Author: VNews

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සඳහා පාර්ලිමේන්තු විවාදයක් පවත්වන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා . විදෙස් මාධ්‍ය නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදීයි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ . එහිදී ඔහු තවදුරටත් පවසා ඇත්තේ එම විවාදය එලඹෙන සෙනසුරාදා සහ ඉරිදා පවත්වන බවයි . මේ අතර මෙම සතියේදී ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට විදෙස් ගමන්වලින් වලකින ලෙස දැනුම් දී ඇති බව වාර්තා වනවා. එමෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය ගැන සාකච්ඡා කිරීමට හෙට දිනයේ විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්වීමටද කටයුතු යොදා තිබෙනවා.

තව කියවන්​න

ගාලු මුවදොර පිටියේ රැඳී සිටින යාචකයින් හම්බන්තොට, රිදියගම පිහිටි සමාජ සේවා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ස්ථානගත කිරීමට තීරණය කර ඇතැයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා. අමාත්‍යාංශය සඳහන් කළේ, ගාලුමුවදොර පිටියේ පවතින යාචක හිරිහැරය මැඩලීමට පිළියමක් ලෙස මෙම පියවර ගන්නා බවයි. මේ සඳහා වරාය අධිකාරිය සහ පොලීසිය සමග එක්ව ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි අමාත්‍යාංශය සඳහන් කළේ . වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පැවසුවේ, යාචකයින් 150 ක් පමණ පිරිසක් ගාලුමුවදොර පිටියේ සිඟමන් යැදීම ජනතාවට විශාල හිරිහැරයක් වී ඇති බවයි. මෙම යාචකයින් රිදියගම මධ්‍යස්ථානය තුළ ස්ථානගත කිරීමේදී ඔවුන් සඳහා අවශ්‍ය නවාතැන් පහසුකම් සහ ආහාර පාන සැපයීම සඳහා ශ්‍රී ලංකා වරාය…

තව කියවන්​න

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. අද පෙරවරු 11ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙක් මෙම රැස්වීම පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. මෙහිදී දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් සහ ඒ පිළිබදව පවත්වන පාර්ලිමේන්තු විවාදය සදහා දින වෙන් කර ගැනීමද මෙහිදී සිදු කිරීමට නියමිතයි.

තව කියවන්​න

එක්දින ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටයේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා. පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතරයි පැවැත්වීමට නියමිතව ඇත්තේ. දෙවැනි තරගය අයර්ලන්ත කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම අතර පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. සිම්බාබ්වේ බුලවායෝ හීදී පැවැත්වෙන මෙම තරග දෙකම පස්වරු 12.30ට ආරම්භ කිරීමටයි නියමිතව ඇත්තේ.

තව කියවන්​න

නිකවැරටිය, බෝගොල්ලාගම ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත බදින තුවක්කු 04ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීම සිදු කළ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවටගත් බවයි පොලීසිය සඳහන් කළේ. අත්අඩංගුවටගත් සැකකරු 58 හැවිරිදිවියේ පසුවන නිකවැරටිය බෝගොල්ලාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු අද නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තව කියවන්​න

චීනය ජපානය සහ තායිවානය හරහා වන ගුවන් ගමන් සම්බන්දයෙන් ඔත්තු බැලීම සඳහා බැලූනයක් දියත් කර තිබෙනවා. මෙලෙස බැලූනයක් සිය භූමියට ඉහළ අහසේ පියාසර කර ඇති බවට ජපානය විසින් තහවුරු කරගෙන ඇති අතර, එම බැලූනය ඉදිරියේදී වෙඩි තබා බිම හෙළන බවටද ජපාන ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මීට පෙර චීනය ඔත්තු බැලීම සදහා දියත් කළ බැලූණයක් ඇමරිකාව විසින් වෙඩි තබා බිම හෙළීමට කටයුතු කර තිබුණා.

තව කියවන්​න

එක්දින ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන තවත් තරගයක් අද පැවැත්වෙනවා. ස්කොට්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන මෙම තරගය අද පස්වරු 12.30ට ආරම්භ වීමට නියමිතයි. මේ අතර ඊයේ පැවති තරග දෙකෙන් ජය වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩාම සහ නෙදර්ලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ ඇමරිකානු කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජයට පත් කරමින්. එහිදී පළමු තරගයේදී ඇමරිකාණු කණ්ඩායම පරදා ලකුණු 304ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා. එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 06ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 408ක්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇමරිකානු කණ්ඩායමට පන්දුවාර 25යි එක් පන්දුවක්…

තව කියවන්​න

ඩොලර් බිලියන 1.2 ක මුදලක් කොළඹ වරාය නගරයේ ආයෝජනය කිරීමට සුදානමින් සිටින බව චීන සමාගමක් පවසා තිබෙනවා . එය චයිනා හාබර් එන්ජිනියරින් කෝපරේෂන් නම් සමාගමක් . අදාළ සමාගමේ සභාපතිවරයා සහ මෙරට විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අතර පැවති හමුවකදී මේ බව ප්‍රකාශ කරනු ලැබුවා අදාළ සමාගමේ බෙයිජිං නුවර පිහිටි ප්‍රධාන කාර්යාලයේදී එම හමුව සිදුවූ බව අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

තව කියවන්​න

දිමුත් කරුණාරත්නගේ හා වනිදු හසරංගගේ සුපිරි දක්ෂතා හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනයේ දී ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ 15 වැනි තරගය ජය ගැනීමට සමත් වුණා. ඒ, අයර්ලන්තය ලකුණු 133 කින් පරාජයට පත් කරමින්. මෙම විශිෂ්ඨ ජයත් සමග ශ්‍රී ලංකාව සුපිරි 6 වෙනි වටයේ ස්ථානයක් ද හිමි කර ගැනීමට සමත් වුණා. මෙම තරගයේ දී සිය මංගල එක්දින ජාත්‍යන්තර ශතකය වාර්තා කළ දිමුත් ලකුණු 103 ක් ලබා ගත්තා. වනිදු යළිත් වරක් කඩුලු 5 ක් දවා ගත්තේ මෙම තරගාවලියේ දී අඛණ්ඩව එම කඩඉම පසුකළ තෙවැනි අවස්ථාව සටහන් කරමින්. මෙම දක්ෂතා නව වාර්තා කිහිපයක් ද අලුත් කිරීමට සමත් වුණා. වසර…

තව කියවන්​න

විදුලි සෝපානයක් කඩා වැටීම හේතුවෙන් සිදුවූ අනතුරකින් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකු වන වෛද්‍ය පී.එම්.පී.බී සිරිල් මහතා ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. සිරිබෝපුර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තුන්වැනි මහලට විදුලි සෝපානයෙන් ගමන් කරන අතරවාරයේ දී එම විදුලි සෝපානය කඩා වැටීමෙන් ඒ මහතා බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි හම්බන්තොට පොලීසිය සඳහන් කලේ. අනතුර සිදුවන අවස්ථාවේ හිටපු අමාත්‍යවරයා සමග රැඳී සිටි ඔහුගේ රියදුරාද තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. මිය යන විට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා 89 හැවිරිදි වියේ පසුවුනා

තව කියවන්​න