- දුනිත්ගේ පියා අභාවප්‍රාප්ත වෙයි
- ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයග්‍රහණයක්
- ශ්‍රී ලංකාවට ලකුණු 170ක ඉලක්කයක්
- ලෝක උණ ශාක දිනයේදී පැල 500ක් රෝපණය කරයි
- ගාසා තීරයේ සිදු වූ මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් විශේෂ අණාවරණයක්
- සුභ සාධක සංගමයට නව කොමසාරිස්වරයෙක් පත් කෙරේ
- ව්‍යාජ 5000 නෝට්ටු තොගයක් සමග 4ක් මාට්ටුවෙයි
- දහම් අධ්‍යාපනය සඳහා ප්‍රායෝගික විෂය නිර්දේශයක් – හරිනි අමරසූරිය
Author: VNews
විවිධ විට වර්ග භාවිත කරන අවුරුදු 20 ට අඩු ළමයින් අතර පූර්ව පිළිකා ලක්ෂණ මතුවීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව ජාතික පිළිකා මර්ධන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය උදය උස්ගොඩආරච්චි පවසනවා. අදට යෙදී ඇති ලෝක හිස හා ගෙළ ආශ්‍රිත පිළිකා දිනය නිමිත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ. ජාතික දන්ත රෝහලට දිනකට මුඛ පිළිකා රෝගීන් 5ත් 10ත් අතර ප්‍රමාණයක් පැමිණෙන බවයි මෙම මාධ්‍ය හමුවට එක්වූ එම රෝහලේ විශේෂඥ වෛද්‍ය එච්.එස්.ටී කරුණාතිලක වැඩිදුරටත් පවසා සිටියේ.
බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව යන දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම හෙට දිනයේ අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. රන්පොකුණුගම සහ කිරිඳිවෙල ඒකාබද්ධ ජල සම්පාදන ක්‍රමයේ පූගොඩ තුළුමගෙයි හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස හෙට දිනයේ පැය නමය හමාරක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි වාර්තා වෙන්නේ. ඒ අනුව හෙට උදැසන 8.30 සිට පස්වරු 6.00 දක්වා පූගොඩ, රන්පොකුණුගම නිවාස සංකීර්ණය, වතුපිටිවල, මාඉඹුල, මඩුවේගෙදර, ඌරාපොල සහ අත්තනගල්ල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුවට සමගි ජනබලවේගය සහභාගි වීමට තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වී එහි යෝජනා පිළිබද විමසා බලා තම පක්ෂය ඊට ප්‍රතිචාර දක්වන බවයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ තමන් ඇතුළු පිරිසක් ඊට සහභාගි වන බවයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද හෙට පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වන බව එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සදහන් කළා. ඔහු මේ බව පැවසුවේ අද පැවති මාධ්‍ය හමුවකදියි. මේ අතර ජාතික ජනබලවේගය හෙට පැවැත්වෙන සර්ව…
මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 55,000 ඉක්මවා ගොස් තිබෙනවා. මෙම වර්ෂයේ අද දිනය වන විට මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 55,049 ක් බවයි ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ. මේ වනවිට ඩෙංගු අධි අවදානම් කලාප 52ක් හඳුනාගෙන ඇති අතර ඩෙංගු රෝගය හේතුවෙන් මියගිය ගණන 36 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
පෑලියගොඩ මැනිං වෙළඳපොලේ හෙට පැවැත්වීමට නියමිත වැඩවර්ජනය වළක්වාලමින් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. කොළඹ අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය විසිනුයි එම නියෝගය නිකුත් කර ඇත්තේ. පෑලියගොඩ මැනිං වෙළපොලේ වෙළද කුටි බාහිර පුද්ගලයින්ට ලබා දෙන බවට චෝදනා කරමින් එහි වෙළද සංගමය හෙට වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබුණා.
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අත්හිටුවා තිබෙනවා. ඒ අනුව මින් ඉදිරියට හිටපු ජනාධිපතිවරුන්ගේ නිල නිවාසවල ජල, විදුලිය මෙන්ම දුරකථන ගාස්තු සදහා මුදල් වෙන් නොකිරීමට ජනාධිපති කාර්යාලය විසින් තීරණය කර තිබෙනවා. අද පෙරවරුවේ හිටපු ජනාධිපතිවරයෙකුගේ කාර්ය මණ්ඩල ප්‍රධානියෙකු විසින් පසුගිය මාසයට අදාළ බිල්පත් ජනාධිපති කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබුණා. එම අවස්ථාවේදී නීතිපතිවරයා දැනුම් දී ඇත්තේ මින් ඉදිරියට අදාළ බිල්පත් සදහා ජනාධිපති කාර්යාලයෙන් මුදල් ගෙවීමට කටයුතු නොකරන බවටයි.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒම විපක්ෂය විසින් සිදු කරන ලද ජනතාව මුලා කිරීමක් පමණක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා පවසන්නේ. මාධ්‍ය වාර්තාකරණය තරම් සෞඛ්‍ය අංශයේ ගැටලු රට තුළ නොමැති බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ. මේ අතර රට තුළ පවතින සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද මෙලෙස අදහස් දක්වා සිටියා.
සුඩානයේ සිදු වූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සුඩානයේ වෙරළබඩ නගරයක් වන පෝට් සුඩානයේ මෙම ගුවන් අනතුර සිදුව ඇති බවයි. අනතුරින් මියගිය අය අතර සුඩාන හමුදා නිලධාරීන් සිව්දෙනෙකු ද සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා . කෙසේ වෙතත් අනතුරින් එක් දරුවෙකු දිවි බේරාගෙන ඇති බව සඳහන්. ගුවන් යානයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් යානය මෙලෙස කඩා වැටී අනතුර සිදුව තිබෙනවා .
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට දින සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් සහ ස්වාධීන කණ්ඩායම් නායකයින් වෙත ඇරයුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියා. එම සර්ව පාක්ෂික සමුළුවේදී ජාතික සංහිදියා වැඩසටහන සම්බන්ධයෙන් අවදානය යොමු කිරීමට නියමිතව ඇති බව ද සඳහන්. අදාළ සාකච්ඡාවට සම්බන්ධ වීම පිළිබදව හෙට දිනයේදී තීරණය කරන බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කියා සිටියේ. මේ අතර ජනාධිපතිවරයා විසින් කැඳවා ඇති සමුළුවට ජනතා විමුක්ති පෙරමුණ සහභාගි නොවන බවටයි සුනිල් හදුන්නෙත්ති මහතා පැවසුවේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222