Author: VNews

මැදපෙරදිග කලාපයේ පවතින වර්තමාන ගැටුම ක්‍රමයෙන් උග්‍ර අතට හැරීමෙන් විශේෂයෙන්ම ලෙබනනයේ අවදානම්කාරී තත්ත්වයක් උද්ගත වී ඇත. එම කලාපයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාව සැලැකිල්ලට ගනිමින්, ඔවුන්ගේ ආරක්ෂාව සහ සුරක්ෂිතබව තහවුරු කිරීම පිණිස අදාල රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල හරහා අවශ්‍ය පියවර දැනටමත් ගැනෙමින් පවතියි. ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය උපදෙස්ද ශ්‍රී ලංකා දූත මණ්ඩල මඟින් නිරතුරුව ලබා දෙනු ඇත. මෙම සන්දර්භය තුළ, එම උපදෙස්වලට විශේෂ අවධානයක් යොමු කර ඒවා අනුව කටයුතු කරන ලෙස මැදපෙරදිග කලාපයේ වාසය කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ. තවද, මැදපෙරදිග කලාපයේ සේවය කරන සහ ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගේ ඥාතීන්ට, කිසියම් හදිසි අවස්ථාවකදී ස්වකීය සමීපතමයන් පිළිබඳ තොරතුරු විමසීම සඳහා…

තව කියවන්​න

ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය ආරක්ෂක ලේකම් හිටපු එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා හමුවී තිබෙනවා. කෝට්ටේ පිහිටි ආරක්ෂක අමාත්‍යංශයේදීයි මෙම හමුව සිදුව ඇත්තේ. එහිදී දෙරට අතර ද්විපාර්ශවික සබඳතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කර තිබෙනවා. ඉදිරියේදීත් ඇමරිකානු රජය සහ තානාපති කාර්යාලය සමග සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ආරක්ෂක ලේකම්වරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

තව කියවන්​න

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇස්තමේන්තු මිල පරාසයන් නිකුත් කිරීම පිළිබද නිර්ණායක සංශෝධනයට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා. ඒ හා සම්බන්ධ ආයතන ව්‍යුහය වෙනස් කිරීම පිළිබඳවද සාකච්ඡා ආරම්භ වී ඇති බවයි එම අධිකාරිය අවධාරණය කරන්නේ . පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයන් සතිපතා නිකුත් කරනු ලබනවා. වෙළඳපොළේ සිදුවන උච්චාවචයනයන් පිළිබඳ ජනතාව දැනුවත් කිරීම මෙහි අරමුණක් බවයි සඳහන් වන්නේ . සාධාරණ මිල ගණන් යටතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජනතාව අතට පත්කිරීම මෙහි තවත් අරමුණක් වනවා.

තව කියවන්​න

ඉතාලි ජාතිකයෙකුට අයත් ගමන් බලපත්‍රයකින් මෙරටට ඇතුළු වීමට තැත් කළ ඉරාන ජාතිකයෙකු 10/16 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගත් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් , ඔහු ආපසු පිටුවහල් කිරීමට ද පියවර ගෙන තිබුණි . මොහු 40 හැවිරිදි ඉරාන ජාතිකයෙකි . ඔහු 10/16 දින අලුයම 04.25 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර සිට එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී.- 9502 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

තව කියවන්​න

රුපියල් කෝටියක් පමණ වටිනා විස්කි බෝතල් තොගයක් සහ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කිරීමේ දී 10/16 දින අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . මොහු නුවරඑළිය , ලිදුල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි වියේ පසුවන , ගුවන් මගින් විවිධ භාණ්ඩ ගෙනැවිත් අලෙවි කිරීමේ නිරත ව්‍යාපාරිකයෙකි . ඔහු 10/16 දින අලුයම 05.00 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි . ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ වැලන්ටයින් සහ බ්ලැක් ලේබල් වර්ගයේ විස්කි බෝතල් 69…

තව කියවන්​න

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2024 ඔක්තෝබර් මස 15 වන දින ත්‍රිකුණාමලය, සෙල්වනායකපුරම් ප්‍රදේශයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීමට සූදානම් කර තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් හතරයි (04) මිලිග්‍රෑම් තුන්සීය හතලිහක් (340), මත් කරල් දහයක් (10) සහ මත් පෙති විස්සක් (20)  සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි. ඒ අනුව, නැගෙනහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා මහවැලි ආයතනය, සර්ධාපුර පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2024 ඔක්තෝබර් මස 15 වන දින ත්‍රිකුණාමලය, සෙල්වනායකපුරම් ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු පුද්ගලයින් පිරිසක් පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී අලෙවි කිරීම සඳහා සූදනම් කර රැගෙනයමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය (Methamphetamine) ග්‍රෑම් හතරයි (04) මිලිග්‍රෑම් තුන්සීය…

තව කියවන්​න

ගෝලීය අවශ්‍යතා නිසි පරිදි සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ඉදිරි සැලසුම් සකස් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රගමනයට ඉවහල් වන සේ මානව සම්පත වැඩිදියුණු කිරීම සඳහා දරුවන් දැනුමෙන් සන්නද්ධ කළ යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ඉදිරි අවුරුදු දහය තුළ ලෝකයට අවශ්‍ය වන මානව සම්පත නිර්මාණය කිරීමේ මෙහෙයුම අධ්‍යාපන නිලධාරීන්ට පැවරෙන වගකීමකි. ඒ සඳහා වන පුළුල් දැක්මක් සහිතව අධ්‍යාපන ව්‍යාපෘති සකස් කිරීමේ ඇති අවශ්‍යතාවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී අද (16) පැවති අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශවල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක්වෙමිනි. ජනාධිපති අනුර කුමාර…

තව කියවන්​න

තැපැල් කාර්යාල හා උපකාර්යාල හරහා විශ්‍රාම වැටුප් ලබන විශ්‍රාමිකයින්ට 18 වන දා සිට මුදල් ලබා ගත හැකියි සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව අද (16) දින සිට ඔවුන්ගේ ගිණුම්වලට මුදා හැරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. විශ්‍රාමිකයන් සඳහා යෝජිත රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව නොගෙවීම සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊට අදාළ මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලබා දෙන ලෙස පසුගිය දා උපදෙස් ලබා දෙනු ලැබීය. එම උපදෙස් අනුව මහා භාණ්ඩාගාරයෙන් අවශ්‍ය මුදල් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ලබා දී ඇති අතර අද දිනයේ සිට විශ්‍රාමිකයන්ගේ ගිණුම්වලට එම මුදල් බැර කිරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කටයුතු…

තව කියවන්​න

අදට යෙදී ඇති ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දිනයට සමගාමීව කොඩි අලෙවි කිරීමේ සතිය සනිටුහන් කරමින් එහි පළමු කොඩිය සංකේතාත්මකව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පැළඳවීම අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති සුගත් වසන්ත ද සිල්වා මහතා විසින් කොඩිය ජනාධිපති ලේකම්වරයා වෙත පළඳවනු ලැබීය. කොඩි අලෙවි කිරීමෙන් ලැබෙන ආදායම දෘශ්‍යාබාධිත සිසු සිසුවියන්ට ශිෂ්‍යත්ව ලබාදීම, ඔවුන්ගේ සුභසාධනය ඇතුළු පහසුකම් සැලසීමට යොදවන බව එම සංගමයේ සභාපතිවරයා සඳහන් කළේය. අනතුරුව ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සාමාජිකයන් සමඟ සුහද කථා බහකට එක් වූ ජනාධිපති ලේකම්වරයා ඔවුන් ඉදිරිපත් කළ ගැටලු පිළිබඳව ද අවධානය යොමු කළ අතර ඒවාට…

තව කියවන්​න

දිවයිනේ පවතින වැසි තත්වයේ අඩුවීමක් ඉදිරි දින දෙකේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.කෙසේ වෙතත් අද බොහෝ ප්‍රදේශවල උදෑසන කාලයේ පැහැබර කාලගුණ තත්වයක් පැවතුණා.නමුත් ජලයෙන් යටවූ බොහෝ ප්‍රදේශවල ජලය මේ වනවිට බැස යමින් තිබෙනවා.

තව කියවන්​න