Author: VNews

 නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව 2024 ඔක්තෝබර් මස 09 වන දින යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා හතරක් (04) සමඟ ඉන්දීය ධීවරයින් විසි එක් දෙනෙකු (21) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩ පවත්වා, දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, 2024 ඔක්තෝබර් මස 09 වන දින දහවල් කාලයේ මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් උතුරු නාවික විධානය…

තව කියවන්​න

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර  ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු 10/10 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකින් අත් අඩංගුවට ගෙන තිබේ . 10/09 දින රාත්‍රී 08.20 ට කටාර් රාජ්‍යයේ දෝහා බලා පිටත්ව යාමට නියමිත කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 655 දරන ගුවන් යානයට පිවිසීම සදහා මෙම කණ්ඩායමේ පළමු බංගලදේශ ජාතිකයා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ . ඔහු සිය ගුවන් සේවා නිශ්කාශන කටයුතු සදහා කටාර් ගුවන් සේවා නිලධාරීන් වෙත ඉදිරිපත් කළ…

තව කියවන්​න

බටහිර ඉන්දීය කොදෙව් දූපත් ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සදහා 10/10 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග විස්සයි විස්ස තරග 03 ක් සහ එක් දින තරග 03 ක් සදහා සහභාගී වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රසන්න රුද්‍රිගු මහතා පැවසීය . මෙම විස්සයි විස්ස තරග එළඹෙන 10/13 , 10/15 සහ 10/17 යන දින වල රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී රාත්‍රී තරගාවලියක් ලෙස පැවැත්වීමට නියමිතය . මීට අමතරව එක් දින තරග එළඹෙන 10/20 , 10/23 සහ 10/26 යන දින වල පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරගාවලියක් ලෙස පැවැත්වීමට…

තව කියවන්​න

ඉතාලි නාවික හමුදාවේ ‘PPA MONTECUCCOLI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2024 ඔක්තෝබර් 10) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි. මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Multi Purpose Combat Ship වර්ගයට අයත් ‘PPA MONTECUCCOLI’ යුද නෞකාව, දිගින් මීටර් එකසිය හතලිස් තුනක් (143) හා නැව් මුළුව එකසිය පනස් දෙදෙනෙකුගෙන් (152) සමන්විත වේ. නෞකාවේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් Alessandro Troia සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ අතර නිල හමුවක් අද දින (2024 ඔක්තෝබර් 10) එම විධාන මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව ඇත.   එමෙන්ම, ‘PPA MONTECUCCOLI’ යුද නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුල එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට නියමිතව ඇති අතර, නෞකාවේ මෙහෙයුම් ක්‍රියාකාරිත්වය පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයන්…

තව කියවන්​න

ආදායම් ඉපැයීම සහ මෙහෙයුම්වල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා වූ උපායමාර්ගික සැලසුම් පිළිබඳ අවධානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. රජයේ පුළුල් ආර්ථික සහ නියාමන ප්‍රතිසංස්කරණවලට අදාළව මෙම දෙපාර්තමේන්තු දෙක තුළ ආදායම් ඉපැයීම සහ මෙහෙයුම්වල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා වූ උපායමාර්ගික සැලසුම් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි. ආදායම් කළමනාකරණය සහ බදු එකතු කිරීමේදී තමන්ට මුහුණ පෑමට සිදු වන අභියෝග පිළිබඳව මෙහිදී දෙපාර්තමේන්තු දෙකෙහිම නිලධාරීන් විසින් ජනාධිපතිවරයාව දැනුවත් කරන ලදී. එම ගැටළුවලට ඵලදායී ලෙස මුහුණ දීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ…

තව කියවන්​න

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ  තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ( Green Channel ) ඔස්සේ ගුවන් තොටුපොළෙන්  පිටව යාමට තැත් කළ ගුවන් මගියෙකු 10/09 දින අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .  මොහු මීගමුව ප්‍රදේශයේ පදිංචි  , ගුවන් මගින් භාණ්ඩ ගෙනැවිත් අලෙවි කිරීමේ නිරත 44 හැවිරිදි  ව්‍යාපාරිකයෙකි . ඔහු 10/09 දින අලුයම 04.50 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි . ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 04 ක්…

තව කියවන්​න

ඇමෙරිකානු එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය උණුසුම් සුබපැතුම් එක් කර තිබේ. එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන සබඳතා සිහිපත් කරමින් සමස්ත ඇමෙරිකානු ජනතාව වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබපැතුම් එක් කළ ජෝ බයිඩන් මහතා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවදය තවදුරටත් තහවුරු කරමින් පසුගිය ජනාධිපතිවරණය සහ පශ්චාත් ජනාධිපතිවරණ සමය ඉතා සාමකාමී අන්දමින් පවත්වා ගැනීම පිළිබඳව ද සිය ප්‍රසාදය පළ කර තිබේ. ඇමෙරිකානු ජනාධිපති බයිඩන් මහතා සිය සුබ පැතුම් පණිවිඩයෙහි මෙසේ සඳහන් කර තිබේ. “මෙම මැතිවරණය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ශක්තිය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන සාමකාමී නිදහස් හා සාධාරණ මැතිවරණයක් තුළින්…

තව කියවන්​න

පානදුර ගොරකාන ප්‍රදේශයේ හෝටලයක ලැගුම් ගෙන සිටියදී අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් 20දෙනා එළඹෙන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පානදුර අතිරේක මහෙස්ත්‍රාත් අද (09) නියෝග කළේය.

තව කියවන්​න

ලංකා කම්කරු කොංග්‍රසය දෙකඩ වන තත්ත්වයක් උද්ගතවී ඇති බව වාර්තා වනවා. ඒ මහ මැතිවරණයේ නාමයෝජනා සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළුකාරී තත්ත්වය හේතුවෙන්. කෙසේ වෙතත් ලංකා කම්කරු කොංග්‍රස් පක්ෂයේ උප සභාපති භාරත් අරූල් සාමි එම පක්ෂයෙන් ඉවත් වී තිබෙනවා. ඔහු ලිපියක් යොමුකරමින් ඒ බව සඳහන් කළා.

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපතිඅති උතුම් බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.BrianUdaigwe) හිමිපාණන් අද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබෙනවා. අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධූරයට පත්වීම නිමිත්තෙන් සිය උණුසුම් සුබ පැතුම් පිළිගැන්වූ වතිකාන තානාපතිවරයා, කතෝලික සභාවේ ප්‍රධානී සහ ස්වෛරී වතිකාන රාජ්‍යයේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ හෘදයාංගම සුබපැතුම් ද ජනාධිපතිවරයා වෙත පිළිගන්වනව ලදි.

තව කියවන්​න