Author: VNews

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් සහ චීනයේ ඉහළ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරී වැන්ග් යී අතර හමුවක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ ඉන්දුනීසියාවේ ජකර්තා හිදී පැවැති ආසියානු සමුළුවට සමගාමීවයි. අසල්වැසි රාජ්‍යයන් ද්විත්වය අතර දේශසීමා අර්බුදයක් පවතින පසුබිමක් තුළ මෙම හමුව සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එහිදී චීනයේ ඉහළ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරී වැන්ග් යී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් වෙත පවසා ඇත්තේ ද්විපාර්ශ්වික සබඳතා ස්ථාවර විය යුතු බවයි. සැකයට වඩා අන්‍යොන්‍ය සහයෝගය වඩා වැදගත් බවයි ඔහු පවසා ඇත්තේ. දෙපාර්ශ්වයම එකිනෙකා වෙහෙසට පත් කිරීමට හෝ එකිනෙකා සැක කිරීමට වඩා එකිනෙකාට සහයෝගය දී එකට කටයුතු කිරීම මේ මොහොතේ වැදගත්…

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කඩිනමින් අවසන් කිරීමට හැකිවෙතැයි අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පවසනවා . එවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන ට සම්බන්ධ සමාලෝචනය නිසි පරිදි ඔවුන්ට කළ හැකි වෙතැයි අපේක්ෂා කරන බවයි ඇය සදහන් කලේ. අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් ඒ බව පවසා ඇත්තේ ඉන්දියාවේ ඇරඹෙන ජි 20 සමුළුවට පෙර පැවති මාධ්‍ය හමුවකදී.

තව කියවන්​න

බොරැල්ල, සහස්පුර මහල් නිවාස සංකීර්ණ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් සිදු කරන ලද මෙහෙයුමකදී විවිධ අපරාධවලට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඒකාබද්ධව මෙම මෙහෙයුම සිදු කළ බවයි පොලීසිය සඳහන් කළේ. අත්අඩංගුවටගත් සැකකරුවන් සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය වැඩිදුරටත් විමර්ශන සිදු කරනු ලබනවා.

තව කියවන්​න

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවැනි දිනය අදයි. පළමු දිනය සඳහා තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 65යි පන්දු 4ක් අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 242ක් රැස් කරගෙන සිටියා. අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි ධනංජයද සිල්වා නොදැවී ලකුණු 94ක් ලබා ගණිමින් කඩුල්ලේ රැදී සිටිනවා.

තව කියවන්​න

අයහපත් කාලගුණික තත්ත්වයත් සමග දකුණු කොරියාවේ ඇතිවූ හදීසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් උමං මර්ගයක ගමන් කරමින් සිටි පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගංවතුර සමග මෙම උමං මාර්ගය සම්පූර්ණයෙන් ජලයෙන් යටවී ඇති ඇති අතර, එහි තවත් වාහන විශාල ප්‍රමාණයක් සිරවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙම උමං මාර්ගය මීටර් 685ක් දිගින් යුක්ත වන බවද එම මාධ්‍ය වාර්තව වල සඳහන් වනවා. ඒ අනුව දිවි ගලවාගත් පුද්ගලයන් සොයා කිමිදුම් කරුවන් ඇතුළු ගලවා ගැනීමේ කණ්ඩායම් 400ක් යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

තව කියවන්​න

පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී පසුගිය 11 වනදා තරුණියක් ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළ වාර්තාව අද තමන් වෙත භාරදෙනු ඇතැයි විශ්වාස කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සදහා විශේෂඥ වෛද්‍යවරුන් 05 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පසුගියදා පත් කෙරුණා. එම කමිටුවේ සාමාජිකයින් ඊයේ පේරාදෙණිය ශික්ෂණ රෝහලට ගොස් විමර්ශන සිදු කර තිබෙනවා. උදරාබාධයක් හේතුවෙන් පසුගියදා පේරාදෙණිය රෝහලට ඇතුළත් කෙරුණු එම තරුණිය මියගියේ රෝහලෙන් එන්නත් දෙකක් ලබාදීමෙන් පසුව බවටයි පවුලේ ඥාතීන් චෝදනා කළේ. අනතුරුව එම සිද්ධිය සම්බන්ධයෙන් රටේ දැඩි කතාබහක් ඇති වූ අතර ලබාදී තිබූ එන්නත පිළිබඳ තවත් පාර්ශව රැසක් අදහස් පළ කළා. මේ අතර අදාළ තරුණියට දුන් එන්නත්…

තව කියවන්​න

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂීක් මොහොමඩ් බින් සෙයිඩ් අල් නහියන් හමුවුණා. ඒ අග්‍රාමාත්‍යවරයාගේ එමීරයේ සංචාරය අතරතුරයි. එහිදී නායකයින් දෙපළ ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. වෙළඳ ගනුදෙනු හා ආර්ථික සම්බන්ධතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් එහිදී වැඩි අවධානයක් යොමුවූ බව ද සඳහන්. එමෙන්ම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එහිදී පවසා ඇත්තේ ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර වෙළඳාම ඩොලර් බිලියන 85 දක්වා ළඟා වී ඇති බවයි. ජී 20 රාජ්‍ය නායක සමුළුවට පෙර එය ඇමරිකානු ඩොලර් බිලියන 100 ඉලක්කය කරා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන්…

තව කියවන්​න

ත්‍රීරෝද රථ සඳහා සුළු වෙනස්කම් සහිතව ධාවනයට අවසර දීමට පියවර ගන්නා බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේවෙතත් සෙසු වාහනවලට හෝ පදිකයින්ට අවහිරයක් වන ආකාරයට සකස් කළ ත්‍රීරෝද රථ ධාවනය සදහා ඉඩ ලබානොදෙන බවයි එහි සහකාර කොමසාරිස් සුජීව තෙන්නකෝන් මහතා සඳහන් කළේ. ඒ සමබන්ධව දැඩි නියාමනයක් සිදුකරන බවද ඔහු පැවසුවා. කෙසේ වෙතත් සමස්ත ලංකා ත්‍රීරෝද රථහිමියන්ගේ වෘත්තීය සමිතිය පවසන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව එළැඹුණු මෙම තීරණයට එකඟ නොවන බවය.

තව කියවන්​න

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව ගොස් තිබෙනවා.ඒ නිල සංචාරයක් සඳහායි. දෙදින නිල සංචාරයක් අරඹමින් ප්‍රංශයේ රැඳී සිටි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අද අළුයම එක්සත් අරාබි එමීරය බලා පිටත්ව ගිය බවයි ඉන්දීය මාධ්‍ය පැවසුවේ. ප්‍රංශයේ ජාතික දිනය හෙවත් බැස්ටිල් දිනය වෙනුවෙන් පැවැති රාජ්‍ය උත්සවය සඳහා ලද ආරාධනයට අනුවයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රංශයට පැමිණ සිටියේ. මේ අතර අදින් ආරම්භ වන එක්සත් අරාබි එමීර් සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එරට ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් හමුවීමට නියමිතයි. එම හමුව අබුඩාබි හිදී සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ. එහිදී දෙරට අතර ආරක්ෂාව සහ බලශක්ති ඇතුළු විවිධ ක්ෂේත්‍රවල අතර පවතින ද්විපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත්…

තව කියවන්​න

පේරාදෙණිය රෝහලේදී මියගිය චමෝදි සංදීපනී තරුණියට දුන් එන්නත් ඛාණ්ඩය තාවකාලිකව භාවිතයෙන් ඉවත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. 21 හැවිරිදි චමෝදි සංදීපනී පසුගිය සඳුදා කැටපිටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබුණේ, පාචන රෝග තත්ත්වයක් හේතුවෙන් . එදින රාත්‍රියේ එම රෝහලේ ප්‍රතිකාර ලැබූ ඇය පසුගියදා පේරාදෙණිය ශික්ෂණ රෝහලට මාරු කර තිබුනා . ඥාතීන් පවසන්නේ, ඇයට ලබාදුන් එන්තකින් පසුව ඇය රෝගී වී මිය ගිය බවයි. මේ අතර, චමෝදි සංදීපනීගේ මරණය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ පංච පුද්ගල කමිටුව අද පේරාදෙණිය රෝහලට ගොස් විමර්ශන ආරම්භ කර තිබුනා .

තව කියවන්​න