Author: VNews

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තය බලා පිටත් වීමට නියමිතයි. එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එක්දින ක්‍රිකට් තරග 3කට සහ 20යි 20 ක්‍රිකට් තරග 3කට සහභාගී වීමට නියමිතව තිබෙනවා . මේ අතර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය සඳහා ක්‍රීඩිකාවන් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතය ඊයේ නම් කළා . එහි නායකත්වය චමරි අතපත්තු දරන අතර ඕෂධී රණසිංහ උප නායිකාව ලෙසයි කටයුතු කරනු ලබන්නේ.

තව කියවන්​න

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණය පිළිබද අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ අද දිනයේ උතුර, උතුරුමැද, නැගෙනහිර පළාත්වලට සහ මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පැවසුවේ එළිමහනේ කටයුතු කිරීමේදී දැඩි සැලකිල්ලකින් ක්‍රියා කළ යුතු බවයි. මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ දිවයිනේ තැනින් තැන වැසි ඇති වුවද උණුසුම පහව ගොස් නොමැති බවයි.

තව කියවන්​න

ගම්පෙරළිය චිත්‍රපටය අධ්‍යක්ෂණය කීරීම වෙනුවෙන් නවදිල්ලි සිනමා උළෙලේ දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරීස්ට පිරි නමා තිබූ රණමයුර සම්මානය එතුමාගේ මළ ගෙදරට පැමිණි අවස්ථාවේ හොරකම් කරගෙන ගොස් විකිණූ පුද්ගලයා ඊයේ පැවති පළමු කුඹල් පෙරහර අවස්ථාවේ දි ගැට කපන්නට ගොස් පොලිස් අත් අඩංගුවට පත් වී තිබෙනවා. මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ 71 හැවිරිදි වියේ පසුවන ලියාපදිංචි අපරාධකරුවෙක් වූ පුද්ගලයෙක් වන අතර කුඹල් පෙරහැර  ඊයේ (21) නුවරට පැමිණි අති විශාල ජනතාව අතර තෙරපෙමින් කාන්තාවකගේ ගමන් බෑගයෙන් මුදල් පසුම්බියක් සොරා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ අවට සිටි පිරිසගේ සහාය ද සහිතව ඔහු අත් අඩංගුවට පත් වි ඇත. සැකකරු ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසියේ…

තව කියවන්​න

රත්මලාන ප්‍රදේශයේ වෙළඳසැල් හිමිකරුවෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු ගිනි අවියකින් වෙඩි තබා පලා ගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ වෙඩි වැදිමේන් තුවාල ලැබු පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවයි. මියගිය පුද්ගලයා වයස අවුරුදු 40ක රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මෘත ශරීරය කළුබෝවිල රෝහලේ තැන්පත් කර තිබෙනවා. පොලිසිය වැඩිදුරටත් පැවසුවේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස පොලිසිය වැඩිදුරටත් විමර්ශන සිදු කරන බවයි. මෙම වර්ෂය තුළ පුද්ගලයින් හට වෙඩි තැබීමේ සිදුවීම් 60 ක් පමණ වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ට පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසනවා. එමෙන්ම එම වෙඩි තැබීම් තුළින් පුද්ගලයින් 36…

තව කියවන්​න

අපේක්ෂිත ඇපයක් ලබා දෙන ලෙස ඉල්ලා එම්.ටී.එෆ්.ඊ.එස්.එල් නමැති අන්තර්ජාල මුදල් ආයෝජන ගනුදෙනුවක විධායක නිලධාරිවරයෙකු ගොනු කළ ඇප අයදුම්පතක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ප්‍රතික්ෂේප කර තිබෙනවා. පිරමීඩාකාර නීතිවිරෝධී ආයෝජනයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමාව අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින බැවිනුයි ඔහු නිතීඥවරයකු මාර්ගයෙන් අපේක්ෂිත ඇපයක් ඉල්ලා ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියා සිටියේ සැකකාර විධායක නිලධාරියා අන්තර්ජාලය ඔස්සේ සැකකටයුතු මුදල් ආයෝජනයක නිරත වන බවට මහ බැංකුව විසින් සිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත කරන ලද දැනුම් දීමක් අනුව විමර්ශන ආරම්භ කර ඇති බවයි.

තව කියවන්​න

පරිභෝජනයට නුසුදුසු කෘමීන් සහිත සහල් තොගයක් වැලිපැන්න පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා . වැලිපැන්න පොලිස් ස්ථානාධිපති චාමින්ද සිල්වා මහතාට ලැබුණු තොරතුරක් මත වලගෙදර ප්‍රදේශයේදී කෘමීන් සහිත සහල් කිලෝ 600 කට ආසන්න ප්‍රමාණයක් ලොරි රථයක් සමඟ පොලිස් භාරයට ගැනීමට සමත්ව ඇති බව සඳහන් . මෙම ලොරි රථයෙන් නිරන්තරයෙන් මතුගම වලගෙදර ප්‍රදේශයේ පිහිටි ගබඩාවකට මෙවැනි කෘමීන් සහිත සහල් ගෙනැවිත් ඔපදමන බවට ලද තොරතුරක් මත එම ගබඩාව ආසන්නයේදී ලොරි රථය පරීක්ෂා කිරීමේදී මෙම සහල් තොගය සොයා ගෙන තිබෙනවා . මෙසේ ඔප දමන ලද සහල් පසුව වැලිපැන්න ,බේරුවල, අලුත්ගම, දර්ගා නගරය ආදී ප්‍රදේශවල පිහිටි ආපන ශාලාවලට අඩු මුදලට අලෙවි කරන බවට ද තොරතුරු වැඩිදුර…

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ සංචාරක වීසා ගෙන විදේශගත වීම වළක්වා ගැනීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් කටුනායක ගුවන් තොටුපල පිටත්වීමේ පර්යන්තයේ ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකයක් විවෘත කර තිබෙනවා. මෙම ඒකකය පිහිටුවා ඇත්තේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතේ මිනිස් වෙළඳාමට එරෙහි ජාතික කාර්ය සාධන බලකායේ නිර්දේශ මතයි. කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසන්නේ මෑත කාලීනව විශාල වශයෙන් සංචාරක වීසා යටතේ රැකියා සඳහා පිටත්ව යාම හේතුවෙන් එය වළක්වා ගැනීම සඳහා මෙම නව ඒකකය ස්ථාපනය කළ බවයි.

තව කියවන්​න

උණ රෝගය වැලදුනු ගාල්ල බන්ධනාගාරයේ සිටි තවත් රැඳවියන් තිදෙනෙකු ප්‍රතිකාර සදහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර  තිබෙනවා. මීට පෙර රැදවියන් 5 දෙනකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කෙරුණු අතර ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. උණ රෝගී තත්ත්වය හේතුවෙන් රැඳවියන් මිය යාමත් සමග කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් ගාල්ල බන්ධනාගාරයට පැමිණ ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව අනාවරණය වී ඇත්තේ බැක්ටීරියා ආසාදනයක් හේතුවෙන් මෙලෙස රැදවියන් රෝගී වී ඇති බවයි. අදාළ බැක්ටීරියා ආසාදනයට අනුව පුද්ගලයින් හට උණ සහ සමේ ආසාදන තත්ත්වයක් ද පෙන්නුම් කරන බවටයි වාර්තා වන්නේ. මියගිය රැඳවියන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කරාපිටිය ශික්ෂණ රෝහලේදී ඊයේ පවත්වා ඇති අතර එහිදී වෛද්‍යවරුන්…

තව කියවන්​න

දන්කොටුව හාල්දඬුවන ප්‍රදේශයේ පිහිටි මාළු අපනයනය කරන කර්මාන්ත ශාලාවක හදිසියේ ඇති වූ කිසියම් විෂ දුමාරයක් හේතුවෙන් සේවක සේවිකාවන් 31 දෙනෙකු ප්‍රතිකාර සඳහා වෙන්නප්පුව සහ ලුණුවිල ප්‍රාදේශීය රෝහල් වෙත ඇතුළත් කර තිබෙනවා. මාළු තොග ගබඩා කර ඇති අධි ශීතකරණ ආශ්‍රිතව ඊයේ පස්වරුවේ මෙම විෂ දුමාරය හටගෙන ඇති බවටයි වාර්තා වන්නේ. රෝහල් ගත කළ පුද්ගලයින්ගේ තත්වය බරපතල නොවන අතර සේවිකාවන් 23 දෙනෙකු ඊයේ රාත්‍රිය වන විට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

තව කියවන්​න

පාරිභෝගික අධිකාරියෙන් බව පවසමින් ව්‍යාපාරිකයන්ට සහ නිෂ්පාදකයින්ට තර්ජනය කරමින් කප්පම් ලබා ගැනීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇති බව එම අධිකාරියේ සභාපතිවරයා පවසනවා. ඇමතුමක් ලබා දී භාණ්ඩවල දෝෂ පවතින බව ප්‍රකාශ කරමින් ඔවුන් මෙම ජාවාරම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ . මෙවැනි ඇමතුමක් ලැබුනහොත් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් හට 1977 යන ක්ෂණික ඇමතුම් අංකයට හෝ පොලිසියට දැනුම් දිය යුතු බවයි එම අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා කියා සිටියේ .

තව කියවන්​න