සභාව සමඟ තවදුරටත් සාකච්ඡා කර ඉදිරියේ දී තීරණයක් ගැනීම වඩාත් සුදුසු බව උන්වහන්සේලා අනුශාසනා කළ බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ප්‍රකාශ කළා. මල්වතු පාර්ශශවය වෙනුවෙන් මහනුවර උපොෂිත පුෂ්පාරාම විහාරාධිපති අතිගෞරවාචාර්ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ මහානායක මාහිමිපාණන් වහන්සේ, අස්ගිරි පාර්ශවය වෙනුවෙන් අස්ගිරි පාර්ශවයේ ප්‍රධාන ලේඛකාධිකාරී ආචාර්ය මැදගම ශ්‍රී ධම්මානන්ද නාහිමි ඇතුළු අති ගෞරවණීය මහා සංඝරත්නය මෙම සාකච්ඡාවට එක්වූවා. මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් සමඟ ඊයේ (15) මහනුවර මල්වතු හා…

තව කියවන්​න

කාන්තාවන් දෙදෙනෙකුට බැන තර්ජනය කර එක් කාන්තාවකගේ මුහුණ බද්ධ කර සකස් කරන ලද අසභ්‍ය වීඩියෝ පට ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලයට මුදාහැර ඩොලර්වලින් මුදල් ඉපයූ බව කියන පුද්ගලයෙකු මෙම මස 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (ජූනි 15) නියෝග කළා. එම වීඩියෝ පට පුද්ගලයන් දෙලක්ෂයකට අධික පිරිසක් නරඹා ඇති බව පැමිණිලි පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජේ්‍යෂ්ඨ  නීතිඥ ගුණරත්න වන්නිනායක අධිකරණයට දැන්වුුුවා. එම පුද්ගලයා මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර  මහරගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනෙකු පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත කරන ලද පැමිණිලි දෙකක් අනුව සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුුුණා. පැමිණිලිකාර එක් කාන්තාවකගේ මියගිය…

තව කියවන්​න

වවුනියාව මන්නාරම ප්‍රධාන මාර්ගයේ කන්නාට්ටි ප්‍රදේශයේදී අද(16) උදැසන මවක් හා දියණියක් ලොරි රථයක ගැටීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. දරුවා උදෑසන පාසල් රැගෙනයාමට බස් රථයක් එනතෙක් බලාසිටි මවක් හා පාසල් යාමට සිටි දරුවෙකු එලෙස ලොරි රථයට යටවි ඇති බවයි පොලීසිය සඳහන් කර අතර මව හා දරුවා බස් රථයක් පැමිණෙන තෙක් බලා සිටින අවස්ථාවේ අධික වේගයෙන් පැමිණි ලොරි රථයක් මවගේ හා දරුවාගේ ගැටී ඇති බවද පොලිසිය පැවසුුුවා. අනතුරින් 36 හැවිරිදි කාන්තාවක් හා වයස අවුරුදු හයක් වු දැරියක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර, අනතුරත් සමඟ ලොරි රථය පළා යමට උත්සහ කළ බවද ප්‍රදේශවාසීන් පැවසූ අතර ප්‍රදේශවාසීන්  ලොරි රථය නවත්වා රියදුරු අල්ලාගෙන හා   ලොරි රථය පෙරළා ගිනි…

තව කියවන්​න

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙරට ඩෙංගු මර්දන වැඩපිළිවෙළට අනුග්‍රහය දැක්වීමට එකඟතාව පළ කර තිබෙනවා . ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සඳහන් කළේ, නේපාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ඔවුන් මෙම එකගතාවන් පළ කළ බවයි. ඒ අනුව ඩෙංගු මර්දන වැඩසටහන සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබා දීම ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා සිදු කෙරෙන බව ඔහු ප්‍රකශ කළා . වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 44,500කට අධික සංඛ්‍යාවක් දිවයිනෙන් වාර්තා වනවා . සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 67ක තවදුරටත් ඩෙංගු ව්‍යාප්තිය අවදානම් මට්ටමක පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සඳහන් කළා .

තව කියවන්​න

රජයේ දෙපාර්තමේන්තු දෙකක් වසා දැමීමට අදාළ ගැසට් නිවේදනයක් රජය විසින් නිකුත් කර තිබෙනවා . ඒ අනුව පාරිභෝගික කටයුතු අධිකාරිය පිහිටුවීමත් සමඟ අවලංගු කරන ලද අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව මෙලෙස අවසන් කරන ලද එක් දෙපාර්තමේන්තුවක් බවටයි අදාළ ගැසට් නිවේදනයෙන් දන්වා ඇත්තේ . එමෙන්ම සංස්ථාවක් බවට පරිවර්තනය කර ඒ පිළිබඳව 1990 වේ පෙබරවාරි මස 06 වනදා ගැසට් නිවෙන්දයක් මගින් නිවේදනය කරන ලද විදුලි සංදේශ දෙපාර්තමේන්තුව ද මෙලෙස අද සිට අවසන් කර තිබෙනවා .

තව කියවන්​න

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අලු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද ආරම්භ වනවා. එංගලන්තයේ බර්මින්ග්හැම් හීදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතයි. අලු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා ටෙස්ට් තරග 5ක් ඇතුලත් වනවා.

තව කියවන්​න