Author: VNews

කොල්ලුපිටිය අරලියගහ මන්දිරයට මීටර් 75 ක පමණ දුරින් සම්බාහන මධ්‍යස්ථානයක් සිදු කරන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලීමට කොල්ලුපිටිය පොලිසිය සමත් වී තිබෙනවා. එහිදී එම ගණිකා නිවාසයේ සිටි පාලිකාවන් දෙදෙනෙක් සහ තවත් තරුණියක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. පොලිසිය පවසා සිටියේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කරන ලද සෝදිසි වරෙන්තුවක් අනුව අදාළ වැටලීම සිදු කළ බවයි. අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකාරියන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කළ අතර තිදෙනාටම ඇප ලබා දෙන ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ල ඉල්ලීම් කර තිබෙනවා. කෙසේ වෙතත් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කර ඇත්තේ සැකකාරියන් දෙදෙනෙකුට එරෙහිව පැවැති පෙර වැරදි හේතුවෙන් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන…

තව කියවන්​න

සූදු ක්‍රීඩාව නියාමනය කිරීම සඳහා අධිකාරියක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. සූදු ක්‍රීඩා මගින් අපේක්ෂිත බදු ආදායම් නිසි පරිදි අය කර ගැනීම, සූදු ක්‍රියාකාරකම් හා සම්බන්ධ අපරාධ ක්‍රියාවන් වැළැක්වීම, සූදූ ක්‍රීඩාවන් මගින් පුද්ගලයින්ට හා සමාජයට සිදුවන අයහපත් ක්‍රියාවලියන් වැළැක්වීම වැනි කාර්යයන් ඒ තුළින් සිදු කිරීමට නියමිතයි. ඒ අනුව සියලු සූදු ක්‍රීඩා ක්‍රියාකරුවන්ට බලපාන ලෙස සූදු නියාමනය කිරීමේ අධිකාරිය නමින් නියාමන ආයතනයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවයද මෙහිදි හදුනාගෙන තිබෙනවා. එම නියාමන ආයතන ඇති කිරීම සදහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නිීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සදහා මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අමාත්‍ය…

තව කියවන්​න

නියමිත පරිදි ඉකුත් මාර්තු මස 9 වන දා පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙස ජාතික ජනබලවේගය සහ පැෆරල් සංවිධානය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 2 ක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා. බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණි අමරසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා. අදාළ පෙත්සම සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවමත් සිදුවන බවයි අප අධිකරණ වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්​න

යුනෙස්කෝ සංවිධානය විසින් මහාවංශය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. 2023 ලෝක උරුම ලැයිස්තුව වෙත අලුතෙන් වාර්තා 64 ක් එක්කර ඇති අතර ඒ අනුව සමස්ත ලෝක උරුම ලැයිස්තුවේ අංග සංඛ්‍යාව 494 දක්වා ඉහළ ගොස් තිබෙනවා . මහාවංශය ලෝක උරුම ලේඛනයක් ලෙස ප්‍රකාශයට පත්කරමින් යුනෙස්කෝ සංවිධානය පවසන්නේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 1815 දක්වා කාලය ආවරණය වන පරිදි මහාවංශයේ තොරතුරු ඇතුළත් බවයි . ලොව දිගම නොබිදුණු ඵෙතිහාසික වාර්තාවලින් එකක් ලෙස මහාවංශය සැලකෙනවා . ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සිදුකරන ලද පුරාවිද්‍යා පර්යේෂණ මඟින් ලේඛනයේ දක්වා ඇති කරුණුවල සත්‍යතාව තහවුරු වී ඇති බව යුනෙස්කෝ සංවිධානය පවසනවා . මහාවංශය බුදුන්වහන්සේ, අශෝක…

තව කියවන්​න

තමන්ගෙන් අධ්‍යාපනය හදාරන සිසුන්ගෙන් මුදල් අයකර අමතර පන්ති පැවැත්වීම තහනම් කරමින් මධ්‍යම පළාතේ අධ්‍යාපන ලේකම්වරයා විසින් අදාළ ගුරුවරුන් වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා . මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතාගේ උපදෙස් මතයි . මුදල් අය නොකර යහපත් චේතනාවෙන් යුතුව තමන්ගෙන් පාසලේ දී ඉගෙන ගන්නා සිසුන්ට අමතර පන්තිවල ඉගැන්වීමට බාධාවක් නොමැති බව ද එම චක්‍රලේඛයේ සදහන් වනවා . මේ අතර අදාල චක්‍රලේඛය උල්ලංඝනය කරමින් කටයුතු කරන ගුරවරුන්ට එරෙහිව විනය පියවර ගන්නා බව ත් ඒ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සලකා බලා ස්ථාන වැටලීම් කරන බවත් මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් යූ.බී. හේරත් මහතා ප්‍රකාශ කළා

තව කියවන්​න

සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සඳහා සංශෝධිත පනත් කෙටුම්පතක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූයේ පසුගිය ජනවාරි මස 30 වැනිදායි. එමෙන්ම ආගමික නිදහස අහිමි කිරීම සහ ආගමික කරුණු විකෘති කිරීම වැළැක්වීම සඳහා නෛතික විධිවිධාන හදුන්වාදීමට කමිටුවක් පත්කිරීමට ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. සියලු ආගම්වල නායකයින්, නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් සහ මාධ්‍ය හා සිවිල් සමාජ ක්‍රියාකාරින් නියෝජනය වන පරිදි අදාළ කමිටුව සමන්විත වනු ඇති.

තව කියවන්​න

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ මූලික ලැයිස්තුවට නම ඇතුළත් නොවූ පිරිසගේ අභියාචනා භාරගැනීම දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී ඊයේ ආරම්භ කෙරුණා . එහිදී ඇතැම් ස්ථානවල ඇතිවූයේ දැඩි නොසන්සුන් තත්ත්වයක් . සුදුසුකම් නොමැති පුද්ගලයන් විශාල පිරිසක් අදාළ නාම ලේඛන සදහා ඇතුලත් කර ඇති බවත් එය ලැබිය යුතු අඩු ආදායම්ලාභි විශාල පිරිසකගේ නම් මේ සදහා ඇතුලත්ව නොමැති බවද ජනතාව චෝදනා කළා . එමෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඊයේ දිනයේදී පැවැත්වූ මාධ්‍ය හමුවේදීද මෙම අස්වැසුම ව්‍යාපෘතිය පිලිබදව අදහස් පල කළා . එම පක්ෂයේ මහා ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා මෙහිදී කියා සිටියේ යොමු කරනු ලබන අභියාචනා සදහාද යහපත් ප්‍රතිචාර නොදක්වන්නේ නම් තම පක්ෂය…

තව කියවන්​න

ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ පස්වෙනි සාකච්ඡා වටය ඊයේ කොළඹ දී ආරම්භ වුණා. ආසියා රටවල් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ප්‍රධාන සහ නැගී එන ආර්ථිකයන් සමඟ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දැක්මට අනුවයි මෙම සාකච්ඡා පැවැත්වෙන්නේ. මෙහි මීලඟ වටයේ සාකච්ඡා අගෝස්තු 21 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති.

තව කියවන්​න

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම ඊයේ දිනයේදී රැස් වුණා . ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් . මෙහිදී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් එම පක්ෂය දරන ස්ථාවරය පිළිබඳ සාකච්ජා කල බව සමගි ජන බලවේගයේ මහා ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බන්ඩාර මහතා ප්‍රකාශ කළා . මේ එම සාකච්චාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රංජිත් මද්දුම බන්ඩාර මහතා. මේ අතර ලබන හෙට දිනයේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමක් පැවැත්විමට ද නියමිතව තිබෙනවා. එදින සවස 5ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ රැස්වීම පැවැත්වෙන බවයි වාර්තා වන්නේ . එහිදී අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු පිළිබඳව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් රැසක් කරුණු…

තව කියවන්​න

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් අද පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම ලබන සිකුරාදා දක්වා කල් දමා තිබෙනවා . පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කළේ, ලබන සිකුරාදා පෙරවරු 9.30 ට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ඒම රැස්වීම පැවැත්වීමට නියමිත බවයි. එහිදී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ යෝජනා සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමේ අරමුණින් ලබන සෙනසුරාදා සහ ඉරිදා දින දෙක තුළ පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇති බව සඳහන්. මේ අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් හෙට පැවැත්වෙනු ඇති . ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 5.00 ට ජනාධිපති කාර්යාලයේදීයි. ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු සඳහන් කළේ, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ…

තව කියවන්​න