Author: VNews

දුම්වැටියක මිල අද සිට ඉහළ දමා තිබෙනවා. සුරාබදු ඉහළ දැමීමත් සමඟ දුම්වැටියක මිල මෙලෙස ඉහළ දැමීමට කටයුතු කළ බව ලංකා දුම්කොළ සමාගම පවසනවා. ඒ අනුව, කාණ්ඩ 4ක් යටතේ දුම්වැටියක මිල රු. 5/-, රු. 15/-, රු. 20/-, සහ රු. 25/ ක් ලෙස ඉහළ දමා තිබෙනවා.

තව කියවන්​න

බස්නාහිර හා දකුණු පළාතේ පාතාල මර්දනය සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇතැයි පොලිසිය පවසනවා. ඒ අනුව බස්නාහිර පළාතේ තෝරාගත් ප්‍රදේශ ආශ්‍රිතව මෙන්ම දකුණු පළාතේ කොස්ගොඩ, අම්බලන්ගොඩ, අහුන්ගල්ල ඇල්පිටිය, මීටියාගොඩ, හික්කඩුව හා මාතර යන ප්‍රදේශ ආශ්‍රිත එලෙස විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බව සඳහන් . පොලිස් විශේෂ කාර්ය බලකානිලධාරීන් විසින් මාර්ග බාධක යොදා ගනිමින් පරීක්ෂා කිරීම, සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නියමිත බවද පොලිසිය සඳහන් කලා.

තව කියවන්​න

විදුලි බිල සංශෝදනය කිරීම සම්බන්ධයෙන් සාකච්චා කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පවත් කරන්නයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කළා . ඔහු අද පාර්ලිමේන්තුවේදී කතානායකවරයාට මෙම ඉල්ලීම ඉදිරිපත් කළා . මේ අතර මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සබාපති ජනක රත්නායක මහතාද විදුලි බිල අඩු වීම සමබන්ධයෙන් අදහස් පල කළා . අද සිට විදුලි ගාස්තු පහළ දැමීමට මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 14.2කින් විදුලි ගාස්තු පහළ යනු ඇති.

තව කියවන්​න

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ විශේෂ පාර්ලිමේන්තු විවාදය මේ වන විට පැවැත්වෙනවා.අද පෙරවරු 9.30 සිට රාත්‍රී 7.30 දක්වා විවාදය පැවැත්වෙනු ඇති . දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව සම්බන්ධයෙන් පැවැත්වෙන විවාදයෙන් අනතුරුව ඡන්ද විමසීමක් ඉල්ලා සිටින්නේ නම් එය රාත්‍රී 7.30ට පැවැත්වීමට තීරණය වී තිබෙනවා. මේ අතර සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය, උත්තර ලංකා සභාගය සහ නිදහස ජනතා සභාව යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කිරීමට තීරණය කර ඇති බව සඳහන් . නිදහස් පක්ෂය මේ දක්වා අවසන් තීරණයක් ගෙන නොමැති අතර, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවේදී රැස්වී අවසන් තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත යි . මේ අතර, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් පිළිබඳ…

තව කියවන්​න

මුදල් කමිටුවේදී අනුමත වූ යෝජනාව වෙනුවට වෙනත් යෝජනාවක් න්‍යාය පත්‍රයට ඉදිරිපත් කර ඇතැයි චෝදනා කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අදහස් ප්‍රකාශ කිරීමත් සමඟ අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් ඇති වුනා . මෙහිදී අදහස් දැක්වූ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ අද පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් වී ඇත්තේ මුදල් කාරක සභාව අනුමත කළ යෝජනාව නොවන බවයි. එම නිසා යෝජනාව සම්බන්ධයෙන්ඉදිරිපත් කෙරුණු සංශෝධන මුලින්ම ප්‍රකාශයට පත් කළ යුතු බව ඔහු සඳහන් කලා . මෙහිදී අදහස් දැක්වූ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේ මුදල් කාරක සභාවේදී අනුමත නොවූ යෝජනාවක් සම්බන්ධයෙන් අදහස් දැක්විය නොහැකි බවයි. මේ අනුව සභානායක අමාත්‍ය…

තව කියවන්​න

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල ෆේස්බුක් පිටුවට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ ඊයේ පස්වරුවේ සිට අදාළ ගිණුමේ ග්‍රහණය හැකර්වරුන් අතට පත්ව ඇති බවයි. මේ වන විට ඊට අදාළ නීතිමය කටයුතු සහ තාක්ෂණික කටයුතු සිදුකරමින් සිටින බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළා. රජයේ නිල තොරතුරු හා ප්‍රවෘත්ති අදාළ ගිණුමේ ඇතුළත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

තව කියවන්​න

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවකයින් 6000කගේ පමණ රැකියා අහිමි වීමේ අවදානමක් මතුව ඇති බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ කඩිනමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සිදුනොකළහොත් මෙම තත්ත්වය උදාවන බවයි. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළා. දිගින් දිගටම පාඩු ලබමින් සිටින ශ්‍රී ලංකන් ගුවන් සමාගාම නඩත්තු කිරීමට රජයට තවදුරටත් හැකියාවක් නොමැති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

තව කියවන්​න

අස්වැසුම සමාජ සුබසාධන දීමනා සම්බන්ධයෙන් මේ දක්වා අභියාචනා ලක්ෂ පහකට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. එහි සභාපති ඩී.විජේරත්න මහතා පැවසුවේ ඊට අදාළව විරෝධතා 6,783ක් ලැබී ඇති බවයි. අස්වැසුම වැඩසටහන පිළිබද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද අදහස් ප්‍රකාශ කර තිබුණා. ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී කිසිවෙකු අත්නොහැරෙන ලෙස කටයුතු කරන ලෙසයි. ඒ අනුව අස්වැසුම වැඩසටහන සදහා ලියාපදිංචි වීමට නොහැකිවුවන් සදහා අගෝස්තු මාසයේ දී ඒ සදහා යළි අවස්ථාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා. මේ අතර අස්වැසුම වැඩසටහන පිළිබද ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා මෙලෙස…

තව කියවන්​න

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද පැවැත්වෙනවා. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වු අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබුණා. ඒ අනුව අද පෙරවරු 09.30 සිට රාත්‍රි 07.30 දක්වා අදාළ විවාදය පැවැත්වෙනු ඇති. ඉරිදා දින මෙම විවාදය නොපැවෙත්වෙන බවයි පාර්ලිමේන්තුව නිවේදනය කළේ. එමෙන්ම ලබන 4 වැනි අගහරුවාදා පාර්ලිමේන්තු රැස්වීමන් නොපැවැත්වීමට ද තීරණය කර තිබෙනවා. එදිනට අදාළ පාර්ලිමේන්තු කටයුතු ලබන 07 වන සිකුරාදා විවාදයට ගැනීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ තීරණය වී තිබෙනවා. මේ අතර දේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට රාජ්‍ය මුදල් පිළිබද කාරක සභාවේ අනුමැතිය ඊයේ හිමිව තිබුණා. මේ ඒ පිළිබද අදහස් දැක්වු…

තව කියවන්​න

අද සිට විදුලි ගාස්තු පහළ දැමීමට මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 14.2කින් විදුලි ගාස්තු පහළ යනු ඇති. නව සංශෝධනයට අනුව ඒකක 0 ත් 30 ත් අතර මාසික පරිභෝජනයක් ඇති කාණ්ඩය සදහා ඒකකයකට රුපියල් 30ක් ලෙස අය කළ යුතු ගාස්තුව රුපියල් 10ක් දක්වා අඩු කර තිබෙනවා. මහජන උපයෝගිතා කොමිසම ඊයේ රැස්වු අවස්ථාවේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ. විදුලි ඒකක 60ට අඩු කාණ්ඩයේ ඒකකයක ගාස්තුව රුපියල් 42 සිට රුපියල් 32 දක්වා අඩුවන අතර මාසික ගාස්තුව රුපියල් 650 සිට රුපියල් 300 දක්වා අඩු වනු ඇති. එමෙන්ම ඒකක 91 ත් 120 ත් කාණ්ඩය සදහා ඒකකයක…

තව කියවන්​න