- ආණ්ඩුව රාජ්‍ය සේවකයින් අනාථ කරලා – සජිත්ගෙන් චෝදනා – VIDEO –
- එජාපයෙන් හදිසියේම පෙරළිකාර තීරණයක්
- ආසියානු කුසලානයේ පාකිස්ථාන – එක්සත් අරාබි ගැටුම අද
- ට්‍රම්ප් බ්‍රිතාන්‍යයේ රාජ්‍ය සංචාරයක
- තියුණු ආයුධ ප්‍රහාරයකින් කොටහේනේ පුද්ගලයකු ජිවිතක්ෂයට
- ඇමෙරිකාව සහ චීනය අතර එකඟතාවයක්
- කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුව අත්හිටුවයි
- කෙහෙළිය ඇතුළු පිරිසට ඇප
Author: VNews
බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව සාමාජිකත්වය දරණ බ්‍රික්ස් හවුලේ 15 වන සමුළුව මේවනවිට පැවැත්වෙනවා. ඒ දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවරදීයි. ඊට සහභාගී වීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙන්ම චීන ජනාධිපති ෂී ජින්පින් ද දකුණු අප්‍රිකාවට පැමිණ සිටින බැවින් ඒ සම්බන්ධයෙන ජාත්‍යන්තරයේ අවධානය වැඩි වී තිබෙනවා. මේ අතර දකුණු අප්‍රිකාවට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට එහිදී ඉහළ පිළිගැනීමක් හිමිව ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. අග්‍රාමාත්‍යවරයා පිළිගැනීම සඳහා දකුණු අප්‍රිකාවේ සිටින ඉන්දීය ඩයස්පෝරාව නියෝජනය ප්‍රජාව උත්සවයක් ද සංවිධාන කර තිබෙනවා. ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා නවාතැන් ගන්නා හෝටල් පරිශ්‍රය ඉදිරිපිටට රැස්ව සිටි එරට සිටින ඉන්දියානුවන් ප්‍රීති ඝෝෂා පවත්වමින් අග්‍රාමාත්‍යවරයාව පිළිගත් බවයි විදෙස්…
චීනයේ වයස්ගත පුද්ගලයින් සංඛාව ඉදිරි දශකය තුළ වාර්තා ගත ලෙස ඉහළ යනු ඇතැයි වාර්තා වනවා. එරට වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ගේ සංඛ්‍යාව වසරකට සාමාන්‍යයෙන් මිලියන 10 කින් ඉහළ යන බවයි පැවසෙන්නේ. ඒ අනුව ආර්ථික අර්බුධයකට මුහුණ පා සිටින චීනයට රාජ්‍ය විශ්‍රාම වැටුප් අරමුදලට, වැඩිහිටි සත්කාර පහසුකම් සහ වෛද්‍ය සේවාවන්ට තවදුරටත් ප්‍රතිපාදන වෙන් කිරීමට සිදුවනු ඇති බවයි ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ. චීනයේ රෙන්මින් විශ්වවිද්‍යාලයේ උප සභාපති ඩූ පෙන්ග්ට අනුව 2050 වන විට එරට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සංඛ්‍යාව මිලියන 520ක් හෙවත් ජනගහනයෙන් සියයට 37.8ක් දක්වා ඉහළ යනු ඇති. පසුගිය වසරේදී චීනයේ වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින් මිලියන 209.78 ක් සිටි අතර…
අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සියයට 90 ක් දක්වා ගෙන ඒමට අපොහොසත් වන විදුහල්පතිවරුන්ගේ වාර්ෂික වැටුප් වර්ධක තාවකාලිකව අත්හිටුවන බවට චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස මහතා විසින් එම පළාතේ සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් වෙත මේ සම්බන්ධයෙන් ලිඛිතව දැනුම් දී ඇති බව සදහන්. ඒ අනුව සියයට 90 වේ ඉලක්කයට ළඟා වන සියලු විදුහල්පතිවරු සහ ගුරුවරුන් වෙත 2023 වර්ෂයේ විශේෂ දීමනාවක් ලබා දෙන බවද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාර්ලින් මහතා පවසන්නේ මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා යොමු කර ඇති චක්‍රලේඛය ඉල්ලා අස්කර ගත යුතු බවයි. එසේ නොවන්නේ නම් එම…
ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. ඒ, ඔහු ආබාධයකට ලක් වීම හේතුවෙන්. මේ වන විට ආසියානු කුසලාන තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යොමු කර තිබෙනවා. එමෙන්ම ආබාධයට ලක් වූ දුෂ්මන්ත චමීර වෙනුවට කසුන් රාජිත ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇති බවද වාර්තා වනවා.
පාසල් දරුවන් හෘදයාබාධවලට ලක්වීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. පාසල් ළමුන් තුළ පවතින ආතතිය, ආහාර රටාව සහ ව්‍යායාම අඩුකම හේතුවෙන් දරුවන් මෙලෙස රෝගවලට ලක්වීමේ අවදානමක් පවතන බව සඳහන්. එමෙන්ම ශාරීරික හා මානසික සෞඛ්‍ය පිළිබද වැඩි අවදානයක් යොමු කරන්නේ නම් මෙම අවදානම මගහරවා ගත හැකි බවයි විශේෂඥ වෛද්‍යවරුන් පවසන්නේ. මේ අතර පාසල් සිසුන් අතර දුම්කොළ භාවිතය ද ඉහළ ගොස් ඇති බව අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය පවසනවා. කෙසේ වෙතත් පසුගිය වසර 3 ට සාපේක්ෂව අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ තරමක අඩුවක් නිරීක්ෂණය වන බව එහි සභාපති ශාක්‍ය නානායක්කාර මහතා සඳහන් කළා.
ජුලි මාසය සඳහා වන වකුගඩු, ආබාධිත සහ අඩු ආදායම්ලාභී වැඩිහිටි දීමනාව ලබන 25 වන දා සිට ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවා. ඒ සඳහා රුපියල් මිලියන 2684 ක් භාණ්ඩාගාරයෙන් සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත යවා තිබෙන බවද ඔහු සඳහන් කළා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා උපදෙස් ලබා දී තිබුණේ වකුගඩු, ආබාධිත සහ වැඩිහිටි දීමනා ලබාගැනීමට, පොරොත්තු නාමලේඛනයේ සිටින සියලු දෙනාටම අස්වැසුම යටතේ එම දීමනා ලබා දෙන ලෙසයි. මේ අතර ජුලි මාසයේ වැඩිහිටි දීමනාව තැපැල් කාර්යාල මගින් ද ආබාධිත සහ වකුගඩු දීමනා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ද ලබන 25 වන දා සිට ලබා ගත හැකි බව රාජ්‍ය…
හපුතලේ, අයිස්පීල්ල ප්‍රදේශයේ හෝටලයක සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ හෝටලයේ හිමිකරු රෝහල්ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. නවාතැන් ගැනීමට පැමිණෙන මුවාවෙන් පැමිණි පුද්ගලයින් 5 දෙනෙකු වෙඩි තැබීම සිදුකර කර තිබෙනවා. වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා මාතර මහාධිකරණයේ විභාග වන නඩුවක සාක්ෂිකරුවෙකු බවටයි අනාවරණය වී ඇත්තේ. වෙඩි තබා පලාගිය පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සදාහ හපුතලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මහනුවර ඇසල මහා පෙරහැරේ ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කෙරුණු දෙවෙනි කුඹල් පෙරහැර අතරතුර නොසන්සුන් කාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා. ඒ එම පෙරහැර අතරතුර පෙරහැරේ ගමන් ගත් ඇතුන් දෙදෙනෙකු කුලප්පු වීම හේතුවෙන්. එම අවස්ථාවේ පෙරහැර නැරඹීමට පැමිණි පිරිස් ඒ මේ අත දිවගොස් ඇති අතර, නුවර වැව රවුමේ පෙරහර නරඹමින් සිටි පිරිසක් එම අවස්ථාවේදී වැවට පැනීම නිසා පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් සහ නාවික හමුදා නිලධාරීන් විසින් ඔවුන් බේරා ගැනීමටයි කටයුතු කර ඇත්තේ. කලබල වූ ඇතුන් දෙදෙනා ඉවත් කිරීමෙන් පසු පෙරහර අඛණ්ඩව වීදි සංචාරය කරවීමට කටයුතු කරනු ලැබුවා. මෙහිදී කිසිවකුටත් තුවාල සිදුවී නොමැති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.
ජාතික ගීය ගායනා කිරීම පිළිබඳ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වාදීමට යෝජනා කර තිබෙනවා . ගායන ශිල්පිනී උමාරා සිංහවංශ විසින් ජාතික ගීය නිවැරදි නොවන ආකාරයට ගායනා කර ඇත්ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් පත් කළ කමිටුව විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව සඳහන් . ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු සහ විමර්ශන නිලධාරියෙකු අදාළ කමිටුවට පත් කළ අතර ඔවුන් මේ සම්බන්ධයෙන් යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබේනවා. ඒ අනුව ජාතික ගීය ගායනා කළ යුතු ආකාරය පිළිබඳ අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර එය පාර්ලිමේන්තුව ඔස්සේ සම්මත කරගැනීම මෙමගින් යෝජනා කර ඇති බව සඳහන්. එමෙන්ම විමර්ශන කණ්ඩායම විසින් මීට අදාළ වාර්තාව පසුගියදා…
පාකිස්තානයේ වයඹදිග ප්‍රදේශයේ කඳු දෙකක් අතර සවිකර තිබූ කේබල් රථයක සිරවී සිටි සියලු පුද්ගලයන් බේරා ගැනීමට කටයුතු කර තිබෙනවා. පොලවේ සිට අඩි 1,200ක් පමණ ඉහළින් පිහිටි කේබලක් කඩාවැටීමෙන් පසු මෙම කේබල් රථය සිර වූ අතර, ඒ හේතුවෙන් පැය ගණනාවක් එහි සිටි පාසල් සිසුන් 6 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 08 දෙනෙකුගෙන් සමන්විත පිරිස සිරවී සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. දැඩි සුලං තත්ත්වයක් පැවතීම හේතුවෙන් මෙම පිරිස බේරා ගැනීම ප්‍රමාද වූ අතර, පසුව දැඩි පරිශ්‍රමයකින් පසු මෙම පිරිස බේරා ගැනීමට පාකිස්තාන හමුදාව කටයුතු කර තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222