- ආණ්ඩුවේ පෑන් පහරවල් පරක්කු ඇයි ? – සජිත් අහයි – VIDEO –
- හිටපු ඇමතිවරයෙක් බන්ධානාගාරයට
- ඇෆ්ඝනිස්තානයත් අන්තර්ජාලය තහනම් කරයි
- බැරි නම් ගෙදර යන්න ! බිමල් සැර වෙයි – VIDEO –
- පාසල් වෙලාවේ ටිපර් වලට පැනවූ සීමා ඉවතට
- විදුලි වෘත්තීය ක්‍රියාමාර්ගය අද දෙවන දිනටත්
- ශ්‍රී ලංකාව කලාපයේ අවම විදුලි ගාස්තුව සහිත රට බවට පත්කිරීමට රජයෙන් සැලසුම්
- තුසිත හල්ලොලුවට ඇප
Author: VNews
අන්තර් සමාගම් සේවක සංගමය විසින් අද කොළඹදී සංවිධානය කර ඇති විරෝධතාවය වළක්වාලමින් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. මරදාන පොලිසිය සිදු කළ දැනුම් දීමකට අනුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාල නියෝගය ලබා දී ඇති බව සදහන්. අන්තර් සමාගම් සේවක සංගමයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතා ඇතුළු පිරිස වෙතයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ. ඒ අනුව අද දහවල් 12 සිට හෙට උදෑසන 10 දක්වා කාලය තුළ මරදාන ටෙක්නිකල් මංසන්ධියේ සිට කොටුව දුම්රියපොළ දක්වා අදාළ අධිකරණ බල සීමාව තුළ මාර්ග භාවිතා කරන පුද්ගලයින්ට අවහිරයක් වන අයුරින් විරෝධතා පාගමන් පැවැත්වීම තහනම් කර තිබෙනවා. මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු…
වසරේ ගතවූ කාලය තුළ ප්‍රමිතිය සම්බන්ධ ගැටලු හේතුවෙන් ඖෂධ 65 ක් භාවිතයෙන් ඉවත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා . එහි අතිරේක ලේකම්, වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ ඉන්දියානු ණය ආධාර යටතේ ගෙන්වන ලද ඖෂධයක් ද ඒ අතර වන බවයි. ප්‍රමිතිය සම්බන්ධ ගැටලු හේතුවෙන් භාවිතයෙන් ඉවත් කළ ඖෂධ අතර දේශීයව නිෂ්පාදනය කළ ඖෂධ 6 ක් වන බව ද ඔහු සඳහන් කළා .
විද්‍යුත් බස් රථ 50 ක් ආනයනය සඳහා ප්‍රවාහන අමාත්‍යාංශයේ අවසරය ලැබී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා . එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, එක්සත් ජාතින්ගේ සංවිධානයේ ආධාර යටතේ එම බස් රථ ආනයනය කෙරෙන බවයි. විද්‍යුත් බස් රථ ආනයනය කරනතෙක් සුඛෝපභෝගී බස් රථ 50 ක් ආනයනය කරන බව ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළා .
සත්ව ආහාර හා බියර් නිෂ්පාදනය කිරීම සඳහා සහල් යොදාගැනීම තාවකාලිකව අත්හිටුවන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම අමාත්‍යංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව සත්ව ආහාර සහ බියර් නිෂ්පාදනයට සහල් තොග යොදාගැනීම අත්හිටුවමින් දැනටමත් නිකුත් කර ඇති ගැසට් නිවේදනය තවදුරටත් බලාත්මක වනු ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා කියා සිටියේ. ඇතැම් ප්‍රදේශවලට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර හිඟයට මුහුණදීම වෙනුවෙන් මෙම ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව මෙරට තුළ පවතින සහල් තොග ආරක්ෂා කරගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ද තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
හොරොව්පතාන ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ සේවකයින් ආරම්භ කළ වර්ජනය අද දිනයේත් පැවැත්වෙනවා. හොරොව්පතාන ඩිපෝ සේවකයින් දෙදෙනෙකුට පෞද්ගලික බස්රථ සේවකයින් පිරිසක් එල්ල කල පහර දීමකට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ආරම්භ කරනු ලැබුවේ ඊයේ පෙරවරුවේදී යි. තවමත් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් පොලිසිය අත්අඩංගුවට ගෙන නොමැති අතර, ඊට විරෝධය දක්වමිනුයි ඩිපෝ සේවකයන් අද දිනයේත් වර්ජනයේ නිරත වන්නේ. පහර කෑමට ලක්වූ ඩිපෝ සේවකයින් දෙදෙනා තවදුරටත් හොරොව්පතාන රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්.
2023 දැල්පන්දු ලෝක කුසලානයේ මූලික වටයේ ක්‍රීඩා කළ අවසන් තරගයේ වේල්සය හමුවේ ලකුණු 68 ට 56 ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට ඊයේ සිදු වුණා. මෙවර ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ සී කාණ්ඩය යටතේයි මෙම තරගාවලිය පැවැත්වුණේ. ලෝක ශ්‍රේණිගත කිරීම් හි වේල්සය 9 වන ස්ථානයේ රැඳී සිටින අතර ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම් හි රැඳී සිටින්නේ 15 වන ස්ථානයේයි.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡාවට විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වීමට නියමිතව තිබෙනවා. සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේ මේ සතිය තුළ එම සාකච්ඡා පැවැත්වෙන බවයි. ඒ සම්බන්ධයෙන් කඩිනම් විවාදයක් ලබා දෙන ලෙස ද කතානායකවරයාගෙන් ඉල්ලා සිටීමට අපේක්ෂා කරන බවයි ඔහු පැවසුවේ.
මෙරට සමාජය තුළ තරුණයින් 50,000 කට අධික ප්‍රමාණයක් අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බව අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලයේ සභාපති නීතිඥ ශාක්‍ය නානායක්කාර මහතා පවසනවා. ඔහු මෙම අදහස් දැක්වීම සිදු කළේ කොළඹදී මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
මෙම වසර තුළ මෙරටින් වාර්තා වුණු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 56,000 ඉක්මවා ගොස් ඇති බව ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. වසරේ මේ දක්වා වාර්තා වී ඇති රෝගීන්ගෙන් සියයට 50 ක් බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇති අතර මහනුවර, කෑගල්ල, කුරණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලින් ද ඩෙංගු රෝගීන් හමු වී ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානම තවදුරටත් පවතින බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න මහතා සදහන් කළා.
ජාතික ඉන්ධන අවසරපත හෙවත් කිව්.ආර්. කේතය ඉදිරි මාස දෙක තුළ අහෝසි කිරීමේ හැකියාව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු සියලුම පාර්ශව සමඟ සාකච්ඡා කරමින් පවතින බවයි ඔහු සදහන් කළේ. ඉන්ධන සඳහා කිව්.ආර්. කේතය හදුන්වා දී වසර කාලයක් සම්පූර්ණ වී ඇති අතර, පෙරේදා දිනය වන විට එහි වාහන 6,527,684 ක් ලියාපදිංචි වී තිබුනා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222