Author: VNews

කණ්ඩලම ජලාශයේ ජලය සීඝ්‍රයෙන් අඩු වීමෙන් පවතිනවා. මේ වන විට සොරොව්වේ  පහළම අඩිය දක්වා ජලය පහත් බැස තිබේ. අක්කර අඩි 2796.75 කව තිබු උපරිම ජල සීමාව මේ වනවිට අක්කර අඩි 6219 දක්වා අඩුවී ඇති බව මහවැලි අධිකාරිය පවසනවා. තවද  කුඹුරු අක්කර ගණනාවක් පීදෙන අවස්ථාවේ මේ ආකාරයෙන් කන්ඩලමේ ජලය අඩු වීම නිසා ගොවීන් දැඩි භීතියට පත්ව සිටින බව කණ්ඩලම ගොවි සංවිධාන පවසනවා. කෙසේ වෙතත්   බෝවතැන්න ජලාශය භාර  ප්‍රධාන  ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න  මහතා කියා සිටියේ ජල කළමනාකරණය කිරීම සඳහා තමන් ඇතුළු   නිළධාරීන් කණ්ඩායම දිවා රාත්‍රී වෙහෙසෙමින් කුඹුරු බේරා ගැනීමේ දැවැන්ත සටනක නිරත වන බවත් තමන්ට ලැබෙන ජලය ඉතා පරිස්සමෙන් පරිහරණය කරමින්…

තව කියවන්​න

සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 4ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 06ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 149ක්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 145ක් පමණයි.

තව කියවන්​න

තඹුත්තේගම, ඒරියාගම ප්‍රදේශයේදී ලොරි රථයක වෑන් රථයක් ගැටීමෙන් අද අළුයම සිදු වූ මාරක රිය අනතුරකින් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරින් තවත් සිව් දෙනෙකු තුවාල ලබා තඹුත්තේගම රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. කුරුණෑගල දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ලොරි රථයක් වෙළඳසැලක් අසල නැවැත්වීමට යාමේදී එම දිශාවටම වනය වූ අදාළ වෑන් රථය ලොරි රථයේ පිටුපස බඳ කොටසේ ගැටීමෙන් මෙම මාරක රිය අනතුර සිදුව තිබෙනවා. මෙම අනතුර වෑන් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී හා අධික වේගයෙන් රිය ධාවනය කිරීම හේතුවෙන් සිදුව ඇති බව විමර්ශනයේදී අනාවරණය වූ බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

තව කියවන්​න

වවුනියාව,තෝණිකල් ප්‍රදේශයේ උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබූ නිවසකට 24 වැනිදා අලුයම ගිනි තබා පුද්ගලයින් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඊයේ(02) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසූවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් හා වවුනියාව පොලිසිය සිදුකළ පරීක්ෂණ මත සැකකරු අත්අඩංගුවට ගත් බවයි. වවුනියාව,කූමාන්කුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36 ක් වන අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු අද(03) වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවද පොලිසිය පැවසුුුවා. ඝාතන සිදුවීම සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් එළැඹෙන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස වවුනියාව මහේස්ත්‍රාත් වසීම් අහමඩ් මහතා ඊයේ(02) සවස නියෝග කළා. පොලිසිය පැවසූවේ අදාළ නිවසට ගිනි තැබීමෙන් 23 හැවිරිදි කාන්තාවක් අදාළ ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්වු අතර,පිළිස්සුම්…

තව කියවන්​න

නෝටන්බ්‍රීජ් (විදුලිපුර) නඟරයට තවත් සුරා සලක් නොව ජංගම සුවසැරිය ගිලන් රථයක් ලබා දෙන ලෙස ප්‍රදේශයේ තරුණ ප්‍රජාව ඇතුළු මහජනතාව වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටියා. ප්‍රදේශවාසී ජනතාව එම ඉල්ලීම කර ඇත්තේ, නෝටන්බ්‍රීජ් නඟරය ආසන්නයේ, ඇඩිට් හන්දිය ප්‍රදේශයේ ස්ථාපිත කිරීම සඳහා නව සුරා බදු බලපත්‍රයක් ලබා දීමට වගකිවයුත්තන් පියවර ගැනීමත් සමගය. නෝටන්බ්‍රීජ් පොලිස් බල ප්‍රදේශයේ අතිශය දුෂ්කර ගම්මාන හා තේවතු රැසක දහස් ගණනක් ජනතාව දිවි ගෙවති. ඒ අතර දිළිඳු හා වතු කම්කරු පවුල් රැසක් සිටිනවා. වසර ගණනක් තිස්සේ අවම පොදු අවශ්‍යතාවයන් මධ්‍යයේ හා දැඩි ආර්ථික අපහසුතාවයන් නිසා පීඩා විඳිමින් දිවි ගෙවන තමන්ට තවත්  මත් වතුර හලකට වඩා හදිසියේ රෝගී වූ අවස්ථාවක නිවස තුලම මිය…

තව කියවන්​න

ශ්‍රී දළදා සමිදුන් වෙනුවෙන් සිදු කරන තේවා කටයුතු අස්ගිරි පාර්ශවය විසින් මල්වතු පාර්ශවය වෙත පවරා තිබෙනවා. මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහා නාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් එය සිදු කර ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ. අතීතයේ සිටම ශ්‍රී දළදා සමිදුන්ගේ තේවා කටයුතු මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරවල මහා සංඝරත්නය වෙත පැවරී තිබෙන අතර සෑම වසරකම මහා විහාර ද්විත්වය විසින් මෙම තේවා කටයුතු සිදු කරනු ලබනවා.

තව කියවන්​න

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වවුනියාව ප්‍රාදේශීය කාර්යාලයේ සේවා අද සිට සීමා කර තිබෙනවා. ඒ අනුව එම කාර්යාලයෙන් අද සිට විදෙස් ගමන් බලපත්‍ර ලබා ගත හැකි වන්නේ උතුරු පළාත, නැගෙනහිර පළාත හා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්ට පමණයි. සේවා ලබා ගැනීම සදහා මෙම කාර්යාලයට දෛනිකව විශාල පිරිසක් පැමිණීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබෙනවා.

තව කියවන්​න

ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත යවා ඇති බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් පවසනවා. සමෘද්ධිලාභීන්ට හා අඩු ආදායම්ලාභීන්ට මෙම ජල ගාස්තු සංශෝධනය අදාළ නොවන බවයි වාර්තා වන්නේ. මීට අමතරව පාසල්, ආගමික සිද්ධස්ථාන සහ රෝහල්වල ද ගාස්තු සංශෝධනය නොවනු ඇති බව ද සඳහන්. කෙසේ වෙතත් සියයට 30 ට වඩා වැඩි ප්‍රමාණයකින් මෙසේ ගාස්තු සංශෝධනය වීමට නියමිත බවයි අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

තව කියවන්​න

වී මිලදී ගැනිම සදහා ගොවි සංවිධානවලින් මෙන්ම ගොවින්ගෙන් විශාල ඉල්ලුමක් පැවතියද වී අලෙවි මණ්ඩලය සදහා ලැබෙන වී ප්‍රමාණයේ යම් කිසි අඩුවක් ඇති බව වී අලෙවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පවසනවා. එමෙන්ම ඉදිරියේදී තවත් මිලියන 200 ක පමණ මුදලකින් වී මිලදී ගැනීමට නියමිත බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ. මේ අතර කුඹුරු අස්වැද්දීම සදහා ජලය නොමැතිවීම හේතුවෙන් අනුරාධපුර ප්‍රදේශයේ ගොවින් පැවසුවේ ඔවුන් දැඩි පීඩාවට පත් වී ඇති බවයි.

තව කියවන්​න

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. දෙරට අතර පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය පසුගියදා තරග 2 ට එකක් ලෙස ඉන්දියානු කණ්ඩායම ජය ගනු ලැබුවා.

තව කියවන්​න