- අල්ලස් නඩු විභාග කිරීමට විශේශ අධිකරණ දෙකක්
- නේපාලයේ නව අගමැතිට ඉන්දීයාවෙන් සුභ පැතුම්
- ඩෑන් ප්‍රියසාද් ඝාතන සැකකරුවන්රඳවා ප්‍රශ්න කිරීම සඳහා අවසර
- ශ්‍රී ලංකාවේ දිගු කාලීන හා කෙටි කාලීන ණය ශේණිය ඉහළට
- පාකිස්තානු කාන්තාවන්ට ලකුණු 293ක ඉලක්කයක්
- වෙල්ලාලගේ අද රෑ යළි ඩුබායි යයි
- කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
- සාමාන්‍ය පෙළට අයදුම්පත් කැඳවීම ඇරඹෙයි
Author: VNews
ශ්‍රී ලංකා රේගු බහාලුම් පරීක්ෂණ අංගය තුළ දැඩි තදබදයක් නිර්මාණය වී තිබෙනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ සුදත් සිල්වා මහතා පැවසුවේ පසුගියදා පැවති දින 05 ක නිවාඩුව මෙම තදබදය නිර්මාණය වීමට හේතුවී ඇති බවයි. මේ හේතුවෙන් දිනකට ලැබෙන බහාලුම් ප්‍රමාණය අඩු වී ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. අද වන විට මෙම තදබදය ඉවත්වනු ඇති බව ද රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත් සිල්වා මහතා සඳහන් කළා.
මෙටා සමාගම විසින් හඳුන්වා දුන් ත්‍රෙඩ්ස් නමැති ජංගම දුරකථන යෙදවුම සඳහා පළමු දිනයේදී කෝටි 03 කට ආසන්න පරිශීලකයන් පිරිසක් සම්බන්ධ වී තිබෙනවා. පළමු පැය 07 ඇතුළත පමණක් කෝටි 10 ක පිරිසක් ලියාපදිංචි ඇති බවයි මෙටා සමාගමේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග් තහවුරු කර ඇත්තේ. ලොව ධනවත්ම පුද්ගලයා වන එලෝන් මස්ක්ට අයත් ට්විටර් යෙදවුමට සමාන විශේෂාංග ඇතිව ත්‍රෙඩ්ස් යෙදවුම නිර්මාණය කර තිබෙනවා. කෙසේවෙතත් නියාමන රෙගුලාසි හේතුවෙන් යුරෝපා සංගමයට අයත් රටවල තවමත් ත්‍රෙඩ්ස් යෙදවුම බාගත කිරීමේ අවස්ථාව නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.
එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට එරෙහි තරගය කඩුලු 08කින් ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහරදීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පළමුවන් පන්දුවට පහරදුන් කෙදෙව්වන් පන්දුවාර 48 යි එක් පන්දුවක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 243ක් රැස් කළා. පන්දු යැවිමේදී මහීෂ් තීක්ෂණ කඩුලු 04ක් බිද හෙළුවා. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 44යි පන්දු දෙකක් තුළ කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 244 ක් ලබා තරගය ජයග්‍රහණය කළා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය පළමු කඩුල්ල සදහා ලකුණු…
2023 උසස් පෙළ විභාගයට අදාළ අයදුම්පත් කැඳවීම අද සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ලබන 28 වනදා දක්වා ඒ සදහා අවස්ථාවට ලබා දී ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඔන්ලයින් මාර්ගයෙන් අයදුම්පත් කැදවීම සිදුකෙරෙනු ඇති. ලබන 28 වනදාට පෙර සියලු විභාග අපේක්ෂකයින් ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් යොමු කරන ලෙසයි විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
මෙම වසර අවසන් වීමට පෙර උසස් පෙළ විභාගය පැවැත්වෙන බවත් දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මුල් කාර්තුවේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීම සිදු කළා.
සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා නීති රීති වෙනස් කිරීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඉන්දීය සංචාරක කොංග්‍රසයේ 67 වන වාර්ෂික සමුළුව කොළඹදී අමතමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ බිම්ස්ටෙක් රටවල් අතර දේශසීමා රහිත සංචාරක කර්මාන්තයක් නගා සිටුවීම වෙනුවෙන් ඒකාබද්ධව කටයුතු කළ යුතු බවයි.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මූල්‍ය අර්බුදය ලිහිල් කිරීමට සහය වීමක් ලෙස ණය ආපසු ගෙවීම සඳහා වසර 12 ක් දක්වා කාලය ලබා දීමට ඉන්දියාව සැලසුම්කර තිබෙනවා. ඉන්දීය අපනයන ණය ඇපකර සංස්ථාවේ සභාපති එම්.සෙන්තිල්නාදන් මහතා මේ පිලිබඳ සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාවේ සාකච්ඡා සිදුවෙමින් පවතින බවත්, එම ප්‍රතිව්‍යුහගත කිරීමේ පැකේජය පැමිණි පසු මෙම සහන කාලය ලබාදීමට බලාපොරොත්තු වන බවයි සභාපතිවරයා පවසා ඇත්තේ. ඒ, අනුව වසර අවුරුදු 03-04 ක කාලසීමාවකින් පියවීමට ඇති ණය පියවීම සඳහා වසර 10-12 දක්වා දීර්ඝ කිරීමට හැකිවනු ඇති බව ඔහු සඳහන් කළා.
ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලි අනුපාතික අඩු කිරීමේ වාසිය කඩිනමින්ම වෙළෙඳපොළ වෙත ලබාදීමට පියවර ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව නිත්‍ය තැන්පතු අනුපාතිකය හෙවත් එස් ඩී එෆ් ආර් අගය සියයට 11 සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය හෙවත් එස් එල් එෆ් ආර් අගය සියයට 12 දක්වා අඩු කිරීමට තීරණය කළා. පසුගිය මැයි 31 වනදා ද මහ බැංකුව ප්‍රතිපත්ති පොළී අනුපාතික වාර්තාගත ලෙස පහත දැමීමට කටයුතු කළා. ඒ, පිළිවෙළින් සියයට 13 හා සියයට 14 දක්වා පදනම් අංක 250 කින්. මේ අතර පසුගිය ජුනි මාසය අවසන් වන විට මෙරට දල නිල සංචිත ප්‍රමාණය චීන මහජන බැංකුවේ හුවමාරු පහසුකමද ඇතුළත්ව ඇමෙරිකානු ඩොලර්…
විනාශ වූ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් පිරිපහදු කළ ජලය සාගරයට මුදාහැරීමට ජපානය සැලසුම් කර තිබෙනවා. එම සැලැස්ම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වනු ඇතැයි විශ්වාස කරන බවයි දකුණු කොරියාව පවසන්නේ. මෙම යෝජනාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ පරමාණුක ඒජන්සිය සිදුකළ සමාලෝචනයකින් අනතුරුවයි ඔවුන් මෙසේ පවසා ඇත්තේ . පසුගිය මැයි මස අගදී මෙම බලාගාරය පරීක්ෂා කිරීමට දකුණු කොරියාව කටයුතු කර තිබුණා. ඒ, එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ ආයතනයේ සහය ඇතිවයි. ඒ අනුව පැසිෆික් සාගරයට විකිරණශීලී ජලය ටොන් මිලියන 1.3 කට වඩා මුදා හැරීම ආරක්ෂිත යැයි ඔවුන් යෝජනා කර තිබුණා.
“මහමඟ නිරතුරු වලකමු අනතුරු” යන මැයෙන් මාර්ග ආරක්ෂාව පිළිබඳව පාසල් දරු දැරියන් හා ප්‍රජාව දැනුම්වත් කිරිමේ වැඩසටහනක් එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසල් ශ්‍රවණාගාරයේදී හා එප්පාවල නගරයේදී ඊයේ (06) පැවැත්වුුුණා. එප්පාවල පොලිස් වසමේ පාසල් කීපයක දරු දැරියන් දැනුම්වත් කිරීම හා රිය නියාමක දරුවන් පුහුණු කිරීමේ දේශනයක් හා සංදර්ශණයක් කොළඹ රථ වාහන පොලිස් මූලස්ථානයේ නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙලෙස පැවැත්වුණා. එප්පාවල පොලිස් ස්ථානයේ ආරාධනයකට අනුව මහ මගදී අපි සුරැකෙමු- අපි සුරකිමු යන තේමාව යටතේ ,කොළඹ රථ වාහන පොලිස් මූලස්ථානයේ, උපපොලිස් පරීක්ෂක එම්.සී උදය කුමාර මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් මෙම දේශනයන් හා සංදර්ශණ පැවැත් වුුුවා. එහිදී එප්පාවල පොලිස් වසමට අයත් පාසල් කීපයක දරු දැරියන්ට මාර්ග…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222