- ආණ්ඩුව රාජ්‍ය සේවකයින් අනාථ කරලා – සජිත්ගෙන් චෝදනා – VIDEO –
- එජාපයෙන් හදිසියේම පෙරළිකාර තීරණයක්
- ආසියානු කුසලානයේ පාකිස්ථාන – එක්සත් අරාබි ගැටුම අද
- ට්‍රම්ප් බ්‍රිතාන්‍යයේ රාජ්‍ය සංචාරයක
- තියුණු ආයුධ ප්‍රහාරයකින් කොටහේනේ පුද්ගලයකු ජිවිතක්ෂයට
- ඇමෙරිකාව සහ චීනය අතර එකඟතාවයක්
- කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුව අත්හිටුවයි
- කෙහෙළිය ඇතුළු පිරිසට ඇප
Author: VNews
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම සහ ඌව යන පළාත්වලත් අම්පාර, මඩකළපුව සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ජාත්‍යන්තර ලීග් විස්සයි 20 තරගාවලියේ දෙවැනි අදියර ලබන වසරේ ජනවාරි 19 වැනිදා සිට පෙබරවාරි 18 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර තිබෙනවා. මීට පෙර තරගාවලියේ දෙවැනි අදියර 2024 වසරේ ජනවාරි 13 වැනිදා ආරම්භ කිරීමටයි සැලසුම් කර තිබුණේ. තරග 34 ක් ඇතුළත් තරගාවලියේ සියලු තරග ඩුබායි, අබුඩාබි හා සාජා හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
පාර්ලිමේන්තුව අද පෙරවරු 09.30ට රැස්වුනා. අද දිනයේ පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කිරීමටයි කටයුතු කර ඇත්තේ. අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 05.30 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විරුද්ධ පාර්ශවය ගෙනෙන සභාව කල්තැබීමේ යෝජනාවට අනුව විවාදය පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
2022 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මස 10 වන දාට පෙර නිකුත් කරන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා පවසනවා. 2022 අධ්‍යනය පොදු සහතික පත්‍ර විභාගය මෙම වසරේ ජනවාරි 23 වන දා සිට පෙබරවාරි 17 වන දා තෙක් පවත්වනු ලැබුවා. ඒ සදහා පාසල් අයදුම්කරුවන් දෙලක්ෂ හැත්තෑ අටදහස් එකසිය අනූ හය දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් පනස් තුන් දහස් පන්සිය දහතුනක් මෙවර විභාගය සදහා පෙනී සිටි අතර දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2200 ක් ස්ථාපිත කර තිබුණා.
ගාල්ල බන්ධනාගාරයේ රැදවියන් දෙදෙනෙකු මිය යාම සම්බන්ධ මූලික සාක්ෂි විභාගය ලබන මස 18 වන දා පැවැත්වීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. මෙම මරණය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය අද අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ. ඒ අනුව එම මරණය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත් වූ අධිකරණ වෛද්‍ය නිලධාරිවරුන්ට 18 වන දා අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා කටයුතු කරනු ලැබුවා. බන්ධනාගාරයේ රඳවා සිටියදී ඇති වූ රෝගි තත්ත්වයක් හේතුවෙන් මෙලෙස මියගොස් තිබුණේ ගාල්ල මොරගොඩ ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකු සහ අහංගම ප්‍රදේශයේ පදංචි 31 හැවිරිදි පුද්ගලයෙක්. මෙම රැදවියන් දෙදෙනාගේ…
ඉන්දියාවේ මිසොරොන් ප්‍රදේශයේ ස්ථානයක ඉදිකෙරමින් පැවති පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සුන්බුන් අතර සිර වී ඇති තවත් පිරිසක් බේරාගැනීමේ මෙහෙයුම් මේ වන විටත් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. අනතුර සිදු වන අවස්ථාවේදී එම ස්ථානයේ කම්කරුවන් 40 කට අධික පිරිසක් සිට ඇති බවද සදහන්. මියගිය පිරිසට ඉන්දීය රුපියල් ලක්ෂ 2 බැගින් සහ තුවාල ලැබූවන්ට ඉන්දීය රුපියල් 50,000 බැගින් ලබා දෙන ලෙසයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අදාළ බලධාරින්ට උපදෙස් දී ඇත්තේ.
උඩවලව ජලාශය යටතේ වගා කළ ගොවි බිම් සඳහා ජලය සැපයීම ඊයේ දිනයෙන් අවසන් කර තිබෙනවා. ඒ අනුව උඩවලව ජලාශයෙන් වගා කෙරෙන ගොවි බිම්වලින් සියයට 70 කට පමණ ජලය නිකුත් කිරීමට හැකි වූ බවයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පැවසුවේ. මේ අතර කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පැවසුවේ මේ වන විට යල කන්නයේ වගා කළ කුඹුරුවලින් අක්කර 47,000 ක් පමණ විනාශ වී ඇති බවට ගණන් බලා ඇති බවයි. වගා හානි වූ කුඹුරු පරීක්ෂා කිරීම මේ වන විටත් සිදු කරන බව එම මණ්ඩලය සඳහන් කළා.
ගාලු මුවදොර අරගලය න්‍යායක් නොමැති අරගලයක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ ඩී ලාල් කාන්ත මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කලේ ඊයේ විහාරමහාදේවි උද්‍යානයේදී පැවැත්වුන ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කොළඹ දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින් .
ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත්ව පැමිණි ඉතාලි ජනරජයේ තානාපති දමියානෝ ෆ්‍රැන්කෝවිහ් (Damiano Francovigh) මහතා, ජර්මානු ෆෙඩරල් ජනරජයේ තානාපති ආචාර්ය ෆෙලික්ස් නියුමාන් (Felix Neumann) මහතා සහ මහා බ්‍රිතාන්‍යයේ එක්සත් රාජධානිය හා උතුරු අයර්ලන්තය සඳහා මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් (Andrew Patrick) යන මහත්වරුන් මීට සුළු මොහොතකට පෙර ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්ත පත්‍ර භාර දුන්හ
ශ්‍රී ලංකාවට නීත්‍යානුකූල නොවන අයුරින් ගෙන්වූ නිසි ප්‍රමිතියෙන් තොර භාණ්ඩ රැසක් විනාශ කිරීමට රේගුව තීරණය කර තිබෙනවා. ඒ අනුව රුපියල් අට කෝටි අසූ ලක්ෂයකට අධික වටිනාකමින් යුතු ජංගම දුරකථන අමතර කොටස් මෙන්ම මෝටර් රථ අමතර කොටස් ද විනාශ කිරීමට නියමිතයි. මෙවැනි ප්‍රමිතියෙන් තොර භාණ්ඩ තුළින් පාරිභෝගිකයින්ට විශාල හානියක් සිදුවන බවයි රේගුව පෙන්වා දෙන්නේ. මේ අතර ජංගම දුරකථනවලට මෙවැනි ප්‍රමිතියෙන් තොර බාල වර්ගයේ චාජර් සහ බැටරි යොදා ගැනීම හේතුවෙන් එවැනි දුරකථන පුපුරා ගිය අවස්ථා කිහිපයක් පිළිබදව ද වාර්තා වන බව රේගුව ප්‍රකාශ කළා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222