- ඩොලරයේ අගය ඉහළට
- විමල්ට එරෙහි නඩුවට දින නියම වෙයි
- රජයට වුන තවත් පාඩුවක් හෙළිවෙයි
- සොබාධනවි ජාතික විදුලිබල පද්ධතියට
- නබිනායක තුමන්ගේ ඉගැන්වීමේ හරයෙන් සමාජයට ආදර්ශයන්-හරිනි අමරසූරිය
- ආණ්ඩුව රාජ්‍ය සේවකයින් අනාථ කරලා – සජිත්ගෙන් චෝදනා – VIDEO –
- එජාපයෙන් හදිසියේම පෙරළිකාර තීරණයක්
- ආසියානු කුසලානයේ පාකිස්ථාන – එක්සත් අරාබි ගැටුම අද
Author: VNews
ජාතික පද්ධතිය හා දකුණු පළාතේ විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය සම්බන්ධ කිරීමට බාධාවක්ව පවතින ඉඩම පිළිබඳ සමස්ථකරණ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ ඒ සඳහා පත් කළ කමිටුවක් විසින් එම සාකච්ඡාව කැඳවා ඇති බවයි. ඊට විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් සහ අදාළ ඉඩමේ හිමිකරුවන් කැඳවා තිබෙනවා. දකුණට විදුලිය ලබා දීම සඳහා කිලෝ වෝට් 220 ක් බලැති රැහැන් පද්ධතියක ඉදිකිරීම් මේ වනවිට අවසන් අදියරට ළඟා වී ඇතත් එය දකුණු පළාත සහ සම්බන්ධ කිරීමට නොහැකි වී ඇත්තේ මීටර් 600 ක පමණ දුරක් රැහැන් පද්ධතිය ගමන් කරන පෞද්ගලික ඉඩමක හිමිකරුවෙකු ඒ සඳහා රජයෙන් ඉල්ලා සිටින වන්දිය හේතුවෙන්. විදුලි බල මණ්ඩලය ඉඩම සඳහා රුපියල්…
මෙවර මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය අලි ඇතුන් විශාල සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රකාශ කළා. වැඩිම අලි ඇතුන් සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් යුතුව ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යය පවත්වනු ලබන්නේ කොරෝනා වසංගතයෙන් වසර 4 කට පසුවයි. මාලිගාවේ ඇත් පන්තියේ ඉන්දිරාජා, බුරුම රාජා, කතරගම වාසනා, කැලණිය රජ මහ විහාරයේ හස්තියා, මියන් රාජා ඇතුලු 6 දෙනෙකු සධාතුක පෙරහැර කරඬුව වැඩම කරවීමට සුදුසුකම් ලබන බවයි මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දියවඩන නිළමේවරයා සඳහන් කළේ. පෙරහර මංගල්‍යය ලබන 17 වනදා කප් සිටුවීමෙන් ආරම්භ වන අතර, අවසන් රන්දෝලි පෙරහර 30 වනදා වීදි සංචාරය කෙරෙනු ඇති.…
දේශපාලනය වෙනුවෙන් ඉන්දියාව කොටස් කළ බවට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කොංග්‍රස් පක්ෂයට චෝදනා කළා. ඉන්දීය රජයට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව විවාදය ඊයේ ආරම්භ කෙරුණු අතර, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කොංග්‍රස් පක්ෂය වෙත දැඩි චෝදනාවක් එල්ල කරමින් සඳහන් කළේ 1974 වර්ෂයේදී කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පවරා දුන්නේ ඉන්දිරා ගාන්ධි රජය බවයි. රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාව අතර පිහිටා ඇති මෙම දූපත සම්ප්‍රදායිකව ශ්‍රී ලාංකික සහ ඉන්දීය ධීවරයින් විසින් භාවිතා කළ බව අගමැති මෝදි පෙන්වා දුන්නා. 1974 දී එවකට අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි ”ඉන්දු – ශ්‍රී ලංකා සමුද්‍ර ගිවිසුම” යටතේ කච්චතිව් ශ්‍රී ලංකාවට අයත් බවට පිළිගෙන තිබෙන බවයි ඔහු කියා සිටියේ. දේශපාලනය සඳහා ඉන්දියාව…
ගත වූ පැය 24 තුළ වැඩිම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 37.7 ක උෂ්ණත්වයක් වවුනියාවෙන් වාර්තා වී තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ අවම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 12.6 ක උෂ්ණත්වයක් නුවරඑළියෙන් වාර්තා වී ඇති බවයි. ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මොණරාගල දිස්ත්‍රික්කයෙන් ලැබී ඇති අතර එය මිලිමීටර 63.7 ක් බව සඳහන්. මේ අතර නැගෙනහිර සහ ඌව පළාත්වලට මෙන්ම මුලතිව්, වවුනියාව දිස්ත්‍රික්වලට ද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන මිලිමීටර 50 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි…
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමන අතරතුර අත්අඩංගුවට ගත් සිසුන් 20 දෙනා ඇප මත මුදාහැර තිබෙනවා. ඔවුන් ඊයේ රාත්‍රියේ අලුත්කඩේ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ රුපියල් 25,000 බැගින් වූ ශරීර ඇප මත ඔවුන් මුදා හරින ලෙසයි. එමෙන්ම ලබන 14 වැනිදා නැවත ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද අධිකරණය වැඩිදුරටත් නියෝග කර තිබෙනවා.
මහල් ගොඩනැගිල්ලකින් ඇදවැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වැල්ලවත්ත පෙඩි්‍රකා පාර ප්‍රදේශයේ පිහිටි ගොඩනැඟිල්ලකින් ඇඳ වැටී මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකු බව සඳහන්. පොලිසිය සඳහන් කළේ ඊයේ දින එම සිද්ධිය සිදු වී තිබූ අතර මහල් 08 ක ගොඩනැගිල්ලකින් එම පුද්ගලයා ඇද වැටී තිබූ බවයි. සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වැල්ලවත්ත පොලිසිය මගින් ක්‍රියාත්මකයි.
වියලි කාලගුණයත් සමග දිවයින පුරා කුඩා වැව් 10,000කට ආසන්න සංඛ්‍යාවක් සිඳී ගොස් ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ හේතුවෙන් දිස්ත්‍රික්ක ගණනාවක වී වගාවට හා ගොඩ බෝග වගාවන්ට ජලය සැපයීමේ දුෂ්කරතා මතුව ඇති බවයි. කුරුණෑගල හා අනුරාධපුරය දිස්ත්‍රික්කවල ප්‍රදේශ ගණනාවක කුඹුරු වගාවට කුඩා වැව් සිඳී යාම හේතුවෙන් බලපෑම් එල්ල වී තිබෙනවා . ගොඩ භෝග වගාවලට බලපෑම් එල්ල වී ඇත්තේ, කුරුණෑගල, අනුරාධපුර අම්පාර, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ප්‍රදේශවලයි. මෙම වගාවන් රැක ගැනීම අතිශයින් දුෂ්කර වී ඇති අතර වැව්වල ළිං හෑරීම සඳහා මේ වනවිටත් අවසර ලබා දී ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පැවසුවා. මෝසම් වැස්ස ප්‍රමාණවත් පරිදි නොලැබීම…
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර සිව්වන විස්සයි 20 තරගය හෙට පැවැත්වෙනවා. තරගය මෙරට වේලාවෙන් පස්වරු 08ට ආරම්භ වීමට නියමිතයි. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මේ වන විට තරග 2ට 1ක් ලෙස ජය ගනිමින් තරගාවලියේ ඉදිරියේ පසුවනවා.
පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ රැස් වීමක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙහිදී ඉදිරි පාර්ලිමේන්තු සතියේ වැඩකටයුතු සිදු කරන ආකාරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමටයි නියමිතව ඇත්තේ. මේ අතර පාර්ලිමේන්තුවේ කාලය කළමනාකරණය මෙන්ම පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවට නව සාමාජිකයන් පත් කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමට නියමිතයි.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහිදී දඹුල්ල අවුරා කණ්ඩායම සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම තරග වැදීමට නියමිතයි. මෙම තරගය අද පස්වරු 7.30 ආරම්භ වීමටයි කටයුතු යොදා ඇත්තේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222