Author: VNews

තමන්ව ස්ථාන මාරු කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය ගනු ලැබූ තීරණය බලරහිත කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබෙනවා. ඒ අනුව ලබන 17 වන දා එය කැදවන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇත්තේ. එම පෙත්සම ප්‍රියන්ත ජයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙදින නිල සංචාරයක් සඳහා ජුලි 21 වනදා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. එහිදි ජනාධිපතිවරයා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමු වී සාකච්ඡා කිරීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙම සංචාරය තුළ දී ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. එමෙන්ම ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ සංචාරයේ නිරත වන පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්. මේ අතර ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා මෙම සතියේදී මෙරට සංචාරය කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරය සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහායි.

තව කියවන්​න

බන්ධනාගාර තුලදීම වයස්ගත වූ රැඳවියන් සඳහා ජනාධිපති සමාව ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. අධිකරණ බන්ධනාගාර සහ පුනරුත්ථාපන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ ඊට අදාලව රැඳවියන් පිළිබඳව සමීක්ෂණයක් ද සිදුකර ඇති බවයි. මෙරට බන්ධනාගාරවල වයස්ගත, දුර්වල සහ රෝගපීඩා සහිත සිරකරුවන් සියයක් පමණ සිටින බව එම සමීක්ෂණය මගින් හෙළිව තිබෙනවා.

තව කියවන්​න

ආසියානු වෙළදපොලෙහි බොරතෙල් මිල සංශෝධනය වී තිබෙනවා. සෞදි ආරාබිය සහ රුසියාව සැපයුම් සීමා කිරීම හේතුවෙන් මෙලෙස බොර තෙල් මිල සංශෝධනය වී ඇති බව සදහන්. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 77.96 ක් ලෙස සටහන්ව තිබෙනවා. එමෙන්ම ටෙක්සාස් බොරතෙල් බැරලයක මිල ඩොලර් 73.34 ක් ලෙසත් දක්වා තිබෙනවා.

තව කියවන්​න

බුත්තල නගරයට ඇදහැලුනු අධික වර්ෂාවත් සමග අයිස් වැස්සක් ද හටගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙම වර්ෂාව හටගෙන ඇති බව සදහන්. මේ අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඊට අමතරව උතුර සහ ඌව පලාතෙත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

තව කියවන්​න

කිලිනොච්චිය මහ රෝහලේ ළමුන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවූ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා පැවසුවේ රෝහල් අධ්‍යක්ෂවරයා විසින් ඒ සම්බන්ධයෙන් වන විමර්ශන වාර්තාව තමන් වෙත ලබා දීමට නියමිත බවයි. එම ළමුන් ජීවිතක්ෂයට පත්වීමට හේතුව ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයේ පැවති දුර්වලතා බවට අනාවරණය වී ඇති බවද ඔහු පැවසුවා. මේ අතර සෞඛ්‍ය වෘත්තිකයින්ගේ ජාතික ව්‍යාපාරයේ සම කැඳවුම්කරු වෛද්‍ය චමිල් සංජීව මහතා පැවසුවේ එම දරුවන්ගේ මරණවලට හේතුව සම්බන්ධයෙන් නිශ්චිත කාරණයක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි.

තව කියවන්​න

අද දහවල් 12 ට කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වුවා. ප්‍රෝඩාකාරී අස්වැසුම හකුළා ගනිව්- සමෘද්ධිය වහා ලබා දියව්” යන තේමාව යටතේ එය පැවැත්වූ බවයි සමස්ත ලංකා ප්‍රගතිශීලි සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පැවසුවේ . එහි ප්‍රධාන ලේකම් ඩබ්ලිව් ජෝතිරත්න මහතා මේ සමබන්ධයෙන් අදහස් පල කලා . මේ අතර අස්වැසුම වැඩසටහන සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාද අදහස් පල කළා .

තව කියවන්​න

චීනයේ ගුවැන්ඩොන් ප්‍රාන්තයේ පෙර පාසලක සිදු වූ පිහි ඇනුමකින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙහිදි ගුරුවරයෙක්, ළමුන් තිදෙනෙක් සහ දෙමව්පියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. සිද්ධියට සම්බන්ධය 25 හැවිරිදි සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පිහි ඇනුම සැලසුම් සහගතව සිදු කර ඇති බවටයි වාර්තා වන්නේ.

තව කියවන්​න

පොළොන්නරුව – මනම්පිටිය ප්‍රදේශයේදී සිදුවූ අනතුර සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා තිබෙනවා. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා පළාත් මාර්ගස්ථ අධිකාරියට උපදෙස් ලබාදී ඇත්තේ කඩිනමින් එම වාර්තාව කැඳවන ලෙසයි. එමෙන්ම ආණ්ඩුකාරවරයා විසින් අනතුරට පත්වූවන්ට අවශ්‍ය හදිසි ආධාර, කඩිනමින් ලබාදෙන ලෙසත් පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී තිබෙනවා. කඳුරුවෙල සිට කල්මුණේ දක්වා ගමන් කළ මගී ප්‍රවාහන බස් රථය ඊයේ අනතුරට ලක්වීමෙන් 11 දෙනෙකු මියගියා. එමෙන්ම තුවාල ලැබූ 41 දෙනෙකු තවදුරටත් පොළොන්නරුව මහ රෝහලේ සහ මනම්පිටිය ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබනවා. මේ අතර ඊයේ රාත්‍රියේ අනතුරට ලක් වූ පෞද්ගලික මගී ප්‍රවාහන බස්රථය ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අවසර පත්‍රයක් නොමැති බස්රථයක් බවයි එම කොමිසමේ සභාපති ශෂි…

තව කියවන්​න

ජාතික අධ්‍යාපන ආයතනයේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් මහාචාර්ය ප්‍රසාද් සේතුංග මහතා පත්කර තිබෙනවා . අදාළ පත්වීම් ප්‍රදානය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදු කිරිමටයි කටයුතු කලේ . ඉන් අනතුරුව මහාචාර්ය ප්‍රසාද් සේතුංග මහතා ජාතික අධ්‍යාපන අයාතනයේ දී සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කළා . ඔහු ශ්‍රී ලංකාවේ ගුරු අධ්‍යාපනය, ගුරු වෘත්තීය සංවර්ධනය, අන්තර්කරණ අධ්‍යාපනය, පාසල් පාදක ගුරු සංවර්ධන වැඩසටහන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ පර්යේෂණ අත්දැකීම් රැසක් සහිතව ක්‍රියාකාරීව කටයුතු කරන විද්වතෙක් වශයෙන් සැලකෙනවා .

තව කියවන්​න