Author: VNews
ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක බස්රථයක් ගිනිගැනීමට ලක්වීමෙන් කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු 26 දෙනෙකු මියගොස් තවත් 08දෙනෙකු තුවාල ලබා තිබෙනවා . විදෙස් වාර්තා සඳහන් කළේ පුද්ගලයින් 33 දෙනෙකු සමග පූනේ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් අද අළුයම මෙලෙස ගිනිගෙන ඇති බවයි . අධිවේගී මාර්ගයේ කණුවක ගැටීමෙන් බස් රථය පෙරළී ගොස් ගිනිගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා .
පාසල් රග්බි ලීග් තරගාවලියේ තවත් තරග 4ක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. පළමු අදියරේ ඒ කාණ්ඩය යටතේයි මෙම තරග පැවැත්වීමට නියමිතව ඇත්තේ. ඒ අනුව කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලය සහ මහනුවර කිංස්වුඩ් විදුහල අතර පළමු තරගය පැවැත්වෙනු ඇති. කොළඹ රාජකීය විද්‍යාලය සහ විද්‍යාර්ත විද්‍යාලය අතර තරගය කොළඹ රාජකීය විද්‍යාලීය ක්‍රිඩාංගනයේදී ආරම්භවීමට නියමිතයි. එමෙන්ම මරදාන සහිරා විද්‍යාලය සහ මහනුවර විද්‍යා විද්‍යාලය අතර අද තරගයක් පැවැත්වෙනවා. මේ අතර මහනුවර බෝගම්බර ක්‍රිඩාංගනයේදී මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ කොළඹ ශාන්ත පීතර විදුහල අතර තරගය පැවැත්වීමට නියමිතයි. මෙම සියලු තරග අද පස්වරු 04ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
මෙරට සිටි ළමා රෝග විකිරණවේදය පිළිබඳ එක ම විශේෂඥ වෛද්‍යවරයා ද රට හැර ගොස් ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා. එම සංගමය පෙන්වා දෙන්නේ, මෙරට සිටින විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් බහුතරයක් මේ වන විට රට හැර ගොස් ඇති බවයි. ඛන්තු රේඛ පිළිබඳ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්, ළමා ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරුන්, ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්, හදිසි ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්, ළමා මනෝ වෛද්‍ය විශේෂඥවරුන් ආදී ක්‍ෂේත්‍රවල සිටි සීමිත විශේෂඥ වෛද්‍යවරුන් ද මේ වන විට රට හැර ගොස් ඇති බවත් එම සංගමය ප්‍රකාශ කළා. එළඹෙන 2024 -2025 වර්ෂ සඳහා මෙරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට විශේෂඥ වෛද්‍යවරුන් හාර දහසක් පමණ අවශ්‍ය බවට ඇස්තමේන්තුගත කර ඇතත්…
ප්‍රංශයේ විරෝධතා පාලනයට 45,000 කට අධික පොලිස් බල ඇණියක් කැඳවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. එම විරෝධතාවයෙන් දහසකට අධික පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන බව සදහන්. එම අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර අවුරුදු 13ත් 18ත් අතර වයස්වල පසුවන්නන් බවයි විදෙස් වාර්තා පවසන්නේ . රටපුරා බස් සහ සේවා ඇතුළු පොදු ප්‍රවාහන සේවා ද විරෝධතා හමුවේ නවතා දමා තිබෙනවා.විරෝධතාකරුවන් එරට තුවක්කු ගබඩාවක්ද කොල්ලකා ඇතැයි සඳහන් . ප්‍රංශයේ මෙම විරෝධතා පාලනයට එරට ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් හදිසි සාකච්ඡවක් ද ඊයේ කැඳවා තිබෙනවා. අණ නොතකා රිය ධාවනය කළ තරුණයෙකු, පොලිස් නිලධාරියෙකු විසින් ඝාතනය කිරීමේ සිද්ධියක් මුල් කර ගනිමින් ප්‍රංශයේ මෙම විරෝධතා ආරම්භ වුනා.
එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපර් සික්ස් වටයේ තවත් තරගයක් අද පැවැත්වුනා.ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ස්කොට්ලන්තය අතරයි. මෙරට වෙලාවෙන් තරගය පස්වරු 12.30ට ආරම්භ වුනා. මේ අතර ශ්‍රී ලංකාව සහභාගි වන මීලග තරගය සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හෙට පැවැත්වීමට නියමිතයි.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ඉන්දියාවට සහයෝගය ලබාදෙන බවට අමෙරිකාව යළිත් අවධාරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අමෙරිකානු රාජ්‍ය සංචාරයේදී අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඒ බව තහවුරු කර ඇති බවයි. එමෙන්ම න්‍යෂ්ටික සැපයුම්කරුවන්ගේ කණ්ඩායමේ සාමාජිකත්වය සඳහා ද ඉන්දියාවට සහය ලබාදෙන බව ද අමෙරිකානු ජනාධිපතිවරයා නැවත තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. එමෙන්ම නායකයින් දෙපළ විසින් නිදහස්, විවෘත, සාමකාමී සහ සමෘද්ධිමත් ඉන්දිය -පැසිෆික් කලාපයක් සඳහා ඔවුන්ගේ කැපවීම ද අවධාරණය කර ඇතැයි සඳහන්. එම කලාපය වෙත සිදුකරන බලහත්කාර මැදිහත්වීම් සහ ආතතීන් පිළිබඳව කනස්සල්ල පළ කළ ඉන්දු – අමෙරිකානු නායකයින් කලාපයේ පවතින තත්ත්වය වෙනස්…
ශ්‍රී ලංකාවට ගිණිකොන දිග මුහුදේ භූ කම්පනයක් සිදුවී තිබේනවා. ශ්‍රී ලංකාවට කිලෝමීටර් 1,260ක් පමණ ගිණිකොන දිග මුහුදේ අභ්‍යන්තරයෙන් එම භූ කම්පනය වාර්තා වී ඇති බව සඳහන් . එහි ප්‍රබලත්වය සටහන්වී ඇත්තේ රික්ටර් මාපක 5.8ක් . ඒ අනුව කොළඹ, බත්තරමුල්ල, අකුරැස්ස සහ ගාල්ල ඇතුළු ප්‍රදේශවලට මෙම භූ චලනයේ බලපෑම දැනී තිබේනවා.
පක්ෂ නායක රැස්වීමට සහභාගී වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවස්ථාව ලබා නොදෙන්නේ නම් ඒ රැස්වීමට බලහත්කාරයෙන් සහභාගී වන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසුවා. මේම ප්‍රශ්නය ජාත්‍යන්තරයට ගෙන යන බවද මන්ත්‍රීවරයා පැවසුවා .
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාවය මත ණය ප්‍රතිව්‍යුගත වැඩසටහන ක්‍රියාත්මක වෙමින් පවතින බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවසනවා. නව ලිබරල්වාදී ක්‍රමවේදය තුළින් රට තවදුරටත් බංකොලොත් වන බවද උන්වහන්සේ සඳහන් කළා. කොළොඹ පැවති මාධ්‍ය හමුවකදී අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් මේ බව අවධාරණය කලා.
දකුණු පළාත භීතියට පත්කරගෙන සිටි මාකදුරේ මදූෂ්ගේ ගෝලයකු වන මහා පරිමාණ අපරාධකරුවකු වන රොටුඹ රසිකගේ ගෝලයන් සිව් දෙනෙක් අපරාධ සදහා යොදා ගන්නා AK47 වර්ගයේ ගිනි අවියක් සහ ඇමෙරිකාවෙ නිෂ්පාදිත අති නවීන පිස්තෝලයක් ද සමඟින් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගිනි අවි සඟවා තබා ගැනීමට ආධාර අනුබල දීම, හෙරොයින් ග්‍රෑම් 12 මිලි ග්‍රෑම් 80 සහ 9mm උණ්ඩ යෙදිය හැකි ඇමරිකාවේ නිෂ්පාදිත පිස්තෝල අවියක් සහ එම මැගිසිනයක්, AK47 වර්ගයේ ගිනි අවියක් හා මැගසිනයක් සමග මුලටියන සහ මාකදුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36, 43, 44, 51, ක් වන පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තිහගොඩ පොලිස් ස්ථානය…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222