- කොළඹ දිස්ත්‍රික්කයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මෙම මස 09 වැනිදා
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණි බැතිමතෙකු මියයයි
- දුම්රිය කිහිපයක ආසන වෙන් කිරීමේ පහසුකම ඉවතට
- වෛද්‍යවරුන් රට හැර යාමේ අවධානමක්
- මහින්ද රාජපක්ශ සහ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
- ජනාධිපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් අතර හමුවක්
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට
- කොළඹ ලෝටස් පාර වැසෙයි
Author: VNews
අනාරක්ෂිතභාවය සහ තරඟකාරී අධ්‍යාපන ක්‍රමය හේතුවෙන් දරුවන් ප්‍රශ්න රැසකට මුහුණ දෙන බවත්, දරුවන් එයින් මුදා ගැනීමට විධිමත් සැලැස්මක් අවශ්‍ය බවත් අග්‍රාමාත්‍ය සහ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය, හරිනි අමරසූරිය පැවසීය අග්‍රාමාතයවරිය මේ බව සඳහන් කළේ, ‘’රැකියා ස්ථානයේ මානසික සෞඛ්‍යට මුල්තැනක් දෙමු’’ යන්න තේමා කර ගනිමින් කොළඹ පදනම් ආයතන ශ්‍රවණාගාරයේ දී අද (08) පැවති ලෝක මානසික සෞඛ්‍ය දින ජාතික සැමරුම් උත්සවට සහභාගි වෙමිනි. මානසික ව්‍යාකූලතාවය හේතුවෙන් ලොකයේ වසරකට ලක්ෂ 07 ක සංඛ්‍යාවක් සිය දිවි නසා ගැනීම් සදහා යොමුව වන අතර, මානසික පීඩාවෙන් දුක් විදිනු ලබන්නේ බොහෝ විට වයස අවුරුදු 15 ත්, 29 ත් අතර තරුණ පරපුර බව සෞඛ්‍ය දත්ත වර්තා තුළ සඳහන් වේ.
සහශ්‍ර සෞඛ්‍ය සංවර්ධන ඉලක්ක සපුරාගැනීමේ දී දකුණු ආසියානු කලාපයේ ජයග්‍රහණ වෙනුවෙන් සහ හෙපටයිටිස් රෝග පාලනය වෙනුවෙන් ශ්‍රී ලංකාව සම්මාන දෙකකින් පිදුම් ලබයි. මේ වනවිට ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියානු කලාපීය 77 වන සමුලුවේදී (Seventy Seventh Regional Committee Session of WHO South-East Asia) මෙම සම්මාන දෙක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා වෙත පිරිනමන ලදි. මහජන සෞඛ්‍යය වේගවත් කිරීම සඳහා වන ප්‍රධාන ප්‍රමුඛතා සහ ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ කලාපයේ සාමාජික රටවල නියෝජිතයින් මෙම සමුළුවට එක්විය.
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායකත්වයෙන් මාවෙයි සේනාධිරාජා මහතා ඉවත්ව ඇති බව පක්ෂ නියෝජිතයින් පිරිසක් පවසති. අදාළ තීරණය සම්බන්ධයෙන් මාවෙයි සේනාධිරාජා මහතාගේ පුත්‍රයාගෙන් විමසීමේදී හෙතෙම පැවසූවේ තම පියා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායකත්වයෙන් ඉවත්වන බවට පක්ෂ ලේකම්වරයා වෙත දැනුවත් කොට ඇති බවයි. පියා විසින් අදාළ තීරණය ගැනීමට හේතුව සම්බන්ධයෙන් පක්ෂ මධ්‍යම කාරක සභාව වෙත ඉදිරියේදී දැනුවත් කිරීමට නියමිත බවද සේනාධිරාජා මහතාගේ පුත්‍රයා සඳහන් කළේය. සේනාධිරාජා මහතා විසින් පක්ෂ නායකත්වයෙන් ඉවත්වන බවට ලිපියක් යොමුකොට ඇත්තේද යන්න සම්බන්ධයෙන් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ ලේකම් වෛද්‍ය පි.සත්‍යලිංගම් මහතාගෙන් විමසීමේදී හෙතෙම පැවසූවේ සේනාධිරාජා මහතා විසින් එවැනි ලිඛිත දැනුවත් කිරීමක් මේ දක්වා තමන් වෙත…
හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින් ඉන්දුනීසියානු නියෝජිතයන් පිරිසක් එක්ව දඹුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන යන කාබනික දියර පොහොර ව්‍යාපෘතියක් පිළිබඳව 08 දින විශේෂ පරීක්ෂණයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කොට තිබේ. යුද හමුදාවේ බුද්ධි අංශ දීර්ඝ කාලයක් සිදු කරන ලද රහසිගත ගවේෂණයකදී හෙළිවී ඇත්තේ දීස්ත්‍රික්ක හතරක කාබනික දියර පොහොර නිෂ්පාදනය කරන ලද ගොවීන් සම්බන්ධ කරගෙන ඉන්දුනීසියාවේ නිෂ්පාදිත දියර වර්ගයක් ලංකාවට ගෙන්වා කාබනික දියර පොහොරවලට කලවම් කොටස කාබනික දියර පොහොර සකස් කිරීම මෙහි සිදුකරන බවය. යුද හමුදාවේ බුද්ධි නිලධාරීන් පිරිසක් ලබා දුන් තොරතුරු අනුව දඹුල්ල දිගම්පතහා ප්‍රදේශයේ දේශීය ලොකුණු බිජ ගම්මානයේ නිවසක ඉඳුනීසියානු ජාතිකයන් පැමිණ අත්හදා බැලීම…
මහව සහ අනුරාධපුර අතර මාර්ගයේ ධාවන කටයුතු ආරම්භ කරන දිනය තවදුරටත් ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. අදාළ දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිවල ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර නොමැති බැවින් මෙලෙස ධාවන කටයුතු තවදුරටත් ප්‍රමාද වන බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්.ජේ ඉඳිපොළගේ කියා සිටියේ.
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 34 දෙනෙකු ප්රචාරක වියදම් වාර්තා මෙතෙක් ලබාදී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. පසුගිය ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයින් 38 දෙනෙකු ඉදිරිපත්ව සිටියා. කෙසේවෙතත් ප්රචාරක වියදම් වාර්තා දී ඇත්තේ අපේක්ෂකයින් 4 දෙනෙකු පමණක් බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ. මැතිවරණ වියදම් සීමා කිරීමේ පනතට අනුව ලබන 13 වැනිදාට පෙර, එම වාර්තා ලබාදිය යුතුවනවා. අදාළ කාලසීමාව තුළ වියදම් වාර්තා ලබා නොදෙන අපේක්ෂකයින් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව ද මැතිවරණ කොමිසම සඳහන් කළා. කොමිසම පැවසුවේ ලබන 13 වනදාට පසු වාර්තා ලබා දුන්න ද, එය නීතිවිරෝධී ක්‍රියා යටතේ ගෙන දඬුවම් ලබාදෙන බවයි
එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ 06ක් අක්‍රිය කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා. එම පක්ෂවල ලේකම් ධුර සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු නිරාකරණය නොවීම නිසා මෙම තීරණය ගෙන ඇති අතර, එම පක්ෂ හයට ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.
අර්තාපල් සහ ලොකු ළුෑණු සදහා වන දැනට පවතින විශේෂ ආනයන බද්ද ඉහළ නංවා තිබෙනවා. මේ අනුව ආනයනික අර්තාපල් කිලෝවකට මේ දක්වා පැවති රුපියල් 50 ක බද්ද රුපියල් 60 ක් දක්වා රුපියල් 10 කින් ඉහළ නංවා ඇති බවයි කෘෂි කර්ම අමාත්‍යාංශය සදහන් කළේ. මීට පෙර ලොකු ළුෑණු සදහා රුපියල් 10 ක ආනයන බද්දක් පැවති අතර එය රුපියල් 30 ක් දක්වා ඉහළ නැංවීමටයි කටයුතු කර ඇත්තේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද දින (2024 ඔක්තෝබර් 05) බූස්ස සහ මැදිල්ල ආශ්රිත වෙරළ තීර කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කෙරිණි. ඒ අනුව, දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චන්දිම සිල්වා ගේ අධීක්ෂණය යටතේ, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ සහ රුහුණ ආයතනයන්ගේ මූලිකත්වයෙන් සංවිධානය කරන ලද මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මඟින්, ගිංතොට සිට බූස්ස හන්දිය දක්වා වූ වෙරළ තීරයේ සහ කිරම මෝය සිට මැදිල්ල දක්වා වෙරළ තීරයේ විසිරී තිබූ ප්ලාස්ටික් සහ පොලිතීන් ඇතුළු ඝණ අපද්‍රව්‍ය රැසක් වෙරළ තීරයෙන් ඉවත් කිරීමට කටයුතු කෙරිණි. එම, අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ සහ රුහුණ ආයතනයන්හි ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගී…
අද දින (06) සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ. බස්නාහිර, සබරගමුව, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බවද සඳහන්.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222