Author: VNews

මීගමුව, ලෙල්ලම ප්‍රදේශයේ දී වෙඩිවැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට පත්වී තිබේනවා . යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩිතැබීමකින් තුවාල ලැබූ අදාළ පුද්ගලයා ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කෙරුණු අතර එහිදී ඔහු මියගොස් තිබෙනවා.මෙලෙස වෙඩිවැදී මියගොස් ඇත්තේ 25 හැවිරිදි පිටිපන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම විමර්ශන ක්‍රියාත්මකයි ක්‍රියාත්මකයි .

තව කියවන්​න

ඉරාන – පකිස්තාන ගෑස් නල මාර්ග ව්‍යාපෘතියට අදාළ ගිවිසුම අත්හිටුවන ලෙස පකිස්ථානය ඉරානයට දැනුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. එම මාධ්‍ය වාර්තා කළේ ඩොලර් බිලියන ගණනක වටිනාකමකින් යුත් එම ව්‍යාපෘතිය අත්හිටුවීම ඉරානයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවයි. රාජ්‍ය පාලනයෙන් පිටත බාහිර සාධක හේතුවෙන් අදාළ ව්‍යාපෘතිය අත්හිටුවන බවයි පකිස්තානය දැනුම් දී ඇත්තේ. කෙසේවෙතත් ඉරානය දැනටමත් ඔවුන්ට අයත් කොටසක නල මාර්ග එලීමේ කටයුතු රැසක් අවසන් කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. ජාත්‍යන්තරය විසින් ඉරානයට පැනවූ සම්බාධක හමුවේ එම නල ව්‍යාපෘතියට බාධා එල්ල වූ අතර එම කටයුතු ඉදිරියට පවත්වා ගෙන යාමට පකිස්තානයට හැකි වූයේ නැහැ.

තව කියවන්​න

වීදි චිත්‍ර සඳහා ප්‍රසිද්ධ ලන්ඩනයේ ගඩොල් පටුමගේ වූ එක් බිත්තියක චීන කොමියුනිස්ට් පක්ෂ මතවාදයට සහය පළ කරන සටන් පාඨ ලියා තිබීම සම්බන්ධයෙන් දැඩි කතා බහක් හට ගෙන තිබෙනවා. බ්‍රිතාන්‍ය තුළ සමාජමාධ්‍ය හරහා පසුගිය සති අන්තයේ හුවමාරු වූ වීඩියෝ වල දැක්වුයේ සුදු පසුබිමක විශාල රතු චීන අක්ෂර තීන්ත මගින් ආලේප කර ඇති බවයි. අක්ෂර දෙකකින් යුත් වචන 12 කින් සමන්විත එම වැකි මගින් චීන ජනාධිපති ෂී ජින්පින්ග්ගේ පාලනය යටතේ වඩාත් පොදු දේශපාලන සටන් පාඨ කිහිපයක් දක්වා තිබෙනවා. සුදු බිත්තියක රතු පැහැති අක්ෂර චීන දේශපාලන ක්ෂේත්‍රය තුළ බොහෝ සෙයින් ජනප්‍රිය මෙන්ම හුරුපුරුදු දසුනක්. කෙසේවෙතත් ඇතැම් බ්‍රිතාන්‍ය වැසියන් චීන රජය විවෙචනය කරමින් එහි…

තව කියවන්​න

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණ කිරීම හා ආධාර අනුබල දීමේ චෝදනා යටතේ අදාළ සැකකරුවන් සඳහා චෝදන ගොනුකර තිබෙනවා. ඒ අනුව නවුෆර් මවුලවී ඇතුළු 24 දෙනෙකුට නීතිපතිවරයා විසින් චෝදනා 23,270 ක් ගොනුකර ඇති බව සඳහන්. මෙම නඩුවට අදාළ විත්තිකරුවන්ට චෝදනා කියවීම කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ අවසන් කෙරුණා. ඒ දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන විනිසුරුවන් හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීයි. දින 5ක කාලයක් පුරා මෙම චෝදනා කියවීම සිදු කර ඇති අතර නඩු විභාගය ලබන ඔක්තොම්බර් 10 වනදා කැඳවන ලෙසයි විනිසුරුවරුන් නියෝග කර ඇත්තේ.

තව කියවන්​න

වතු කම්කරුවන් ශ්‍රී ලංකාවට පැමිණ වසර 200 ක් සපිරිම නිමිත්තෙන් සහ එම වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් ලබාදෙන ලෙස බල කරමින් දමිල ප්‍රගතිශිලි සන්ධානය නුවරඑලියෙන් සහ හැටන් නගරයෙන් අද පාගමනක් ආරම්භ කළා . දමිල ප්‍රගිතිශිලි සන්ධානය හැටන් නගර මධ්‍යයේ ඔරලෝසු කණුව අසල සිට තලවකැලේ නගර මධ්‍යය දක්වා පාගමනේ නිරත වුනා. දමිල ප්‍රගතිශිලි සන්ධානය නුවරඑලිය තැපැල් කාර්යාලය ඉදිරිපිට සිට තලවකැලේ නගර මධ්‍ය දක්වා අනෙක් පා ගමන ආරම්භකලා . මෙම පාගමන් දෙකම තලවකැලේ නගර මධ්‍යයේදි එකට එක් විමෙන් පසු තලවකැලේ නගර මධ්‍යයේදි රැස්විමක් පැවැත්විමට නියමිතයි. අපි ශ්‍රි ලංකිකයෝ යන තේමාව මුල් කර ගනිමින් මෙම පාගමන සංවිධානය කර තිබුනා. වතු කම්කරු ප්‍රජාවගේ ඉඩම්, නිවාස ,…

තව කියවන්​න

අද ලෝක අලි ඇතුන්ගේ දිනයයි.අගෝස්තු 12 වන දින ලෝක අලි ඇතුන්ගේ සංරක්ෂණය සහ ආරක්ෂාව සඳහා කැප වූ ජාත්‍යන්තර වාර්ෂික උත්සවයක් . මෙම දිනය සැලසුම් කර ඇත්තේ ආසියානු සහ අප්‍රිකානු අලි ඇතුන්ගේ හදිසි දුක්ඛිත තත්වය කෙරෙහි අවධානය යොමු කිරීම සඳහාය; මේ සමබන්ධයෙන් අදහස් කල අදහස් පල කරමින් පරිසරවේදී නයනක රන්වැල්ල මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ අලි ඇතුන් සමබන්ධයෙන් රජයේ අවධානය යොමු නොවන බවයි . ඔහු පැවසුවේ ශ්‍රී ලනක්වේ වාර්ෂිකව 750 ක් පමණ අලි ඇතුන් ප්‍රමාණයක් මිය යන බවයි .

තව කියවන්​න

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මධුශංක දිසානායක මහතා පත් කර තිබෙනවා. තාක්ෂණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  විසිනුයි  මෙම පත් කිරීම සිදුකර ඇත්තේ. වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස සේවය කළ හෙළසිරි ප්‍රනාන්දු මහතා ඊයේ දිනයේ විශ්‍රාම ගනු ලැබුවා. ඉන් පුරප්පාඩු වූ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහායි මධුශංක දිසානායක මහතා පත්කර ඇත්තේ

තව කියවන්​න

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් රග්බි ලීගයේ සුපිරි වටයේ තරග අද ආරම්භ වුණා. කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය සහ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය අතරයි අද තරගය පැවැත්වෙන්නේ. මූලික වටයේදී සහභාගි වූ තරග 6 ම ජය ගනිමින් ශාන්ත පීතර විද්‍යාලය අපරාජිතව සුපිරි වටයට සුදුසුකම් ලබා ගත්තා. මූලික වටයේ තරග 4 ක් ජයගත් ශාන්ත අන්තෝනි විද්‍යාලය සුපිරි වටයට ඇතුලත්ව සිටින කණ්ඩායම් අතරින් අවසන් ස්ථානයේ රැඳී සිටියා.

තව කියවන්​න

මෙරට රාජ්‍ය බැංකුවල සිදු වී ඇති අක්‍රමිකතා පිළිබඳ සොයාබැලීමට පත් කළ කමිටුවේ වාර්තාව ප්‍රකාශයට පත් නොකිරීම තුළ ඉන් අනාවරණය කරගත් දුෂණ වංචා හෙළිදරව් වීම නැවතී ඇති බව ලංකා බැංකු සංගමයේ සභාපති චන්න දිසානායක මහතා පවසනවා . ඔහු පැවසුවේ ලංකා බැංකුව තුළ වෝහාරික විගණනයක් සිදුකරන ලෙසට වත්මන් රජයෙන් ඉල්ලීමක් සිදුකළ ද එය මෙතෙක් ඉටුකර නොමැති බවයි . කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා බැංකු සංගමයේ සභාපති චන්න දිසානායක මහතා මෙම අදහස් පළ කළා . මේ අතර නව ගෙවීම් යෙදවුම් හරහා මුල්‍ය ගනුදෙනු කිරීමට රටේ ජනතාව අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ධර්ම…

තව කියවන්​න

බදුල්ල මහ රෝහලේ පරිශ්‍ර කිහිපයක අද දිනය වන විට විදුලිය කප්පාදු කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විදුලිබිල් නොගෙවීම හේතුවෙන් මෙම කප්පාදුව සිදු කර ඇති බවයි අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ. ඒ අනුව රජය මැදිහත්ව ඒ සදහා වැඩපිළිවෙලක් යෙදිය යුතු බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළා. එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගිලන් රථවලට ඉන්ධන සැපයීමට මුදල් නොමැති වීම හේතුවෙන් බාධා එල්ල වී තිබෙන බවත් ඒ පිළිබදවද සොයා බලන ලෙස රජයට පවසන බවත් ඔහු සඳහන් කළා. රජයේ ප්‍රමුඛතම කාර්යය වන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රය බවත් ඒ අනුව මෙම කාරණා 2 සම්බන්ධයෙන් අද දිනයේම සොයා බලා පිළිතුරක් ලබා දෙන බවත් ඊට…

තව කියවන්​න