- කොළඹ දිස්ත්‍රික්කයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මෙම මස 09 වැනිදා
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණි බැතිමතෙකු මියයයි
- දුම්රිය කිහිපයක ආසන වෙන් කිරීමේ පහසුකම ඉවතට
- වෛද්‍යවරුන් රට හැර යාමේ අවධානමක්
- මහින්ද රාජපක්ශ සහ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
- ජනාධිපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් අතර හමුවක්
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට
- කොළඹ ලෝටස් පාර වැසෙයි
Author: VNews
ඉන්ධන ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් වන අලි දෙදෙනෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි එන්.ජේ ඉදිපොළගේ මහතා සඳහන් කළේ ඉන්ධන ප්‍රවාහන දුම්රිය අධික වේගයෙන් එම ස්ථානයේ ධාවනය වුයේද යන්න පිළිබද සොයා බලන බවයි. ගල්ඔය සහ හිගුරක්ගොඩ අතරදී අද අලුයම වන අලි ගැටීමෙන් දුම්රිය පීලි පැනීමට ලක්වු අතර අනතුරින් වන අලි දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණා.
බලංගොඩ, ඇල්ලේඅරාව “දිසිර” පෙර පාසලේ දරු දැරියන් සහ මව්පියන්ට අග්‍රාමාත්‍ය නිළ නිවස ‘‘අරලියගහ මන්දිරය’’ නැරඹීමට විශේෂ අවස්ථාවක් හිමි වුණා. දරු දැරියන් හා දෙමාපියන් සාදරයෙන් පිළිගත් අරලියගහ මැදුරේ කාර්‍ය මණ්ඩලය එහි අතීතය හා වර්තමාන ක්‍රියාකාරීත්වය පිළිබඳව පැහැදිලි කළා. වසර 200 කට වඩා පැරණි ඉතිහාසයක් ඇති මෙම මන්දිරය 1856 වර්ෂයේ ජෝන් ෆිලිප් ග්‍රීන් විසින් සුවදවත් මලින් යුත් අරලිය ගස් පිරී ගිය උද්‍යානයක් ලෙස අලංකරණය කර ‘‘අරලියගහ මන්දිරය’’ ලෙස නම් කර තිබෙන බවයි සඳහන්. මන්දිරය නැරඹීමට පැමිණි දරු දැරියන්ට සංචාරය සිහිගැන්වීම සඳහා පෙර පාසල් භූමියේ රෝපණය කිරීමට ඖෂධීය බුළු ශාකයක් අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශයේ නිලන්ත අදිකාරි මහතා විසින් පෙර පාසලේ ප්‍රධාන ගුරුතුමිය අයෝමි කුමාරසිංහ…
අපි පැරදුනේ එක මැතිවරණයක් විතරයි.ඒ මැතිවරණයේ පරාජය කියන්නේ අලුත් ගමනක අපේ ආරම්භයක් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගෑස් සිලින්ඩරය ලකුණින් මෙවර මහ මැතිවරණයට තරඟ කරන කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් ගලෙන්බිඳුණුවැවදී පැවති ජන හමුවකදීය. මෙම ජන හමුව ගෑස් සිලින්ඩරය ලකුණින් මෙවර මැතිවරණයට තරඟ කරන නාමල් විජේවර්ධන මහතා විසින් සංවිධානය කර තිබූ අතර, එම ජන හමුවේදී ගෑස් සිලින්ඩරය ලකුණින් මෙවර මැතිවරණයට තරඟ කරන නීතීඥ මහේෂ් කොටුවැල්ල, සරත් වීරසිංහ, ඩේරියස් ද සාකෝ, අබේසිංහ යන මහත්වරුන්ද අදහස් දැක්වීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද දිසානායක මහතා, මැතිවරණයකදී ජය…
ආරුක්කු නවය පාලම ආශ්‍රිතව සිදුකළ ඉන්දු ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් වන මිරායි තෙලිගු චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් වුණා. ඒ අනුව දුම්රිය ගමනාගමන කටයුතු ද යථා පරිදි සිදුවන බවයි බලධාරීන් පවසන්නේ. ඊයේ රාත්‍රී 7 පමණ වන විට චිත්‍රපටයේ රූගත කිරීම් සම්පුර්ණයෙන්ම අවසන් වී තිබෙනවා. නළු නිලියන් හා කාර්ය මණ්ඩලය ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත අතර ඔවුන් නැවත ලබන 26 වනදා ශ්‍රී ලංකාවට පැමිණෙනවා. ඒ බණ්ඩාරවෙල හා දෙමෝදර අතර ප්‍රදේශයේ ගීතයක දර්ශනයක් රූගත කිරීම වෙනුවෙන්.
2024- 09-26 සිට 2024- 10-16 දින දක්වා පාර්ලිමේන්තු මැතිවරණයේ පැමිණිලි 257 ක් ලැබී තිබෙනවා. ඒ අතරින් කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා නොවීම විශේෂත්වයක් බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ. වැඩිපුරම වාර්තා වී ඇත්තේ නීති උල්ලංඝනය කිරීම් ලෙසයි සටහනේ දැක්වෙන්නේ.
මහ වැසි හේතුවෙන් දින හයක් වසා දමා ඇති නාත්තන්ඩිය දන්කොටුව හරහා මීගමුව ප්‍රධාන මාර්ගය ඇතැම් ස්ථාන වල අඩි තුනකට අධික ජල කදකින් පිරි තිබිම හේතුවෙන් තවමත් විවෘත කිරීමට නොහැකි තත්වයක් මතුව ඇති බව පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පවසයි. හැමිටන් ඇලේ පිරී පවතින ජලජ ශාක හා දිරාපත්ව ඇති විශාල ප්‍රමාණයේ ගස්වල කඩා වැටී ඇති අතු ඉවත් කිරීමට මීට පෙර කටයුතු නොකිරීම මීට ප්‍රධාන හේතුව බව ජනතාව පෙන්වා දෙති. වසර ගණනාවක් තිස්සේ මෙසේ ජලජ ශාකවලින් හා විශාල ප්‍රමාණයේ ගස්වල අතු කඩා වැටී ඒවා දිරාපත්වීම හේතුවෙන් ඇල මාර්ගය අවහිර වී ජලය නිසි ලෙස ගලා යාම නොවන බව ජනතාව පවසයි. සාමාන්‍ය වැසි තත්වයක් හමුවේ…
පළමු වරට පැවැත්වීමට සැලසුම් කර ඇති ලංකා T10 ක්‍රිකට් තරගාවලිය එළඹෙන දෙසැම්බර් මස 12 දා සිට 22 දා තෙක් පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා. මේ වෙනුවෙන් ක්‍රීඩකයින්ට ලියාපදිංචි වීමේ අවස්ථාව ඊයේ සවස 6.00 සිට ආරම්භ වූ අතර, එළඹෙන 23 වැනි දා සවස 6.00 දක්වා ඔවුන්ට ලියාපදිංචි වීමේ අවස්ථාව හිමි වනු ඇති. www. Srilanka cricket.lk වෙබ් අඩවිය වෙත පිවිසිමෙන් ක්‍රීඩකයන්ට ලියාපදිංචි වීම සදහා අවස්ථාව හිමි වනවා මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් හයක් ක්‍රීඩා කිරීමට නියමිත අතර, එම කණ්ඩායම් කලම්බු ස්ට්යිකස් , කැන්ඩි බෝල්ට්ස් , ගෝල් මාවර්ලස් , හම්බන්තොලට බංගලා ටයිගස් , දබුල්ල බ්‍රෙව් සහ ජැෆ්නා ටයිටන්ස් ලෙස නම් වනු ඇති . . එක්…
ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ ගිං ගඟ හරහා ඉදි කර ඇති අගලිය පාලම සහ දොඩංගොඩ පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්, නාවික හමුදාව විසින් 2024 ඔක්තෝබර් මස 14 වන දින ක්‍රියාත්මක කෙරිණි. දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්වය මත ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන්, ගිං ගඟෙහි ජල මට්ටම ඉහළ යාමත් සමඟ ජල පහරට හසුව ගසාගෙන එනු ලබන කැළි කසළ, දැව කඳන් සහ උණ පඳුරු ඇතුළු අපද්‍රව්‍ය අගලිය පාලම සහ දොඩංගොඩ පාලම තුළ සිරවී ජලය ක්‍රමවත්ව බැස යාම අවහිර වීම මඟින්, ප්‍රදේශයේ ඇතිවිය හැකි ගං වතුර අවධානම වැළැක්වීම සඳහා අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුම් නාවික හමුදාව විසින් නිරන්තරයෙන් සිදු කරනු ලබයි. ඒ අනුව, 2024 ඔක්තෝබර් මස 14 වන දින දකුණු නාවික විධානය මඟින්…
දුම්රිය සේවකයින්ගේ සහ මහජනතාවගේ ආරක්ෂාව තහවුරුවන අන්දමින් දුම්රිය මාර්ග ව්‍යාපෘති කඩිනම් කරන්න ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ජනපති පවසයි මාර්ග සංවර්ධන ව්‍යාපෘති විධිමත් සහ කාර්යක්ෂම කිරීම ග්‍රාමීය ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ඉවහල් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය. එසේම ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් විය යුතු බවත්, කිහිප දෙනෙකු අතට කොන්ත්‍රාත් ලැබෙනවා වෙනුවට එහි ප්‍රතිලාභ ප්‍රාදේශීය සහ ග්‍රාමීය ජනතාවට ලැබෙන අයුරින් එම ව්‍යාපෘති සැලසුම් කිරීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (16) පැවති ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ප්‍රගති…
අක්‍රමවත්ව පවතින ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය සංවිධිත තත්ත්වයකට ගෙන ඒම සඳහා දිගු කාලීන ඒකාබද්ධ ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (16) පැවති කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයෙහි ප්‍රගති සමාලෝචනයේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. එම අමාත්‍යාංශවල දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් විය. මෙතෙක් සිදු කර තිබෙන ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපතිවරයා එම ව්‍යාපෘති යම් පමණකට සාර්ථක වුවත්, එමඟින් ග්‍රාමීය දිළිඳු භාවය කුමන මට්ටමකට විසඳී තිබේ දැ’යි යන්න ප්‍රශ්නයක්ව පවතින බවද කියා සිටියේය. එම නිසා ඉදිරියේදී ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රධාන…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222