Author: VNews

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති තෙවැනි විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ජය ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 05ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 159ක්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 5ක් අවසානයේ ලකුණු 164ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.

තව කියවන්​න

පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව සහ රජයේ ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුව අද දිනයෙත් රැස්වීමට නියමිතන තිබෙනවා. ඒ අනුව කෝප් කමිටුව අද පස්වරු 2ට රැස් වන අතර, එම කමිටුව හමුවට අද දිනයේ වෘත්තීය පුහුණු අධිකාරිය කැඳවීමටයි කටයුතු කර ඇත්තේ. මේ අතර කෝපා කමිටුවද අද පස්වරු 2ට රැස්වන අතර, අද දිනයේ කමිටුව හමුවට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව කැඳවා තිබෙනවා.

තව කියවන්​න

චීනය උග්‍ර රැකියා අර්බුධයක්ඨ මුහුණ පා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම වාර්තා අනාවරණ කරන පරිදි චීනයේ තරුණ ප්‍රජාව අතර රැකියා වියුක්තිය මේවනවිට පවතින්නේ වාර්තා ගත අගයකයි. ඉකුත් ජුනි මාසය වනවිට චීනයේ නාගරික ප්‍රදේශවල තරුණ ප්‍රජාවගෙන් සියයට සියයට 21.3ක් සිටින්නේ රැකියාවක් නොමැතිවයි. නාගරික ප්‍රදේශවල පවතින මෙම රැකියා අර්බුධය හමුවේ නාගරික තරුණ ප්‍රජාව රැකියා සඳහා ග්‍රාමීය ප්‍රදේශවලට යොමු කිරීමට චීන බලධාරීන් උත්සහ කරමින් සිටින බව සඳහන්. කෙසේවෙතත් තරුණ තරුණයි රැකියා සොයා ගම්බිම් වෙත පිටත්ව යාම ප්‍රතික්ෂේප කරන බවයි වාර්තා වන්නේ. ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ චීනයේ තරුණ ප්‍රජාව අතර ඇති රැකියා වියුක්තිය රජය හෙළි කරන ප්‍රමාණයට වඩා ඉහළ අගයක පවතින් බවයි. මෙම වසරේදීත්…

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව පත්කිරීම් 2 ක් සිදු කොට තිබෙනවා. මේ අනුව මහාධිකරණ විනිසුරු සංජීව මොරායස් මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කර ඇති බව සදහන්. එමෙන්ම අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

තව කියවන්​න

කෘෂි කාර්මික කටයුතු සදහා අවශ්‍ය කරන ජල ධාරිතාව සමනල වැව ජලාශයෙන් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව කෘෂිකාර්මික කටයුතු සදහා අවශ්‍ය ජලය උඩවලව ජලාශයට නිකුත් කිරීමට මේ වන විටත් අදාළ බලධාරින්ට දැනුම් දී ඇති බවයි විදුලිබල අමාත්‍යාංශය සදහන් කළේ. එමෙන්ම ජාතික විදුලිබල අවශ්‍යතාවය සදහා විකල්ප ක්‍රමවේද සෙවීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

තව කියවන්​න

ලබන වසරේ සිට වාර විභාග අඩු කර එක් වසරකට එක් විභාගයක් පමණක් පවත්වන බව, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා. එසේ වුවහොත් සෑම පාඩමක් හෙවත් මොඩියුලයක් අවසානයේ තක්සේරුකරණයක් හරහා ලකුණු පරිගණක සටහන් ලෙස වාර්තාගත කර තබා වසර අවසානයේ විභාග ලකුණුවලට එකතු කරන බව ද ඔහු සඳහන් කලා. මුලදී මෙය විභාග ලකුණු සියයට 70 ක් සහ මොඩියුලයේ ලකුණු සියයට 30 ක් වශයෙන් සැලකෙන නමුත් ක්‍රමයෙන් එය සියටය 50 ක් දක්වා සමාන ලකුණු පරාසයකට ගෙන එන බවත් මේ ක්‍රමවේදය ක්‍රියාත්මක වීමේදී පාසල් පැමිණීම, රැඳීසිටීම සහ එදිනෙදා පන්තියේ වැඩකිරීම අනිවාර්ය වන බැවින් අමතර පන්තියෑමට අවකාශයක් හෝ අවශ්‍යතාවක් පාසල් සිසුන්ට ඇති නොවන බව ද…

තව කියවන්​න

ආහාර ද්‍රව්‍යවල මිල ජනතාවට දරාගත නොහැකි මට්ටමට සියයට 128 කින් ඉහළ ගොස් තිබෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා සඳහන් කරන්නේ ඒ පිළිබඳව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව උද්ධමනය සම්බන්ධයෙන් නිකුත් කළ අලුත්ම වාර්තාවල සඳහන් වන බවයි. ආහාර නොවන කාණ්ඩයේ භාණ්ඩවල මිල මට්ටම සියයට 87 කින් ඉහළ ගොස් තිබෙනවා. පරිභෝජන භාණ්ඩ හා සේවාවල මිල මට්ටමේ සාමාන්‍ය වැඩිවීම සියයට එකසිය තුනක් බවයි වසන්ත අතුකෝරළ මහතා සඳහන් කලේ. කොළඹ නාගරික සීමාවේ ආහාර ද්‍රව්‍යවල මිල සියයට 136කින් වැඩිවී ඇති බවයි එම සංඛ්‍යා ලේඛනවල දැක්වෙන්නේ. ජනතාවගේ ආදායම්වල මූර්ත වටිනාකම පහළ යෑම සහ රජයේ සහ පෞද්ගලික අංශවල සේවකයන්ගේ වැටුප්…

තව කියවන්​න

චීන රජය සොලමන් දූපත් රාජ්‍යයේ මාධ්‍ය ආයතන වෙත මුදල් ලබා දෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ, චීනයේ ප්‍රතිරූපය වර්ධනය වන අයුරින් ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීම සඳහා බවයි වාර්තා වන්නේ. ඒ අනුව සොලමන් දූපතේ එවැනි එක් සමාගමකට චීන රජය විසින් ඇමෙරිකානු ඩොලර් 130,000කට වඩා වැඩි මුදලක් ප්‍රදානය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ හරහා සොලමන් දූපත් රාජ්‍යයේ වඩාත්ම ත්‍යාගශීලී සහ විශ්වාසනීය සංවර්ධන හවුල්කරුවා ලෙස සිය රට ප්‍රවර්ධනය කර ගැනීම චීනයේ අරමුණ වී ඇතැයි ද සඳහන්. සොලමන්ස් දූපත් රාජ්‍යය ඉකුත් දා චීනය සමඟ ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරනු ලැබුවා.ඒ අමෙරිකාවේ සහ ඔස්ට්‍රේලියාවේ දැඩි අවධානය මධ්‍යයේයි. ඔවුන් පවසන්නේ එය කලාපීය ආරක්ෂාවට තර්ජනයක්…

තව කියවන්​න

සමනල වැවෙන්, උඩවලව ජලාශයට ජලය මුදා හැරීම සම්බන්ධ යෝජනාව හෙට යළි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ පිළිබඳ පසුගියදා රාත්‍රියේ ජනාධිපතිවරයා සමග දීර්ඝව සාකච්ඡා කළ බවයි. එහිදී සාකච්ඡා කෙරුණු කරුණු ද ඇතුළත්ව අදාළ යෝජනාව යළි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව, අමාත්‍යවරයා සඳහන් කලා. එමෙන්ම වගාවට ජලය ඉල්ලා ඇඹිලිපිටියේ ගොවීන් ආරම්භ කළ සත්‍යග්‍රහයට අදට සති දෙකක් සපිරෙනවා. ගොවීන් අවධාරණය කරන්නේ, වගාවට ජලය නිකුත් කරන තුරු සත්‍යග්‍රහය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

තව කියවන්​න

ගිරිඋල්ල , කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය අද රාත්‍රී 9 සිට හෙට අලුයම 2 දක්වා සිමා කරන බව පොලිසිය පවසනවා. ඒ, දඹදෙණිය ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථානයේ වාර්ෂික දළඳා පෙරහැර විදි සංචාරය කිරීම හේතුවෙන්. ගිරිඋල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ මාපා ගෙදර හංදියේ සිට දඹදෙණිය සමූපාකාර ඉන්ධන පිරවුම්හල දක්වා පෙරහැර නැරඹිමට පැමිණෙන ජනතාව හා මාර්ගයේ ගමන් ගන්නා වාහන හේතුවෙන් යම් මාර්ග අවහිරතාවක් ඇති විමට හැකි බවයි පොලිසිය පෙන්වා දෙන්නේ. ඒ අනුව, ගිරිඋල්ල නාරම්මල ප්‍රධාන මාර්ගයේ නාරම්මල දෙසට පැමිණෙන සියලුම බර වාහන දම්පැලැස්ස හංදියෙන් ධාවනය කර අලව්ව මාර්ගයට පිවිසිය හැකියි. නාරම්මල දෙසට පැමිණෙන සියලුම සැහැල්ලු වාහන මුතුගල හංදියෙන් පොතුපිටිය කුඩගම්මන මාර්ගය ඔස්සේ අලව්ව ප්‍රධාන…

තව කියවන්​න