- ආණ්ඩුවේ පෑන් පහරවල් පරක්කු ඇයි ? – සජිත් අහයි – VIDEO –
- හිටපු ඇමතිවරයෙක් බන්ධානාගාරයට
- ඇෆ්ඝනිස්තානයත් අන්තර්ජාලය තහනම් කරයි
- බැරි නම් ගෙදර යන්න ! බිමල් සැර වෙයි – VIDEO –
- පාසල් වෙලාවේ ටිපර් වලට පැනවූ සීමා ඉවතට
- විදුලි වෘත්තීය ක්‍රියාමාර්ගය අද දෙවන දිනටත්
- ශ්‍රී ලංකාව කලාපයේ අවම විදුලි ගාස්තුව සහිත රට බවට පත්කිරීමට රජයෙන් සැලසුම්
- තුසිත හල්ලොලුවට ඇප
Author: VNews
අස්වැසුම සමාජ සුභසාධන ප්‍රතිලාභ වැඩසටහන යටතේ කඩිනමින් ප්‍රතිලාභ ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ජනාධිපතිර රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට යොමු කළ යෝජනාවකට එලෙස අනුමැතිය හිමිව ඇති බව සඳහන්. මේ අතර අසුවැසුම ප්‍රතිලාභ වැඩසටහන සදහා සුදුසුකම් නොලැබූ දැනට සමෘද්ධි සහනාධාරය ලබන පවුල් තුන් ලක්ෂ අනූ තුන් දහස් අනූ හතර දෙනෙකු සදහා සමෘද්ධි දීමනාව තවදුරටත් ලබා දීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. එමෙන්ම සියලු රජයේ බැංකු, නිවාඩු දිනවල ද විවෘතව තැබීමට රජය තීරණය කර තිබෙනවා. ඒ, අස්වැසුම සමාජ සුභසාධන ප්‍රතිලාභ ලබා ගැනීමට සිටින පිරිසට ගිණුම් විවෘත කිරීමට පහසු වන ලෙසයි. ඒ අනුව අද දිනයේදී සියලු…
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා. පළමු තරගය දඹුල්ල අවුරා කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතරයි පැවැත්වීමට නියමිතව ඇත්තේ. මෙම තරගය පස්වරු 3ට ආරම්භ වීමට නියමිතයි. මේ අතර අද පැවැත්වෙන දෙවැනි තරගය පස්වරු 7.30ට ආරම්භ වන අතර එහිදී ගෝල් ටයිටන්ස් කණ්ඩායම සහ බී ලව් කැන්ඩි කණ්ඩායම තරග වැදීමටයි කටයුතු යොදා ඇත්තේ.
මානිප්පායි නගරයේදී කැබ් රථයකින් කැස්බෑවන් සිවු දෙනෙකු ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 32 හා 47 වයස්වල පසුවන ඉලවාලි සහ යාපනය ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය සදහන් කළේ. ඔවුන් මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමට කටයුතු කර තිබෙනවා.
අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන සඳහා සුදුසුකම් නොලැබූ දැනට සමෘද්ධි සහනාධාරය ලබන පවුල් තුන් ලක්ෂ 93,094 දෙනෙකු සදහා සමෘද්ධි දීමනාව තව දුරටත් ලබා දීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා . දැනට සමෘද්ධි සහනාධාරය ලබන පිරිස අතරින් පවුල් පවුල් 8 ලක්ෂ 87,653 දෙනෙකු අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලබා ඇති බව සදහන් . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවට ද අනුමැතිය හිමිව තිබෙනවා . මේ සදහා නව අයදුම් පත් භාරගැනීම දැනට ඉදිරිපත්ව ඇති අභියාචනා සහ විරෝධතා සලකා බැලීමේ කටයුතු අවසන් වූ වහාම ආරම්භ කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කලේ . මේ අතර…
2023 දැල්පන්දු ලෝක කුසලානයේ ඊයේ පැවැත්වුණු තරගයෙන් සිංගප්පූරුව හමුවේ ලකුණු 55ට 52ක තියුණු පරාජයක් අත් විඳීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදු වුනා. ඒ අනුව තරගයේ සිව් වැනි කාර්තුවේ දී තරගය ජයග්‍රහණය කිරීමට නම් ශ්‍රී ලංකාව විසින් අවම වශයෙන් සිංගප්පූරුවට වඩා ලකුණු 3ක් ලබා ගත යුතුව තිබුණා. කෙසේ වෙතත් වත්මන් ආසියානු ශූරියන් වන ශ්‍රී ලංකාවට වත්මන් ආසියානු අනුශූරියන් හමුවේ අවාසනාවන්ත පරාජයක් උරුම කර ගැනීමටයි සිදු වුනේ.
කොළඹ සිට නුවරඑළිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අද අලුයම 4.30ට පමණ එම අනතුර සිදුවී ඇත්තේ කොළඹ හැටන් ප්‍රධාන මාර්ගයේ වටවල සිංහල විදුහල අසලදීයි. ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු බස් රථයකට ඉඩ ලබාදිමට යාමේදී බස් රථය මෙලෙස මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් එම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අනතුරෙන් බස් රථයේ ගමන් ගත මගින් 18 දෙනෙකු තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර ඇති ඇති අතර, බරපතළ තත්ත්වයේ සිටි තුවාලකරුවන් පස්දෙනෙකු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
රුසියාවේ මොස්කව් නගරයට යුක්රේනය එල්ල කළ ප්‍රහාර වලට ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට රුසියාව කටයුතු කර තිබෙනවා. ඒ අනුව එල්ල කළ මිසයිල ප්‍රහාර දෙකකින් යුක්රේනයේ පුද්ගලයන් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ප්‍රහාරයෙන් 75 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙම ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්වූ පිරිස අතර 10 හැවිරිදි දැරියක් සහ ඇගේ මවද සිටින බවද එම මාධ්‍ය වාර්තා වල සඳහන් වනවා.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය යටතේ ඊයේ පැවති තරග දෙකෙන් ජය ගැනීමට ගෝල් ටයිටන්ස් කණ්ඩායම සහ කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම් ජය ගැනීමට සමත් වුණා. ඒ දඹුල්ල අවුරා කණ්ඩායම සහ බී ලව් කැන්ඩි කණ්ඩයාම පරාජයට පත් කරමින්. ඊයේ පැවති පළමු තරගයෙන් සුපිරි පන්දුවාරයේදී ජය වාර්තා කිරීමට ගෝල් ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා. එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 5ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 180ක්. එහිදී භානුක රාජපක්ෂ ලකුණු 48ක් සහ නායක දසුන් ශානක නොදැවී ලකුණු 42ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල අවුරා කණ්ඩායමද නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුළු 7ක් දැවී ලකුණු 180ක් ලබා ගැනීම…
ඇසළ පුන් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා . බෞද්ධ ඉතිහාසයේ විශේෂිත සිදුවීම් රැසක් සිදුව ඇති මෙම පොහෝ දිනය පිලිබදව වී එෆ් එම් ප්‍රවෘත්ති අංශය සැකසු විශේෂාංගයක් දැන් . මේ අතර වී එෆ් එම් සාධු නාද වැඩසටහනද අද දිනය පුරා පැවැත්වීමට නියමිතව තිබෙනවා . ඒ අනුව පෙරවරු 07.00 ට හිමිදිරි ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ පුජ්‍ය මොරටුවේ සුභූතිරතන ස්වාමින්වහන්සේ විසින් . එමෙන්ම පෙරවරු 08.00 ට ජිවිතයට බුදු දහම ධර්ම සාකච්චාව පුජ්‍ය කිතුල්ගල සමිද්ධි ස්වාමින්වහන්සේ විසින් පවත්වනු ලබනවා . පස්වරු 02.00 ට යෙදී ඇති ධර්ම දේශනය පවත්වනු ලබන්නේ පුජ්‍ය බැද්දේවල ධම්මකිත්ති ස්වාමින්වහන්සේ විසිනුයි . සාධුනාද කාව්‍යමය ධර්ම දේශනය අද පස්වරු 04.00 කලාසූරී දේශකිර්ති…
උතුරේ දෙමළ දේශපාලන පක්ෂ සහ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ අතර විශේෂ සාකච්ඡාවක් හෙට කොළඹදී පැවැත්වීමට නියමිතයි. ජනාධිපතිවරයා විසින් ලබා දෙන බවට පොරොන්දු වී ඇති 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කරුණු සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කරන බව සදහන්. මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර පසුගිය දා නවදිල්ලියේ පැවති සාකච්ඡාවේදී ද 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබුණා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222