- කොළඹ දිස්ත්‍රික්කයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මෙම මස 09 වැනිදා
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණි බැතිමතෙකු මියයයි
- දුම්රිය කිහිපයක ආසන වෙන් කිරීමේ පහසුකම ඉවතට
- වෛද්‍යවරුන් රට හැර යාමේ අවධානමක්
- මහින්ද රාජපක්ශ සහ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
- ජනාධිපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් අතර හමුවක්
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට
- කොළඹ ලෝටස් පාර වැසෙයි
Author: VNews
ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව අද දින (2024 ඔක්තෝබර් 05) පුත්තලම කරුවලගස්වැව ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී බස් රථයක රැගෙන යමින් තිබූ විදේශීය දුම්වැටි දෙදහස් විස්සක (2020) තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි. ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්ණි ආයතනය වෙත ලද තොරතුරකට අනුව, පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව කරුවලගස්වැව ප්‍රදේශයේ සිදුකරන ලද මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, වව්නියාව සිට පුත්තලම දක්වා ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී එම බස් රථයේ රැගෙන යමින් තිබූ විදේශීය දුම්වැටි දෙදහස් විස්සක (2020) තොගයක් සමඟ සැකකරුවෙකු (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. තවද, මෙම මෙහෙයුම…
රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු 10/05 දින ගුවන් තොටුපොළ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ . මොවුන් මීගමුව සහ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි සහ 47 හැවිරිදි වියේ පසුවන ව්‍යාපාරික කාන්තාවන් දෙදෙනෙකි . මොවුන් දෙදෙනා 10/05 දින අලුයම 05.30 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි . ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ රන් වළලු 12 ක් , රන් මාළයක් , අත් පළදනා 02 ක් , රන් පෙන්ඩන්ට් 01 ක්…
රුපියල් කෝටියක් පමණ වටිනා ලැප්ටොප් පරිගණක 06 ක් සහ ස්මාර්ට් ජංගම දුරකථන 114 ක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගීන් දෙදෙනෙකු , ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් 10/05 දින අත් අඩංගුවට ගෙන තිබේ . මොවුන් 23 හැවිරිදි සහ 38 හැවිරිදි වියේ පසුවන , ගුවන් මගින් විවිධ භාණ්ඩ ගෙනැවිත් අලෙවි කිරීමේ නිරත වී සිටින කොළඹ – 10 මරදාන ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයන් දෙදෙනෙකි . ඔවුන් 10/05 දින අලුයම 05.30 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි . ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු…
රටේ සංවර්ධනය වෙනුවෙන් කැප වී කටයුතු කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. හෝමාගම පැවති වැඩසටහනකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියා. දේශපාලනික වශයෙන් පසුබෑමකට ලක්වුවද රටට මුල්තැන දෙමින් කටයුතු කළ යුතු බවයි සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගත්තේය. අනුරාධපුර ඓතිහාසික පුදබිම වෙත පැමිණි ජනාධිපතිවරයා පළමුව අටමස්ථානාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, අනුරාධපුර මහාවිහාර පිරිවෙන් කෘත්‍යාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය. අනතුරුව ජනාධිපතිවරයා උඩමළුව වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වු අතර ජය ශ්‍රී මහා බෝ මළුවේ ප්‍රධාන ධර්ම ශාලාවේදී අටමස්ථානාධිපති හිමියන්, ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ. අනුරාධපුර ඓතිහාසික ලංකාරාමාධිපති පූජ්‍ය රළපනාවේ ධම්මජෝති නායක හිමි, රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී ගෞරව ශාස්ත්‍රපති පූජ්‍ය ඊතලවැටුණවැවේ ඥානතිලක…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වැඩබලන උත්තරීතර මහානායක දර්ශනපති අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති මහා නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. අමරපුර මහා නිකායේ ලේකම් මණ්ඩලයේ නායක ස්වාමීන් වහන්සේලාද එම අවස්ථාවට වැඩම කර සිටී අතර මෙහිදී උන්වහන්සේ සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ. අනතුරුව ජනාධිපතිවරයා, මහා නායක හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය සමඟ වත්මන් ආර්ථික, සමාජයීය හා දේශපාලන තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින් කෙටි පිළිසඳරකට ද එක් විය. එහිදී අමරපුර මහා නිකායේ මහානායක හිමිපාණන් වහන්සේ පෙන්වා දුන්නේ රටේ සම්පත්වලින් උපරිම ප්‍රයෝජන…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. අනුනායක හිමිවරුන්, ලේඛකාධිකාරි හිමිවරුන් ප්‍රමුඛ නිකායික මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර උන්වහන්සේලා මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ. අනතුරුව ජනාධිපතිවරයා, මහා නායක හිමි ප්‍රමුඛ සංඝරත්නය සමඟ වත්මන් ආර්ථික, සමාජයීය හා දේශපාලන තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින් කෙටි පිළිසඳරකට ද එක් විය. තානාපතිවරුන් පත් කිරීමේදී උගත්, බුද්ධිමත්, විදෙස් රටක මෙරට නියෝජනයට ගැළපෙන පිරිසක් පත් කිරීමට කටයුතු…
දේශපාලන පක්ෂ 6 ක් අක්‍රීය කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා. ඒ, ලේකම් ධූර සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට අපොහොසත් වීම හේතුවෙන්. ඒ අනුව, ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ලංකා පොදුජන පක්ෂය, එක්සත් ලංකා මහා සභා පක්ෂය, ලංකා ජනතා පක්ෂය සහ ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණට ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට අවස්ථාව නොලැබෙනු ඇති. මැතිවරණ කොමිසම සඳහන් කළේ ගැටලුකාරී තත්ත්වයන් නිරාකරණය කර ගැනීම සඳහා පක්ෂ කිහිපයක නියෝජිතයින් කැඳවා සාකච්ඡා කළ ද ඒවා සාර්ථක නොවූ බවයි. එම තත්ත්වය සැලකිල්ලට ගෙන එම පක්ෂ අක්‍රීය කිරීමට තීරණය කළ බව මැතිවරණ කොමිසම සඳහන් කළා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල හෙට දින සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත්, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.
විෂ රසායන අඩංගු පොල් තෙල් තොගයක් සම්බන්ධයෙන් පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය අනතුරු අඟවනවා. නිසි ක්‍රමවේදයන් අනුගමනය නොකරමින් රසායනික ද්‍රව්‍ය යොදා කෘත්‍රිමව පිරිපහදු කරන ලද ආනයනික පොල්තෙල් කිලෝග්‍රෑම් මිලියන 80,000 ක තොගයක් දේශීය වෙළදපොලට යොමු කර ඇති බවට සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය චෝදනා කරනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222