Author: VNews

ඉන්දිය සම්භවයක් සහිත් වේභාව් ටනීජා ටෙස්ලා සමාගමේ නව ප්‍රධාන මූල්‍ය නිලධාරියා ලෙස පත් කර තිබෙනවා.ඒ හිටපු මූල්‍ය ප්‍රධානියා වූ සකේරි කිකෝන් සිය තනතුරෙන් ඉල්ලා අස්වීමත් සමගයි. වේභාව් ටනීජා දිල්ලි විශ්ව විද්‍යාලයෙන් සිය උසස් අධ්‍යාපනය හදාරා තිබෙනවා.ඒ වාණිජ විෂය ධාරාවෙන්. ඔහු අගෝස්තු 07 වනදා සිට ටෙස්ලා සමාගමේ නව ප්‍රධාන මූල්‍ය නිලධාරියා ලෙස රාජකාරී ආරම්භ කර ඇතැයි සඳහන්. දශක දෙකකට වඩා වැඩි කාලයක් මූල්‍ය ක්ෂ්‍රේත්‍රයේ වෘත්තිය පළපුරුද්ද ඇති වේභාව් ටනීජා, තාක්‍ෂණය, මූල්‍ය, වෙළඳ සහ විදුලි සංදේශ යන බහුජාතික සමාගම් රැසක සේවය කර තිබෙනවා.

තව කියවන්​න

පවතින වියළි කාලගුණය හමුවේ විවිධ රෝගාබාධ ඇතිවිය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසන්නේ නියං තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍ර අපිරිසිදු වීම මගින් ඉදිරියේදී පාචනය සහ අතීසාරය වැනි රෝග ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවයි. ඒ හේතුවෙන් උණු කර නිවා ගත් ජලය පානය කළ යුතු බවද එම සංගමය දැනුම් දෙනවා. එමෙන්ම පවතින අධික උණුසුම් කාලගුණ තත්වය හේතුවෙන් ගැබිනි මව්වරුන් දැඩි හිරු එළියට නිරාවරණය නොවීමට වග බලා ගත යුතු යැයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමය පවසනවා. මේ හේතුවෙන් ගැබිනි මව්වරුන් අතර විවිධ ආසාත්මිකතා ඇති විය හැකි බවයි එහි සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය සඳහන් කළේ. විශේෂයෙන්ම වයස අවුරුදු පහට…

තව කියවන්​න

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය අතුරුදන් වූවන් සොයා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා . මාස තුනක් ඇතුළත එම කටයුතු නිම කිරීමේ අරමුණින් දත්ත ඇතුළත් කිරීම කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බවත් ඔහු සදහන් කලා. එමෙන්ම අතුරුදන් වූවන් වෙනුවෙන් සහතිකයක් නිකුත් කිරීම ද වේගවත් කිරීමට කටයුතු කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පර්ලිම්නේතුවේ පැවසුවා .

තව කියවන්​න

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද දිනයේදී ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද පෙරවරු 9.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි. ඒ අනුව අළුත්ගම, මතුගම, අගලවත්ත, වාද්දුව, වස්කඩුව යන ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටවනු ලබනවා. එමෙන්ම පොතුපිටිය, කළුතර උතුර, කළුතර දකුණ, කටුකුරුන්ද, නාගොඩ, බෙන්තොට, පයාගල, බෝම්බුවල, මග්ගොන, දර්ගා නගරය, පිලමිනාවත්ත, කළුවාමෝදර සහ මොරගල්ල යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.

තව කියවන්​න

විල්වත්ත දුම්රිය මාර්ගයේ සිදු වූ රිය අනතුර හේතුවෙන් ගමනාගමනය ඇණහිට තිබූ පස්යාල – ගිරිඋල්ල මාර්ගය මේ වන විට විවෘත කර තිබෙනවා. කෙසේ වෙතත් දුම්රිය මාර්ගයේ ඉහළ සහ පහළ මාර්ග දෙකෙහිම දුම්රිය ධාවනය තවදුරටත් ඇණහිට පවතින බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ හේතුවෙන් දුම්රිය රැසක් ප්‍රමාද වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අද උදෑසන විල්වත්ත දුම්රිය හරස් මාර්ගයේදී කන්ටේනරයක් දුම්රියක ගැටීම හේතුවෙන් ගිරිඋල්ල මීරිගම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන් ඇණහිට තිබුණා. පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වූ කාර්යාල දුම්රියේ මෙම කන්ටේනරය ගැටී තිබෙනවා. අනතුරින් දුම්රිය එන්ජිමට දැඩි හානි සිදුව ඇති බව සඳහන්.

තව කියවන්​න

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ජාතියේ වර්ධනයට සහ අනාගතයට ගැලපෙන අයුරින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා පුළුල් හා විවෘත මනසකින් යුතු සාකච්ඡා තුළින් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සම්මුතියක් අවශ්‍ය බවද ඔහු අවධාරණය කළා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

තව කියවන්​න

2023 වසරේ පළමු මාස 5 තුළ රාජ්‍ය ආදායම ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව රාජ්‍ය ආදායම 2022 වසරේ වාර්තා වූ රුපියල් බිලියන 812 ට සාපේක්ෂව රුපියල් බිලියන 1122 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්. එය රුපියල් බිලියන 310 ක වර්ධනයක් පෙන්නුම් කරන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ.

තව කියවන්​න

යාපනයලචුන්නාකම් ප්‍රදේශයේදී පිරිසක් විසින් පහරදි 54 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කිරීමේ වරදට පුද්ගලයින් හය දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන සැකකරුවන් ඊයේ(08) යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බව චුන්නාකම් පොලිසිය පැවසුවා. තවද අත්අඩංගුවට ගත් වයස අවුරුදු 40 ත් 50 ත් අතර වයසැති සැකකරුවන් එළැඹෙන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය එහිදි නියෝග කළ බවද පොලිසිය පැවසුුුවා. පොලිසිය පැවසූවේ මියගිය පුද්ගලයා ප්‍රදේශයේ 19 හැවිරිදි තරුණියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති අතර, දින කිහිපයකට පෙර අදාළ පුද්ගලයා 19 හැවිරිදි පෙම්වතිය රැගෙන වෙනත් ප්‍රදේශයකට ගොස් ඇති බවයි. එලෙස පෙම්වතිය රැගෙන ගොස් නැවත අදාළ පුද්ගලයා චුන්නාකම් ප්‍රදේශයට පැමිණ ඇති අතර, එහිදි තරුණියගේ ඥාතීන් විසින් අදාළ…

තව කියවන්​න

පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව තේරීම් කමිටු ප්‍රධානියා ලෙස හිටපු ක්‍රීඩක ඉන්සමාම් උල් හක් පත් කරන බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා. ඔහු මීට පෙර 2016 වසරේ සිට 2019 වසර දක්වා වන කාල සීමාවේ දී මෙම තනතුරේ කටයුතු කළ අතර එම කාලයේදී පාකිස්තාන කණ්ඩායම 2017 ශූරයින්ගේ කුසලානය දිනා ගැනීමටයි සමත් වුණේ . ඒ අනුව එළඹෙන ඇෆ්ගනිස්තානය සංචාරයේ සිට ඔහු මෙම තනතුරේ කටයුතු කිරීමට නියමිතව තිබෙන අතර ලෝක කුසලානය සඳහා සංචිතය නම් කිරීමේ වගකීම ද ඔහුට හිමි වෙනවා.

තව කියවන්​න

මීරිගම, විල්වත්ත ප්‍රදේශයේ දී කන්ටේනර් රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවු අනතුරක් හේතුවෙන් එම ප්‍රදේශයේ රථ වාහන තදබදයක් හට ගෙන තිබෙනවා . එම තත්වය හේතුවෙන් මගී ජනතාවට හා රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලිසිය දනුම් දෙන්නේ . අදාළ කන්ටේනර් රථය දුම්රිය හරස් මාර්ගයට ඇතුළු කරන අවස්ථාවේ දී එම රථය නැවතීම හේතුවෙන් දුම්රියේ ගැටී අනතුර සිදුව ඇති බවයි පොලීසිය ප්‍රකාශ කලේ.

තව කියවන්​න