- බංග්ලාදේශයට ශ්‍රී ලංකාවෙන් ප්‍රබල ප්‍රහාරයක්…
- පිටකොටුවේ ගින්නක්
- කෝටි ගානක මත්ද්‍රව්‍ය ගුවන් තොටුපොලේ වැසිකිළියකින් මතුවෙයි
- නීති විරෝධීව එකලස් කරමින් තිබූ ජීප් රථ දෙකක් පොලිස් භාරයට
- බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් පිරිසක් රෝහලට
- කාසියේ වාසිය බංග්ලාදේශයට
- ඊශ්‍රායලයේ අතුරුදන්ව සිටියදී සොයා ගත් තරුණයා දිවයිනට
- හදිසියේ ඇති වූ ගින්නෙන් ත්‍රීරෝද රථය අළුවෙයි
Author: VNews
උතුරු මැද පළාතේ අධ්‍යාපන බලධාරීන් විසින් මහාධිකරණය පනවා තිබූ අතුරු තහනම් නියෝගයක් කඩ කර ඇති බව වාර්තා වෙනවා. මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසලක විදුහල්පතිවරයකුගේ ස්ථාන මාරුවක් අත්හිටුවමින් . මේ සම්බන්ධව අනුරාධපුර මහාධිකරණ විනිසුරුවරයා විවෘත අධිකරණය හමුවේ පවසා සිටියේ මෙම අතුරු තහනම් නියෝගය කඩ කර ඇති බව තහවුරු වුව හොත් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ උතුරු මැද පළාතේ අධ්‍යාපන බලධාරීන්ට එරෙහිව දැඩි දඬුවම් පමුණුවන බවයි.
එළඹෙන අගෝස්තු 01 වනදා සිට මත්ද්‍රව්‍ය භාවිත කර රථවාහන ධාවනය කරන රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැටලීමේ ක්‍රියාවලියක් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා. පොලිසිය ප්‍රකාශ කළේ බස්නාහිර පළාත තුළ සිදුකළ නියමු ව්‍යාපෘතියේදී මත්ද්‍රව්‍ය පානය කර රිය පැදවූ 41 දෙනෙකු හඳුනාගැනීමට සමත්වූ බවයි. මෙම උපකරණ භාවිත කරමින් බස්නාහිර පළාත තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස වැටලීම් සිදු කිරීම පසුගිය 12 වනදා සිට ආරම්භ කිරීමට පියවර ගනු ලැබුවා .
කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි සුරාසැල් ඊයේ දිනයේ සිට ලබන ජූලි 04 වන වැනිදා දක්වා වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. ඒ ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ උත්සවය වෙනුවෙන් . මෙම උත්සවය සදහා සහභාගී වන බැතිමතුන්ට මත්ද්‍රව්‍ය පූජාභූමිය තුළට ගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් වන බවයි දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ . කෙසේ වෙතත් අදාළ කාල සීමාව තුළ දී ඌව පළාත නියෝජනය කරන සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් අවට ප්‍රදේශවල රාජකාරියේ යෙදවීමට ද කටයුතු ක්‍ර ඇති බව වාර්තා වනවා .
ජනතා විමුක්ති පෙරමුණ විසින් ජනතාව අතර අසත්‍ය ප්‍රචාර සිදු කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා . මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කලේ ඊයේ පවතී ජන හමුවකට එක් වෙමින් . සොරකම් කිරීම් පිලිබදව 2015 ආණ්ඩු සමයේදී ඔවුන්ට ක්‍රියාමාර්ග ගැනීමට හැකිව තිබු බවද මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියා . ආර්ථික අර්බුධයෙන් රට ගොඩ නැගීම සඳහා සියලු දෙනා එක් විය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නපෙරුම මහතා පවසනවා . මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කලේ ඊයේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්චාවකින් අනතුරුව මාධ්‍යවෙත අදහස් පල කරමින් . එහිදී මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
මෙවර හජ් උත්සවය සමරන දිනය පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබෙනවා .. අදාළ නිවේදනය නිකුත් කර ඇත්තේ කොළඹ මහ පල්ලිය විසිනුයි . ඒ අනුව ජුනි 29 වන දින මෙම වසරේ හජ් උත්සවය සමරන බව අදාළ නිවේදනයේ සඳහන් .
මාරක අනතුරු හේතුවෙන් මෑතකදී මෙරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා . මේ වසරේ ගත වු කාලය තුළ රිය අනතුරු 8,875ක් සිදුව ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ . ඒ අතරින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1,043 ක් බව ද කොළඹ දී ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා . මාරක රිය අනතුරුවලින් වැඩි සංඛ්‍යාවක් යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ බස් රථ අනතුරු බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කලේ .
වසරේ මේ දක්වා කාලය තුල මනුෂ්‍ය ඝාතන 255 ක් වාර්තා වී ඇති බව පොලිසිය පවසනවා. එමෙන්ම මේ දක්වා වෙඩි තැබීමේ සිද්ධීන් 34 ක් වාර්තා වී ඇති බවයි කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා කියා සිටියේ. මේ අතර දළදා මාලිගාවේ කසළ රැගෙන යාම සඳහා පැමිණි කසළ ලොරියක තිබී ටී 56 ගිනි අවි සඳහා භාවිත කරන හිස් උණ්ඩ කොපු 31 ක් සොයාගැනීම සම්බන්ධයෙන් පොලිසිය කරුණු අනාවරණය කරගෙන තිබෙනවා. මේ ඒ සම්බන්ධව ඊයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් පල කල පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා .
මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරගයෙන්ම දැවැන්ත ජයක් වාර්තා කිරීමට සමත් වුණා . ඒ එක්සත් අරාබි එමීර් කණ්ඩායම ලකුණු 175 කින් පරාජයට පත් කරමින් . මෙම තරගයේ කාසියේ වාසිය දිනූ එක්සත් අරාබි එමීර් කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා . ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලබා ගත් ලකුණු සංඛාව 355ක් . එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 78 ක් ,සධිර සමරවික්‍රම ලකුණු 73 ක් සහ පැතුම් නිශ්ශංක ලකුණු 57 ක් බැගින් ලබා ගැනීමටයි සමත් වුනේ . ලකුණු 356ක ඉලක්කය හඹා ගිය එක්සත් අරාබි එමීර්…
මෙම සතියේ පාර්ලිමේන්තුව අද සිට ලබන 23 වැනිදා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව අද පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. අද දිනයේ පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර තිබෙනවා. අනුරුව පෙරවරු 10.30 සිට පස්වරු 05 දක්වා පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාල පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.
මෙක්සිකෝවේ ප්‍රබල භූ කම්පන තත්වයක් හටගෙන තිබෙනවා. මෙක්සිකෝවේ කැබෝ සැන්ලුකා නගරයට කිලෝමීටර් 10ක් පමණ ගැඹුරු මුහුදු ප්‍රදේශයේ භූකම්පනය හට ගෙන ඇති අතර රික්ටර් මාපකයේ ඒකක 6.3ක ප්‍රබලත්වයෙන් යුතු ව මෙම භූකම්පන තත්ත්වය හට ගෙන තිබෙනවා. මේ හේතුවෙන් සුනාමි අවධානමක් නොමැති විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222