Author: VNews

සිය පෞද්ගලික මුදල් වලින්, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වන්දි ලබාදෙන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතා ඇතුළු පාර්ශ්වවලට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදී ඇති කාලය අනිද්දා දිනයෙන් අවසන්වීමට නියමිතව තිබෙනවා. අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් මගින් මෙම වසරේ ජනවාරි මස 12 වනදා ඒකමතික තීන්දුවක් ලබාදෙමින් එම නියෝගය ලබාදෙනු ලැබුවා. එහිදි නියම කර තිබුණේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කෝටි 10කුත්, හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාට සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට කෝටි 7.5ක මුදලක් වින්දිතයින්ට ලබාදෙන ලෙසයි.

තව කියවන්​න

ආබාධිත පුද්ගලයින් සඳහා රියැදුරු බලපත්‍ර ලබා ගැනීමේ නව ක්‍රමවේදයක් සකස් කර ඇතැයි, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා . මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සඳහන් කළේ, ඒ සඳහා මේ වන විට විශේෂ කමිටුවක් පත් කර ඇති බවයි. ඒ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරයෙක්, ප්‍රධාන මෝටර් ප්‍රවාහන පරීක්ෂකවරයෙක් සහ වෛද්‍යවරයකුගෙන් එම කමිටුව සමන්විත වන බව, ඔහු සඳහන් කලා .

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරුන්ට සහ ජනාධිපතිවරුන්ට අයත් පුරාවිද්‍යාත්මක හෝ කලාත්මක වටිනාකමක් ඇති නිල ලංඡන ආපසු ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඉල්ලීමක් කර තිබෙනවා. මෙම ද්‍රව්‍ය ජුලි 31 වැනිදා වන විට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දෙන ලෙස ඔහු දැනුම් දෙනවා. එමෙන්ම යම් තොරතුරක් වේ නම් 0112 354 354 අමතා ඒ පිළිබඳ දැනුම් දෙන ලෙසයි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඉල්ලා සිටින්නේ . 2022 ජූලි 9 සිට ජූලි 14 දක්වා විරෝධතාකරුවන් විසින් කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අත්පත් කර ගැනීමේදී, ශ්‍රී ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරුන් සහ ජනාධිපතිවරුන් සම්බන්ධ කබා ඇතුළු විවිධ වටිනා කෞතුක වස්තු සහ පුරාවිද්‍යාත්මක භාණ්ඩ අතුරුදහන් වුනා .

තව කියවන්​න

පකිස්තානයේ ලාහෝර් කළමනාකරණ විද්‍යා විශ්ව විද්‍යාලයේ සේවය කරන කාන්තාවක් එම නගරයේදී පුද්ගලයින් පිරිසක් විසින් ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. එම මාධ්‍ය වාර්තා පැවසුවේ එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ක්‍රිස්තියානි ආගමික කාන්තාවක් මෙන්ම තිදරු මවක් බවයි. ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරෙන මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ ඉස්ලාම් ආගමට යොමුවීම ප්‍රතික්ෂේප කිරීම හමුවේ ඇයව ඝාතනය කර ඇති බව යැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේ අතර බාලවයස්කාර දැරියක් පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් ඉස්ලාම් ආගමට හරවා ගැනීමේ සිද්ධියක් පන්ජාබ් ප්‍රාන්තයේ ෆයිසාලාබාද් ප්‍රදේශයෙන් වාර්තා වනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අදාළ දැරියව පසුව ඇයව පැහැරගත් තැනැත්තාට විවාහ කර දී ඇති බවයි.

තව කියවන්​න

ඉන්දියාවේ සංචාරක නියෝජිත සංගමයේ සම්මේලනය පසුගිය 06 වනදා කොළඹදී ආරම්භ වුනා. එය 09 වනදා තෙක් පැවැත්වීමට නියමිතයි. ඉන්දියාවේ සංචාරක නියෝජිත සංගමයේ සම්මේලනය මෙවර කොළඹදී පැවැත්වෙන්නේ වසර 18 කට පසුව බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.ඒ සඳහා ඉන්දියාව නියෝජනය කරමින් 700 කට අධික නියෝජිතයන් පිරිසක් ද ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද ආරම්භක උත්සවය සඳහා සහභාගී වුනා . ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලි විසින් සමාරම්භක දේශනය පවත්වනු ලැබුවා . මීට පෙර සැලසුම් කර තිබුනේ අප්‍රේල් 19 සිට 22 දක්වා එම සම්මේලනය කොළඹදී පැවැත්වීමටයි. එහෙත් රට තුළ පැවැති නොසන්සුන්තාවයන් සහ ආර්ථික අර්බුද හේතුවෙන් එම සම්මේලනය…

තව කියවන්​න

අක්ෂි ශල්‍යකර්මයකදී කාන්තාවක් මියයාම පිළිබඳ වැඩිදුර විමර්ශනය සඳහා කමිටුවක් පත්කර ඇතැයි ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ඒ.ආර්.එම්.තවුෆික් මහතා පවසනවා . ඔහු පැවසුවේ, විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විතව එම කමිටුව පත් කළ බවයි. ජාතික අක්ෂි රෝහලේ අක්ෂි ශල්‍යකර්මයකදී එලෙස මියගොස් ඇත්තේ, කොස්ගොඩ, බොරලුකැටිය පදිංචි 34 හැවිරිදි දෙදරු මවක් . කෙසේ වෙතත් අක්ෂි කාච බද්ධ කිරීමේ ශල්‍යකර්ම අඛණ්ඩව ක්‍රියාත්මක බව ද ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ඒ.ආර්.එම්.තවුෆික් මහතා ප්‍රකාශ කලා . මේ අතර ගැටළු සහගත නිර්වින්දන එන්නත් කාණ්ඩය භාවිතයෙන් තවකාලිකව ඉවත් කල බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසනවා . මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සදහන් කළා .  

තව කියවන්​න

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් ඩෙංගු රෝගීන් වර්තා වීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව කොළඹ මහ නගර සභාව පවසනවා. එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා සඳහන් කළේ, මෝසම් වැසි සක්‍රීය වීමත් සමඟ ඉදිරි සති දෙක ඇතුළත මෙම තත්ත්වය වර්ධනය වීමේ අවදානමක් මතු ව ඇති බවයි. මෙම වර්ෂය තුළ කොළඹ නගරය තුළින් ඩෙංගු යැයි සැක කෙරෙන රෝගීන් 2,138ක් වාර්තා වී ඇති බව ද රුවන් විජේමුණි මහතා සඳහන් කළා.

තව කියවන්​න

බංග්ලාදේශ සුපිරි ආරම්භ පිතිකරු තමිම් ඉක්බාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට ගත් තීරණය වෙනස් කර තිබෙනවා. බංග්ලාදේශ අග්‍රාමාත්‍ය හෙයිකි හසීනා මහත්මියගේ ඉල්ලීම මතයි තමිම් සිය තීරණය වෙනස් කර ගෙන ඇත්තේ. පසුගියදා මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු ජාත්‍යන්තර පිටියට සමුදෙන බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවේ අතිශය සංවේදි වෙමින්. පසුව තමිම් සිය බිරිඳ සමග බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය සමග සාකච්ඡාවක එක්ව තිබුණා.

තව කියවන්​න

ඉන්දියාවට අයත් ටග් යාත්‍රාවක් මන්නාරම වෙරළ තීරයට ගොඩගසා තිබෙනවා. ටග් යාත්‍රාවේ ආධාරයෙන් ඇදගෙන ආ බත්තලක් මෙලෙස වෙරළට ගොඩගසා තිබුණා. ටග් යාත්‍රාවේ අති වු කාර්මික දෝෂයක් හේතුවෙන් වෙරළට ගොඩගසා ඇති බවයි නාවික හමුදාව සදහන් කළේ. ආදළ ටග් යාත්‍රාව මාලදිවයිනේ සිට ඉන්දියාව බලා ගමන් කරමින් සිටියදීයි මෙලෙස කාර්මික දෝෂයකට ලක්ව ඇත්තේ.

තව කියවන්​න

කිලිනොච්චිය දිස්ත්‍රික්ක‌යෙන් වාර්තා වන බිළිදු මරණ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ටී සත්‍යමුර්ති මහතා පැවසුවේ ඒ සදහා වෛද්‍යවරුන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇති බවයි. කිලිනොච්චිය දිස්ත්‍රික් මහ රෝහලෙන් අලුත උපන් බිළිදුන් දෙදෙනෙකුගේ මරණ වාර්තා වී තිබුණා. එමෙන්ම මළ දරු උපත් දෙකක් ද එම රෝහලෙන් පසුගිය සතිය තුළ වාර්තා වී තිබෙනවා. කෙසේවෙතත් අදාළ මරණවලට හේතු වු කරුණු නිශ්චිතව අනාවරණය වී නොමැති බවයි උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

තව කියවන්​න