Author: VNews

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි මහජන අත්සන් ලබා ගැනීම කළුතර ශික්ෂණ රෝහල ඉදිරිපිටදී අද දිනයේදීත් සිදු වුණා. සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් ආසන සංවිධායක අජිත් පී.පෙරේරා මහතා විසිනුයි මෙම අත්සන් ව්‍යාපාරය සිදු කරනු ලැබුවේ. මේ වන විට සෞඛ්‍ය සේවාවට සිදු වී ඇති හානිය හේතුකර ගනිමින් සෞඛ්‍ය අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවටයි විපක්ෂය චෝදනා කරන්නේ. කළුතර ශික්ෂණ රෝහලෙන් ඖෂධ ලබා ගැනීමට පැමිණි රෝගින් සහ ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා ජනතාව විශාල පිරිසක් මෙම අත්සන් තැබීමට එක්ව සිටියා. මේ, එහිදි අදහස් දැක්වූ කළුතර දිස්ත්‍රික්කයේ සමගි ජනබලවේගය පක්ෂයේ සංවිධායක අජිත් පී.පෙරේරා මහතා.

තව කියවන්​න

ජල මූලාශ්‍රවල ගුණාත්මකභාවය අඩු වීම හේතුවෙන් පානීය ජලය ලබා දීමේදී නිරන්තරයෙන් ජලයේ ප්‍රමිතිය පරීක්ෂාවට ලක් කරන බව ජාතික ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලය පවසනවා. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි අනෝජා කලුආරච්චි මහත්මිය සදහන් කළේ පවතින නියං කාලගුණ තත්ත්වය හමුවේ පානිය ජල ඉල්ලුම ද වැඩි ඇති බවයි. මේ අතර ජල ගාස්තුව සඳහා වන මිල සූත්‍රය ලබන දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ දැනට පවතින ජල ගාස්තු අය කිරීමේ ක්‍රමවේදය එම මාසය දක්වා පමණක් ක්‍රියාත්මක බවයි. ඒ අනුව මිල සූත්‍රය හඳුන්වා දුන්…

තව කියවන්​න

වෛද්‍යවරුන් පමණක් නොව හෙද කාර්ය මණ්ඩල ද විදෙස්ගත වීම මෙරට රෝහල් පද්ධතිය අකර්මන්‍ය වීමට හේතු වී ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ තම රෝහලේ පමණක් හෙද කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 80 කට අධික පිරිසක් විදෙස් ගත වී ඇති බවයි. එමෙන්ම පවතින වෛද්‍යවරුන්ගේ හිඟයට පිළියමක් ලෙස විශ්‍රාමික වෛද්‍යවරුන් යලි සේවයට කැඳවීමට තීරණය කර ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

තව කියවන්​න

යොවුන් ටෙස්ට් තරග දෙකක් සහ එක්දින තරග තුනක් සඳහා සහභාගී වීමට බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. තරගාවලියේ තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 27 සිට සැප්තැම්බර් 01 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර ටෙස්ට් තරග ද්විත්වය සැප්තැම්බර් 05 සිට 15 දක්වා පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. මෙම තරගාවලියේ සියලු තරග දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

තව කියවන්​න

වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි නිවැරදිව ගණනය කිරීම සඳහා ගුවන් හමුදාවේ ඩ්‍රෝන යානා යොදා ගන්නා බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. මේ වනවිට තම කණ්ඩායම් හානිවූ කුඹුරු ඉඩම්වල මූලික පරීක්ෂා කිරීම් සිදු කරන බවයි එම මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පණ්ඩුක වීරසිංහ මහතා සඳහන් කළේ. විනාශ වූ බව පවසා කුඹුරුවලට ගිනි තැබූ කිසිදු පුද්ගලයෙකුට රක්ෂණ වන්දි ලබා නොදෙන බවද පණ්ඩුක වීරසිංහ මහතා කියා සිටියා. වියළි කාලගුණයෙන් හානියට පත් වී ඇතුළු බෝග වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂය බැගින් වන්දි මුදල් ගෙවන බවද කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළා.

තව කියවන්​න

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවගිවේ අවසන් වටයේ තෙවැනි තරගය හෙට පැවැත්වෙනවා. මෙහිදී අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම සදහා බී ලව් කැන්ඩි කණ්ඩායම සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම තරග වැදීමටයි නියමිතව ඇත්තේ. මෙම තරගය හෙට පස්වරු 7.30ට ආරම්භවීමට නියමිතයි.

තව කියවන්​න

දකුණු පළාත භීතියට පත්කරමින් මනූෂ්‍ය ඝාතන සිදුකරන ප්‍රධාන අපරාධකරුවෙකුගේ ගෝලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ තංගල්ල පොලිස් බලප්‍රදේශයේදී මනුෂ්‍ය ඝතනයක් සිදුකළ වෙඩික්කරුවන් ප්‍රවාහනය කර ඇත්තේ ද මෙම සැකකරු විසින් බවයි. සැකකරු පයාගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43ක පුද්ගලයෙකි. අදාළ සැකකරු මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහාපරිමාණ මත්ද්‍ර‍ව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස හඳුනාගෙන ඇති අතර  දැනට විදේශගත වී සිටින අම්බලන්ගොඩ දිල්ශාන් යන අයගේ ප්‍ර‍ධාන ගෝලයෙකි. පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එම වැටලීම සිදුකර තිබූ අතර සැකකරු සන්තකයේ හෙරොයින් මත්ද්‍රව්‍ය තිබී සොයාගෙන ඇත. දොඩන්ගොඩ පොලිස් වසමේ දොඩන්ගොඩ අධිවේගී මාර්ගයේ පිටවීමේ දොාරටුව ආසන්නයේ දී සිදුකළ වැටලීමකින් සැකකරු අත්අඩංගුවට ගැනුණා. ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 05යි…

තව කියවන්​න

සමනල වැවෙන් උඩවලව ජලාශයට ලැබෙන ජල ප්‍රමාණය යළිත් සීමා වී ඇති බව මහවැලි අධිකාරිය පවසනවා. එම අධිකාරිය සඳහන් කළේ, ඊයේ දිනයේ ජලාශයට ලැබුණේ අක්කර අඩි 420 ක් පමණක් බවයි. මෙම තත්ත්වය තුළ ගොවි බිම් වෙත ජලය මුදා හැරීමේදී යළිත් දුෂ්කරතා මතුව තිබෙනවා. උඩවලව ජලාශයේ ජල ධාරිතාව මේ වනවිට පවතින්නේ අක්කර අඩි 5000 ක් ලෙසයි.

තව කියවන්​න

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජීවත් වන ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය වෙනුවෙන්, දිස්ත්‍රික් පලාත් පාලන ආයතන වෙත නව ජල බවුසරක් ප්‍රදානය කිරීමේ වැඩ සටහන පෙරේදා (16) දා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වුුුණා. දිස්ත්‍රික්කයේ පලාත් පාලන ආයතන හා සම්බන්ධ පානිීය ජල ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් මෙම ජල බවුසරය යොදා ගැනීමට නියමිත අතර එම බවුසරය නුවරඑළිය පලාත් පාලන කොමසාරිස් කාර්යාලය භාරයේ පවතිනවා. මෙම ජල බවුසරය නුවරඑළිය සහකාර පලාත් පාලන කොමසාරිස් ප්‍රභාති විජයවර්ධන මහතා වෙත නිල වශයෙන් භාර දීම සිදු කරනු ලැබුවේ, UN-HABITAIT ආයතනයේ ව්‍යාපෘති නිලධාරි සලීම් කරිස්ම්ඩා මහතා විසිනි.එහි සම්පූර්ණ වටිනාකම රුපියල් 13,500,000/- කි. KOICA ව්‍යාපෘතිය යටතේ UN-HABITAIT ආයතනය මගින් මෙම වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු සිදු…

තව කියවන්​න

ශලනිගෙ විවාහයේ දෙවනි මනමාලියෝ 8 දෙනා. මේ අතරට ශලනිගේ හොදම යාලුවො වගේම ජනප්‍රියම නිළියොත් ඇතුළත්. අනුරාදා, රොශෙල් , සචින්තනී වගේම තව 5 දෙනෙක් ඡායාරූප පහතින් බලන්න .

තව කියවන්​න