Author: VNews

අද  සිට බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව පළමු කිලෝමීටරයට අය කළ රු:100ක ගාස්තුව වෙනස් නොවන අතර, 2 වැනි කිලෝමීටරයේ සිට අය කළ හැකි ගාස්තුව රු:85ක් දක්වා සංශෝධනය කර ඇති බවයි පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කරන්නේ.

තව කියවන්​න

පසුගිය දිනවලට සාපේක්ෂව අද (09) දවසේ රන් මිල තරමක ඉහළ අගයක් වාර්තා කර තිබෙනවා. ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල සටහන් වූයේ රුපියල් 217,200.00ක් ලෙසයි. එමෙන්ම කැරට් 22 රන් පවුමක මිල රුපියල් 199,100.00ක් ලෙසයි සටහන් වූයේ.

තව කියවන්​න

සහල් මෝල් හිමියන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් ඉදිරියේදී නාඩු සහල් හිගයක් ඇතිවීමේ අවධානමක් පවතින බව හැටන් නගරයේ සහල් ව්‍යාපාරිකයන් පවසනවා. නාඩු සහල් කිලෝ පන්දහසක් මිලදී ගැනීමට සහල් මෝල් හිමියන්ගෙන් කීරි සම්බා කිලෝ පන්දහසක් මිලදී ගත යුතු බවත්, තවත් ප්‍රධාන පෙලේ සහල් මෝල් හිමියෙකුගෙන් නාඩු සහල් කිලෝ පන්දහසක් ලබා ගැනීමට කීරි සම්බා කිලෝ පහලොස්දහසක් මිලී ගත යුතු බවත්, පවත්නා තත්ත්වය මත තම කඩ තුල කීරි සම්බා තොග ගොඩ ගැසී ඇති බවයි ඔවුන්ගේ චෝදනාව වන්නේ.

තව කියවන්​න

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ  තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ( Green Channel ) ඔස්සේ ගුවන් තොටුපොළෙන්  පිටව යාමට තැත් කළ ගුවන් මගියෙකු 10/09 දින අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . මොහු මීගමුව ප්‍රදේශයේ පදිංචි  , ගුවන් මගින් භාණ්ඩ ගෙනැවිත් අලෙවි කිරීමේ නිරත 44 හැවිරිදි  ව්‍යාපාරිකයෙකි . ඔහු 10/09 දින අලුයම 04.50 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .  ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 04 ක්…

තව කියවන්​න

දහම් පාසල් ගුරුවරුන් සහ දහම් පාසල් සිසු දරුවන්, උපහාරයට ලක් කිරීමේ උලෙළක් රැඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිරි සුමනසාර දහම් පාසලේදී පසුගියදා (06) පැවැත්වුණි. ලෝක ගුරු දිනය සහ ළමා දිනය නිමිති කරගනිමින් එම වැඩසටහන් මාලාව රලපනාවේ බුදුරැස් විහාරයේ , සංගිලිකනදරාව සුමනාරාම විහාරය, වව්නියාව දිස්ත්‍රික්ක සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකාධිකාරී ලිදවැව අමරජෝති හිමියන්ගේ විසින් සංවිධානය කර තිබුණි . එහිදී දහම් පාසල් ගුරුවරුන් 14 දෙනෙකු උපහාරට ලක් වු අතර සිසු සිසුවියන් 200 ට ආසන්න පිරිසක් ඇගයීමට ලක් කෙරුණි. මැදවච්චිය, රැඹෑව සහ වව්නියාව ඇතුලු ප්‍රදේශ රැසක අඩු ආදායම්ලාභී පවුල්වල ජීවත්වන දුවා දරුවන් සඳහා විවිධ දානපතියන්ගේ උදව් උපකාර මත විවිධ වැඩසටහන් රැසක් පූජ්‍ය ලිදවැව අමරජෝති හිමියන්ගේ විසින්…

තව කියවන්​න

“මත්ද්‍රව්‍යයෙන් තොර දීප්තිමත් අනාගතයක් සඳහා ළමුන් සහ තරුණ පරපුර බලගැන්වීම” යන උදාර තේමාව පෙරදැරිව, විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා ස්ථාපිත කාර්යසාධක බලකායේ මූලිකත්වයෙන් පාසැල් දූ දරුවන් සහ නව යොවුන් ප්‍රජාව වෙනුවෙන් චිත්‍ර සහ සජීවීකරණ වීඩීයෝ තරඟාවලියක් 2024 වර්ෂයේ නොවැම්බර් මාසයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර, ඒ සඳහා නිර්මාණ භාර ගැනීම 2024 ඔක්තෝබර් මස 31 වන දින දක්වා සිදු කෙරේ. ඒ අනුව, විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා ස්ථාපිත කාර්යසාධක බලකායේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟපෙන්වීම මත, එම බලකායේ මූලිකත්වයෙන් සහ අධ්‍යාපන විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍යාංශය,…

තව කියවන්​න

බංග්ලාදේශයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. උතුරු දිග බංග්ලාදේශයට අයහපත් කාලගුණයෙන් වැඩිම බලපෑම් එල්ල වී ඇති අතර ලක්ෂයකට අධික පිරිසක් ඉන් පීඩාවට පත්ව ඇති බව එරට බලධාරීන් සඳහන් කරනවා . අධික වර්ෂාපතනයත් සමඟ ගංවතුර තත්ත්වයක් ද හටගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ . ප්‍රධාන ගංගා රැසක් පිටාර ගැලීමත් සමඟ ප්‍රදේශ රැසක් තවමත් ජලයෙන් යටව ඇති බව වාර්තා වෙනවා .

තව කියවන්​න

මහ බැංකුව විසින් අද  දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 288.58ක් ලෙසයි සටහන්ව ඇත්තේ. එමෙන්ම එහි විකුණුම් මිල රු. 297.62ක් ලෙස වාර්තා වී තිබෙනවා.

තව කියවන්​න

මිල්ටන් සුළි කුණාටුව ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට දැඩි බලපෑම් කරනු ඇතැයි වාර්තා වනවා. මිල්ටන් සුළි කුණාටුව අධික ලෙස ජනාකීර්ණ ටැම්පා බොක්ක ආශ්‍රිත ප්‍රදේශය හරහා ගමන් කර ගොඩබිම දෙසට දිහමා යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. එය පස්වන කාණ්ඩයේ සුළි කුණාටුවක් දක්වා මේ වනවිට වර්ධනය වී තිබෙනවා.

තව කියවන්​න

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් එළඹෙන මහ මැතිවරණය වෙනුවෙන් නව පක්ෂයක් හඳුන්වා දී තිබෙනවා. මයික්‍රෆෝනය සළකුණින් එන එම පක්ෂය නම් කර ඇත්තේ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ ලෙසයි.

තව කියවන්​න