Author: VNews

කුවේටයේ ඉන්දීය තානාපති ආදර්ශ් ස්වයිකා සහ එරට ඔටුන්න හිමි කුමරු වන ප්‍රධානී ෂෙයික් අහමඩ් අබ්දුල්ලා ජබර් අල්-සබා හමුවී තිබෙනවා. එහිදී දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ ද්විපාර්ශ්වික සබඳතාවල අනාගත අපේක්ෂාවන් පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම ද්විපාර්ශ්වික සබඳතාවල වර්තමාන තත්ත්වය සහ රටවල් ද්විත්වය හමුවේ ඇති අභියෝග සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කර ඇතැයි සඳහන්. විදේශ කටයුතු අමාත්‍යාංශයේ සම ලේකම්වරයෙකු වන ආදර්ශ් ස්වයිකා 2022 ඔක්තෝම්බර් මාසයේදී කුවේටයේ ඉන්දීය තානාපතිවරයා ලෙස පත් කරනු ලැබුව. ඒ ඉන්දියාව සහ කුවේටය අතර සබඳතාව ගැඹුරු වෙමින් පවතින මොහොතකදීයි.

තව කියවන්​න

තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා . සිට නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේනවා . එමෙන්ම ඉදිරි සතියේදී මෙලෙස භාන්ඩ වර්ග 300ක ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගැනීමට නියමිත බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කළා

තව කියවන්​න

ඉන්දීය විදේශ ලේකම් විනෙයි මෝහන් ක්වාත්‍රා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුව තිබෙනවා. අද දහවල් ආරක්ෂක අමාත්‍යාංශයේ මෙම හමුව සිදුව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. මෙහිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 21 වන දා සිදු කරන ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් ද සාකච්ඡා වී තිබෙනවා. මේ අතර විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ ඉන්දීය විදේශ ලේකම්වරයා අද පෙරවරුවේ විදේශ අමාත්‍ය අලි සබි්‍ර මහතා හමු වූ බවයි. ඉන්දීය විදේශ ලේකම්වරයා ඇතු`ඵ සිව්දෙනෙකුගෙන් සමන්විත දූත පිරිස දෙදින නිල සංචාරයක් සදහා මෙරටට පැමිනියා. මේ අතර ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා පැමිණි ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වත්‍රා මහතා ඇතුළු දූත පිරිස සිය සංචාරය නිමා කර අද…

තව කියවන්​න

චීනයේ ක්‍රියාකාරකම් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව තායිවානය පවසනවා. තායිවානයේ ආරක්ෂක අමාත්‍යාංශය කියා සිටියේ ගුවනින් සහ මුහුදේ සිට තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බවයි. අවශ්‍ය වුවහොත් ප්‍රතිචාර දැක්වීමට ගොඩබිම් මිසයිල පද්ධති සූදානම් කර ඇති බව ද එම අමාත්‍යාංශය සඳහන් කළා. තායිවානය මේ බව ප්‍රකාශ කර ඇත්තේ චීන ගුවන් යානා හතරක්, ප්‍රහාරක යානා දෙකක් සහ ඔත්තු බැලීමේ ගුවන් යානයක් මෙන්ම සබ්මැරීන් නාශක යුධ ගුවන් යානයක් තායිවාන් සමුද්‍ර සන්ධියේ මධ්‍ය රේඛාව උල්ලංඝනය කර පියාසර කර ඇති පසුබිමක් තුළයි. තායිවානය තම රටට අයත් භූමියක් බව චීනය පවසන අතර තායිවානය එය තරයේ ප්‍රතික්ෂේප කරමින් පවසා සිටින්නේ තමන් ස්වාධීන රාජ්‍යයක් බවයි.

තව කියවන්​න

ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගයට අනුව රුපියල් මිලියන 15 ක මුදලක් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගෙවා තිබෙනවා. ඒ, පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම හේතුවෙන්. ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර නියෝග කළේ රුපියල් මිලිනය 100 ක වන්දියක් ගෙවීමට කටයුතු කරන ලෙසයි. මේ අතර ජනාධිපති විශ්‍රාම වැටුපෙන් මාසිකව රුපියල් 97,500 ක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ලැබෙන දීමනා හැර රුපියල් 54,285 ක මුදලක් ආදායම වශයෙන් තමන්ට ලැබෙන බවත්, මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව ඉතිරි වන්දි මුදල් රුපියල් ලක්ෂ 85 බැගින් වාරික 10 කින් ලබන වසරේ ජූනි 30 වන දා සිට…

තව කියවන්​න

වවුනියාව, කල්මඩු ඊශ්වරපුරම් ප්‍රදේශයේ දී සවලකින් පහරදී සිය මිතුරා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව වවුනියාව ඊච්චන්කුලම පොලිසිය පවසනවා. මිතුරන් දෙදෙනකු විසින් පසුගිය 09 පැවැත්වූ මත්පැන් සාදයක් අතරතුර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාම හේතුවෙන් ඝාතනය සිදුකොට ඇති බව පොලිසිය කියා සිටියේ. ඝාතනය කොට ඇත්තේ වවුනියාව, කල්මඩු , ඊශ්වරිපුරම් හි පදිංචි වේලුසාමි නිශාන්තන් නැමති 32 හැවිරිදි පුද්ගලයෙකි. මත්පැන් පානය කරමින් සිටින අතරතුර පැරණි ආරවුලක් සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස්වීමක් හේතුවෙන් සැකකරු සවලක් රැගෙන මියගිය පුද්ගලයාට පහරදී ඇති බවත්, පහරදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා වවුනියාව රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවද පොලිසිය වැඩිදුරටත් කියා සිටියා. පොලිසිය පැවසූයේ ඝාතනය සිදු…

තව කියවන්​න

කුවේට් හි ගෘහ සේවයට ගොස් එරටින් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයින් 46 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණ තිබෙනවා. මෙම පිරිස අතරින් 39 දෙනෙකු ගෘහ සේවිකාවන් වූ අතර අනෙක් 7 දෙනා ගෘහ සේවකයන් බවයි අප ගුවන්තොටුපල වාර්තාකරු පැවසුවේ. දීර්ඝ කාලයක් කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව රැඳී සිට ඇති අතර පසුව ඔවුන් විවිධ රෝගවලට ගොදුරු වීම ඇතු`ඵ ගැටලු රැසක් හේතුවෙන් මෙරටට පැමිණීම සදහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී තිබෙනවා. ඒ අනුවයි මෙම පිරිස යළි දිවයිනට එවා ඇත්තේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ තවත් 2000 කට අධික පිරිසක් ශ්‍රී ලංකාවට යළි පැමිණීම සදහා කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී ඇති බවයි.

තව කියවන්​න

රටේ ඇතිවූ බංකොලොත්භාවයට හේතු සෙවීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් සමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරුන් ඉවත්වීමට තීරණය කර තිබේනවා. අදාළ කාරක සභාව සදහා වන සමාජික මන්ත්‍රීවරුන් 13 කුගේ නම් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි කටයුතු කලේ . එම කාරක සභාවේ සභාපතිත්වය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා විසින් දරනු ලබනවා . මෙහි සභාපතිත්වය සහ වැඩි සමාජික පිරිසක් පොදුජන පෙරමුණෙන් නම් කර තිබිම හේතුවෙනුයි විපක්ෂය ඊට විරෝධය පළකළේ . එමෙන්ම මෙම විශේෂ කාරක සභාවෙන් ඉල්ලා අස්වීමේ ලිපියක් ඊයේ දිනයේදී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් කතානායකවරයාට යොමු කරනු…

තව කියවන්​න

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත දෙදින පුහුණු ටෙස්ට් තරගයට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කළා. අද සහ හෙට යන දෙදින තුළ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ නායකත්වය කමිඳු මෙන්ඩිස් හට හිමිව තිබෙන අතර කඩුලු රකින්නා ලෙස නිරෝෂන් දික්වැල්ල නම් කර තිබෙනවා. ජාතික ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළ ඕෂධ ප්‍රනාන්දු සහ ප්‍රවීන් ජයවික්‍රම ද මෙම සංචිතයට ඇතුළත් වන අතර ඔවුන්ට අමතරව පිතිකරුවන් ලෙස සඳුන් වීරක්කොඩි, නුවනිඳු ප්‍රනාන්දු, අහන් වික්‍රමසිංහ, නිපුන් ධනංජය කණ්ඩායමට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

තව කියවන්​න

ඛනිජ තෙල් නිෂ්පාදන බලපත්‍ර ලබාදීමට අදාළ නියෝග ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත යටතේ අදාළ නියෝග නිකුත් කර ඇත්තේ විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින්. ඒ අනුව බලපත්‍රයක් ප්‍රදානය කිරීමේදී අමාත්‍යංශ ලේකම්වරයා වෙත බලය පැවරෙන කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. ඛනිජ තෙල් ආනයනය, අපනයනය, මෙරට තුළ විකිණීම, සැපයීම හෝ බෙදාහැරීම සඳහා අයදුම්කරුවෙකු ඉදිරිපත් වන්නේනම් සමාගම් පනත යටතේ ලියාපදිංචි ආයතනයක් වියයුතු අතර ආයෝජන මණ්ඩල නියෝගවලට අනුකූල විය යුතු බවයි ගැසට් පත්‍රයෙන් සදහන් කර ඇත්තේ.

තව කියවන්​න