Author: VNews

ඉන්දියානු රුපියල් මිලියන 450 ක මුල්‍ය ප්‍රදානයක් මෙරටට ලැබී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ ඩිජිටල් ජාතික හැදුනුම්පත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා ඉන්දියාවෙන් මෙම මුදල ලබා දී ඇති බවයි. අදාළ ව්‍යෘපෘතිය අධීක්ෂණ කමිටුව ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී රැස් වුණා. ඒ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙනුයි. මෙම අවසථාවට ඉන්දීය මහ කොමසාරිස්  ගෝපාල් බග්ලේ මහතා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා. එහිදීයි අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා අත්තිකාරම් මුදලක් ලෙස ඉන්දිය රුපියල් මිලියන 450ක මුල්‍ය ආධාරයක් ඉන්දිය මහ කොමසාරිස්වරයා විසින් ලබා  දෙනු ලැබුවේ. නිසි කාල රාමුවක් අනුව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලෙසත්…

තව කියවන්​න

මෙක්සිකෝවේ සිදුවු බස්රථ අනතුරින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 18ක් දක්වා ඉහළගොස් තිබෙනවා. මෙක්සිකෝවේ සිට ටිජුවානා නගරය දක්වා ධාවනය වෙමින් තිබු බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව තිබුණා. අනතුරින් පුද්ගලයින් 21 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

තව කියවන්​න

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ පැවති තරගවලින් ජය හිමිකර ගන්නට බී ලව් කැන්ඩි සහ ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම් සමත් වුණා. පළමු තරගය පැවැත්වුණේ බී ලව් කැන්ඩි සහ දඹුල්ල අවුරා කණ්ඩායම් අතරයි. මෙහිදී තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල අවුරා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 156ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ බී ලව් කැන්ඩි කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 3ක් තුළ කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 160ක් ලබා තරගය ජය ගත්තා. දිනේෂ් චන්දිමාල් ලකුණු 48යි. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කැන්ඩි කණ්ඩායම ලැබු පළමු ජයග්‍රහණය මෙයයි. මේ අතර ගෝල් ටයිටන් කණ්ඩායමට එරෙහිව පැවති තරගය කඩුලු 08කින් ජය ගන්නා ජැෆ්නා කණ්ඩායම…

තව කියවන්​න

රටතුළ ආහාර අර්බුදයක් ඇතිවුවහොත් ඊට මුහුණ දීමට රජය සුදානම් බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ආහාර අර්බුදයක් මතුවුවහොත් ඊට මුහුණදීමට මේ වසර තුළ පුරන් කුඹුරු හෙක්ටයාර 11 ,000ක් යළි වගා කිරීමට රජය සැලසුම් කර ඇති බවයි. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. පුරන් කුඹුරු අස්වැද්වීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සදහා රජය රුපියල් මිලියන 420ක් වෙන්කර ඇති බව ද රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන මහතා සඳහන් කළා.

තව කියවන්​න

තවත් භාණ්ඩ 300 ක ආනයන සීමා ලිහිල් කිරීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා . එම කටයුතු සැප්තැම්බර් පළමු සතිය වන විට සිදුවෙනු ඇති බවද වාර්තා වනවා.

තව කියවන්​න

විකීරණ විද්‍යා තාක්ෂණවේදීන් මේ වන විට 1100 කට අධික පිරිසක් සේවයේ සිටිය යුතු වුවද මේ වන විට සේවය සපයනු ලබන්නේ 600 ක පමණ සීමිත සේවකයින් පිරිසක් බව රජයේ විකීරණ විද්‍යා තාක්ෂණවේදින්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පවසනවා. විකිරණවේදීන් රට හැර යාම තුළින් අදාළ ක්ෂේත්‍රයට දැඩි හානියක් සිදු වන බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්​න

සමෘද්ධිලාභින්ට හට ද අස්වැසුම සුභසාධන ප්‍රතිලාභීන්ට ලැබෙන මුදලම ලබා දිය යුතු බව සමෘද්ධි නිලධාරින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චාමර මද්දුමකලුගේ මහතා පවසනවා. මේ පිළිබදව රජය විසින් සලකා බලා කටයුතු නොකරන්නේ නම් සමෘද්ධිලාභීන්ට දැඩි අසාධාරණයක් සිදුවන බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්​න

කඳාන – පියෝ මාවතේ පිහිටි ව්‍යාපාරිකයෙකුගේ නිවසකට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා පලාගොස් තිබෙනවා. අද උදෑසන හයට පමණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි කඳාන පොලිසිය සඳහන් කළේ. ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති අතර, ඒ හේතුවෙන් නිවසේ ස්ථාන කිහිපයකට හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

බිත්තර සහ කුකුළු මස් නිෂ්පාදනය වෙනුවෙන් විදෙස් ආයෝජන දෙකක් පිළිබඳව යෝජනා ඉදිරිපත් වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ ඉන්දියාවේ මහා පරිමාණ ආයෝජකයින් දෙදෙනෙකු මෙම යෝජනා ඉදිරිපත් කර ඇති බවයි. මේ අතර දියර කිරි කර්මාන්තය සඳහා ද ඉන්දියාවේ අමුල් සමාගම මෙරට ආයෝජනය සඳහා කැමැත්තෙන් සිටින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ. එමෙන්ම ලබන වසරේ සිට මෙම වසරට වඩා සහන මිලකට බිත්තර සහ කුකුළු මස් පාරිභෝගිකයින් වෙත ලබා දීමට හැකි බව තමන් විශ්වස කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. පේරාදෙණිය පශු වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

තව කියවන්​න

අග්‍රාමාත්‍යවරයා ඊයේ (2023.08.03) දින මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති අලුත් ගමක් – අලුත් රටක් ජාතික ඒකාබද්ධතා සහභාගිත්ව සංවර්ධන  වැඩසටහනනේදී මෙවැනි ප්‍රකාශයක් සිඳුකළා. “මුදල් අර්බුදයකට දැවැන්ත ජාත්‍යන්තර ප්‍රශ්නයකට ශ්‍රී ලංකාව මුහුණ දුන්නා.අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර සහයෝගය සහ මිත්‍රත්වය අවශ්‍ය වී තිබෙනවා.මෙවන් අර්බුදයන්ට මුහුණ දුන් රටවල් මේ තරම් ඉක්මනින් ආපහු ඔලුව උස්සල නැහැ.මට හමුවෙන හැම විදේශීය ප්‍රධානියෙක්ම කියන්නේ අපි ශ්‍රී ලංකාව ගැන ආඩම්බරයි කියලයි. අපි අපේ රටේ ගොවි ජනතාව ගැන ආඩම්බරයි. මුළු ලෝකයම ආහාර අර්බුදය මුහුණ දෙනකොට අපේ ගොවි ජනතාව තමන්ට තිබුණු ප්‍රශ්න මැද වුණත් ගොවිබිම්වලට ගිහිල්ලා හොඳ අස්වැන්නක්  ලබා දුන්නා. ගොවිබිම්වල අඩුපාඩුකම් මගහරවාගෙන ඕනෑකම් පිරිමහගෙන වඩාත් ඵලදායී තත්වයට ගෙන ඒම…

තව කියවන්​න