Author: VNews

ග්‍රීසියට ආසන්න මුහුදේ සිදුවු සංක්‍රමණික යාත්‍රා අනතුර සම්බන්ධයෙන් යුරෝපා සංගමය චෝදනා එල්ල කරනවා. යුරෝපා සංගමය පවසන්නේ අදාළ අනතුර සම්බන්ධයෙන් ග්‍රිසිය ප්‍රතිචාර නොදැක්වු බවයි. අනතුර සිදුවු අවස්ථාවේ නිසි වෙලාවට මුදාගැනීමේ මෙහෙයුම් සදහා ගුවන් යානයක් යොමු කිරීම පිළිබදවයි ග්‍රීසියට මෙලෙස චෝදනා එල්ල වන්නේ. මුහුදු ප්‍රදේශයේ සිදුවු අනතුරින් පුද්ගලයින් 82කුට වැඩි පිරිසක් මියගොස් 500කට අධික පිරිසක් අතුරුදන්ව තිබුණා.

තව කියවන්​න

මෙම වසර තුළ ශ්‍රමිකයින් ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් විදේශ රැකියා සඳහා යොමු කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රී ලංකාවට රටවල් 41කින් රැකියා බලපත්‍ර ලක්ෂ 12කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බවයි. මෙම රැකියා අවස්ථා සදහා ශ්‍රමිකයින් යොමු කිරීමේදී වෘත්තිය කුසලතා සහ භාෂා හැකියාව සම්පුර්ණ කළ පුද්ගලයින් යොමු කෙරෙන බවද ඔහු සඳහන් කළා. විදෙස් රැකියා සදහා ලංකික ශ්‍රමිකයින් යොමු කිරීමේදී නිපුණතාව සහ භාෂා කුසලතාව වර්ධනය කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළා.

තව කියවන්​න

කැරැල්ලක අවධානමක් හේතුවෙන් මොස්කව් නුවර ආරක්ෂාව තර කර තිබෙනවා. රුසියානු කුලී හේවා කණ්ඩායමක ප්‍රධානීයා සන්නද්ධ කැරැල්ලක් ආරම්භ කිරීමට යන බවට ලද තොරතුරකට අනුවයි මෙලෙස ආරක්ෂාව තරකර ඇත්තේ. ගුවන් ප්‍රහාර මගින් තම සගයන් විශාල පිරිසක් ඝාතනය කළ බවට කුලි හේවා කණ්ඩායමේ ප්‍රධානියා රුසියානු ආරක්ෂක අමාත්‍යවරයාට චෝදනා කරනවා. කෙසේවෙතත් රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

තව කියවන්​න

දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා වෛරස ව්‍යාප්තිය ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ දරුවන් අතර ඩෙංගු රෝගය මෙන්ම ඉන්ෆ්ලුවෙන්සා වෛසරයද ව්‍යාප්ත වෙමින් පවතින බවයි. මේ හේතුවෙන් දරුවන්ගේ සෞඛ්‍යරාක්ෂාව පිළිබඳ දෙමාපියන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළා.

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවල් මැක්‍රෝන් මහතා අතර විශේෂ හමුවක් ඊයේ පස්වරුවේ පැවැත්වුණා. නව ගෝලිය මුල්‍ය ගිවිසුමක් සදහා වන සමුළුවේ දෙවන දින රාජ්‍ය නායක සැසිය තුළයි මෙම හමුව සිදුව ඇත්තේ. ප්‍රංශ ජනාධිපතිවරයාගේ ආරාධනය මතයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සමුළුවට එක්වුණේ.

තව කියවන්​න

ඩුබායි රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන ඒකකය මගිනුයි සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඩුබායිහි චොකලට් නිශ්පාදනාගාරයක රැකියා ලබා දෙන බව පවසා ඇය විසින් එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 07කට අධික මුදල් ලබා ගෙන තිබෙනවා. සැකකාරිය අද මංහියංගනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තව කියවන්​න

මිනුවන්ගොඩ ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇඹිලිපිටිය – වැලිකඩයාය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇති වු වෙඩි හුවමාරුවකදී ඔහු මියගිය බවයි පොලිසිය සඳහන් කළේ. පසුගිය 18 වනදා සැකකරු පුද්ගලයින් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කර තිබුණා.

තව කියවන්​න

ශ්‍රී ලංකවේ ආර්ථික ප්‍රකෘතිය සහ තිරසර ණය ප්‍රයත්නයන් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පුර්ණ සහය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් මහතා පවසනවා. ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ගෝලීය මුල්‍ය ගිවිසුමක් සදහා වන සමුළුවට සමගාමිව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවු අවස්ථාවේදී ජගත් මහ ලේකම්වරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ. ශ්‍රී ලංකාවේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය පිළිබදව මෙන්ම ආර්ථික ප්‍රකෘතිමත් කිරීමේදී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබද දව ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාව දැනුවත් කර තිබෙනවා. තිරසර සංවර්ධන ප්‍රවර්ධනය ඇති කරන අතරම දේශගුණික විපර්යාසවල අහිතකර බලපෑම් අවම කිරීම අරමුණු කරගත් විස්තීරණ උපාය මාර්ග ගෙනහැර දක්වමින් රනිල්…

තව කියවන්​න

ලෝක කුසාලන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග වටයේ තවත් තරගයක් ජය ගන්නට ස්කොට්ලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහි තරගය ලකුණු 111කින් ජය ගනිමින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 282ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එක්සත් අරාබි එමීර් කණ්ඩායමට පන්දුවාර 35 යි පන්දු 3ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කර ගැනීමට හැකිවුණේ ලකුණු 171ක් පමණයි.

තව කියවන්​න

දිවයිනේ ප්‍රදේශ කිහිපයක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර , සහ සබරගමුව පළාත්වලත් , මහනුවර , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් අපේක්ෂා කරන බව කාලගුණ නිවේදනයේ සඳහන්. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්වලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු පිළිබද අවධානයෙන් පසුවන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ජනතාවට දැනුම් දෙන්නේ.

තව කියවන්​න