- කැරිබියන් මුහුදේදී නෞකාවකට මාරාන්තික ප්‍රහාරයක්- තිදෙනෙකු ජිවිතක්ෂයට
- සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය අද සිට
- වසරේ ගතවු කාලය තුල අත්අඩංගුවට ගත් අපරාධකරුවන් ගැන පොලිසියෙන් ප්‍රකාශයක
- එක්සත් ජාතීන්ගේ 80 වැනි රාජ්‍ය නායක සමුළුව ලබන සතියේ
- අවි ගණුදෙනුවකට ඇමෙරිකාව සූදානම්
- මාර්ග සංවර්ධන කටයුතු අඛණ්ඩව
- මියගිය කාන්තාවකගේ මළ සිරුරක් හමුවෙයි
- මෙහෙයුම්වලින් එක් ලක්ෂ හාරදහසක් අත්අඩංගුවට
Author: VNews
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යුරෝපා සංචාරය නිමා කරමින් අද පෙරවරුවේ යළි දිවයිනට පැමිණ තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස අද පෙරවරු 9.10 ට පමණ ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණි බවයි. පසුගිය 17 වන දා බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ නිල සංචාරයක් සදහා ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස දිවයිනෙන් පිටව ගියා
මෙම සති අන්තයේ කොළඹින් බැහැරව නොයන ලෙස ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමතිවරුන් වෙත දැනුම් දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව විදෙස් සංචාර ඇතුළු කොළඹින් බැහැර සියලු ගමන් අවලංගු කරමින් කොළඹ රැඳී සිටින ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමතිවරුන් වෙත දැනුම් දී ඇති බව සඳහන්. මන්ත්‍රීවරුන් වෙත පෞද්ගලිකවම දුරකථන මාර්ගයෙන් අදාළ දැනුම්දීම සිදුකර තිබෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවක් සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත බැවින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට මෙලෙස කොළඹින් බැහැරව නොයන ලෙස දැනුම්දී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කලේ .
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම සඳහා විශේෂ මහජන උපදේශන සැසියක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. මහජන උපයෝගිතා කොමිසම පවසන්නේ හෙට දිනයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී එම මහජන උපදේශන සැසිය පැවැත්වීමට නියමිත බවයි. විදුලි ගාස්තු වැඩිවීම හෝ අඩුවීම සම්බන්ධයෙන් එහිදී මහජනතාවට අදහස් ඉදිරිපත් කිරීමට හැකියාව පවතීනවා . වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සාමාජිකයින් ඇතුළු ඕනෑම අයෙකුට මේ සඳහා අදහස් ලබාදීමට හැකියාව පවතින බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කලා. විදුලි ගාස්තු සහ ඒ ආශ්‍රිත තවත් සෙසු කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කොමිසමේ සෙසු සාමාජිකයින් අතර සාකච්ඡාවක් මෙම මස අවසානයට පෙර පැවැත්වීමට නියමිත බව ද මහජන උපයෝගිතා කොමිසම පැවසුවා.
දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අද දිනයේ අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. ඌව පළාතේ සහ අම්පාර, මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් වනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද පළාතේත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40-45 ක පමණ තරමක තද සුළං ද ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය…
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව ඖෂධ වර්ග 60 ක මිල අද සිට සියයට 16 කින් අඩු කිරීමට නියමිතයි. පසුගිය 15වැනි දා නිකුත් කළ ගැසට් නිවේදනය මෙලෙස අද සිට ක්‍රියාත්මක වනු ඇති. නව මිල සංශෝධනයට අනුව සියයට 16 ක මිල අඩුවීමක් සිදු වී ඇති අතර ඩොලරයේ අගය පහළ යාම හේතුවෙන් ආනයනික ඖෂධ මිල මෙලෙස පහත දමා ඇති බව සඳහන්. නව ගැසට් නිවේදනයට අනුව පැරසිටමෝල් මිලිග්‍රෑම් 500 යේ පෙත්තක මිල රුපියල් තුනයි ශත 49 ක් ලෙස ගණනය කර ඇති අතර, ඉන්සියුලින් මිලිග්‍රෑම් 10යේ බහාලුමක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල දක්වා ඇත්තේ රුපියල් 2270 යි…
ඕස්ටේ්‍රලියා කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පස් වන හා අවසන් දිනය (26) අදයි. සිව් වන දිනය සදහා තරගය නතර කරන විට ලකුණු 268 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යමින් සිටි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 28 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 116 ක් රැස්කරගෙන සිටියා. ඒ අනුව තරගය ජයග්‍රහණය කිරීමට නම් එංගලන්ත කණ්ඩායමට තවත් ලකුණු 152 ක් රැස්කර ගත යුතු වන අතර ඕස්ටේ්‍රලියාවට තරගය ජයග්‍රහණය කිරීමට නම් අද දිනයේ කඩුලු 5 ක් දවා ගත යුතුව තිබෙනවා.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම, අද (26) පෙරවරුවේ රැස්විමට නියමිතයි. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් . එහි ජ්‍යෙෂ්ඨයෙකු සදහන් කළේ, මෙහිදී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය දරන ස්ථාවරය පිළිබඳ වැඩිදුරටත් සාකච්ජා කිරීමට නියමිත බවයි. මේ අතර ලබන ලබන 28 ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමක් පැවැත්විමට නියමිතව තිබෙනවා. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරයකු සඳහන් කළේ එදින සවස 5ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්වෙන බවයි. එහිදී අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු පිළිබඳව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් රැසක් කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වනවා .
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ, පෙරවරු 11ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් . පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ සහභාගිත්වයෙන් එය පැවැත්වීමට නියමිතයි. දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ යෝජනාවක් සඳහා අනුමැතිය ලබාගැනීමේ සූදානමක් ඇති බැවින්, ඒ සඳහා හදිසියේ පාර්ලිමේන්තුව රැස් කිරීමට එහිදී තීරණයක් ගනු ඇති බවයි වාර්තා වන්නේ. ජුලි 4 වැනිදා පාර්ලිමේන්තුව යළි කැඳවීමට නියමිතව තිබෙනවා. නමුත් ඊට පෙර අදාළ යෝජනා සම්මත කර ගැනීම සඳහා ලබන සති අන්තයේ පාර්ලිමේන්තුව කැඳවිමේ සූදානමක් ඇතැයි ද සඳහන්.
පල්ලේකැලේ, තැන්නේකුඹුර පාලම අසල මහවැලි ගගේ සිය ඥාතින් සමග දිය නාමින් සිටි අවුරුදු 15 ක් වූ පාසල් සිසුන් දෙදෙනෙක් දියේ ගිලි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම සිසුන් දෙදෙනා දියේ ගිලීමෙන් අනතුරුව මහනුවර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් සිසුවෙකු පෙරේදා ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් සිසුවා මහනුවර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ දිනයේදී ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිසිය සඳහන් කළේ. මෙම මෘත දේහ සම්බන්ධයෙන් මහනුවර රෝහලේදී සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී දියේ ගිලී සිදු වූ මරණයන් බවට අධිකරණ වෛද්‍යවරයා විසින් වාර්තා කර තිබෙනවා. ඒ අනුව දරුවන් දෙදෙනාගේ මෘත ශරීර ඥාතීන් වෙන භාර දීමටයි කටයුතු කර ඇත්තේ.
එක්දින ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටයේ තවත් තරග දෙකක් අද (26) පැවැත්වෙනවා. පළමු තරගය සිම්බාබ්වේ කණ්ඩායම සහ ඇමරිකා කණ්ඩායම අතරයි පැවැත්වීමට නියමිතව ඇත්තේ. දෙවැනි තරගය නෙදර්ලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. සිම්බාබ්වේ හරාරේ හීදී පැවැත්වෙන මෙම තරග දෙකම පස්වරු 12.30ට ආරම්භ කිරීමටයි නියමිතව ඇත්තේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222