- ආණ්ඩුව රාජ්‍ය සේවකයින් අනාථ කරලා – සජිත්ගෙන් චෝදනා – VIDEO –
- එජාපයෙන් හදිසියේම පෙරළිකාර තීරණයක්
- ආසියානු කුසලානයේ පාකිස්ථාන – එක්සත් අරාබි ගැටුම අද
- ට්‍රම්ප් බ්‍රිතාන්‍යයේ රාජ්‍ය සංචාරයක
- තියුණු ආයුධ ප්‍රහාරයකින් කොටහේනේ පුද්ගලයකු ජිවිතක්ෂයට
- ඇමෙරිකාව සහ චීනය අතර එකඟතාවයක්
- කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුව අත්හිටුවයි
- කෙහෙළිය ඇතුළු පිරිසට ඇප
Author: VNews
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩකයින් ඊයේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායෙම් නායක දසුන් ශානක ඇතුළු ක්‍රිඩකයින් , පුහුණුකරුවන් මෙන්ම කණ්ඩායම් කළමාණාකාරිත්වය ඊට එක්ව සිටියා. ඔවුන් රෝහලේ හෘද රෝග වාට්ටුවේ සිටි දරුවන්ගේ සුවදුක් විමසීමට ද එක්වුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ලිටිල් හාට්ස් ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 100ක් ද පරිත්‍යාග කර තිබෙනවා. මේ ඒ සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දැක්වු රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසුරිය මහතා.
වසරේ මේ දක්වා කාලය තුළ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශයට පැමිණිලි 2,019ක් ලැබී තිබෙනවා. ඒ අතරින් විමර්ශන කටයුතු සිදුකර පැමිණිලිකරුවන් 669 දෙනෙකු සදහා ඔවුන්ගේ මුදල් ආපසු අයකර දීමට කටයුතු කළ බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය නිවේදනය කළේ. අදාළ කාලය තුළ නීති විරෝධිව පවත්වාගෙන ගිය විදේශ රැකියා නියෝජිත ආයතන 08ක් කාර්යංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් වැටලීමට ලක්කර තිබෙනවා. එමෙන්ම වංචනික ක්‍රියාවල නිරතවු විදේශ රැකියා නියෝජිත ආයතන 10ක හිමිකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කළේ. මේ අතර ඊයේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍ය මනුෂ නානායක්කර මහතා මෙලෙස අදහස් පලකළා.
පිරිවෙන් ගුරුවරුන්ගේ විශ්‍රාම වැටුප් ගැටළුවට කඩිනමින් විසදුමක් ලබා දෙන බව පිරිවෙන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා පවසනවා. ඒ සදහා විශ්‍රාම වැටුප් පනත සහ පිරිවෙන් අධ්‍යාපන පනතේ සංශෝධන කිහිපයක් සිදුකළ යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා මේ බව ප්‍රකාශ කළා. අදාළ පනත්වලට සංශෝධන එක්කිරීමට අදාළව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට නියමිත බව ද ඔහු කියා සිටියා.
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් එක් කඩුල්ලක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම ඊයේ සමත් වුණා. හම්බන්තොර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 05ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 300ක්. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ රහමනුල්ලාහ් ගුර්බාස් ලකුණු 151ක් රැස් කිරීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායම පන්දුවා 49යි පන්දු 5ක් අවසානයේ කඩුළු 9ක් දැවී ලකුණු 302ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.
මැතිවරණ කුමන්ත්‍රණ චෝදනා එල්ලවූ අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජෝර්ජියාවේ බන්ධනාගාරයක් වෙත භාර වී තිබෙනවා. එහිදී හිටපු ජනාධිපතිවරයාව අත්අඩංගුවට ගෙන ඇති අතර, අමරිකානු ඩොලර් ලක්ෂ දෙකක ඇප මත මුදා හැරීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ට්‍රම්ප්ට එරෙහිම අපරාධ චෝදනා 13ක් යටතේ නඩු පවරා තිබෙනවා.
ඉන්දීය රජයේ සහාය ඇතිව ත්‍රිකුණාමලය ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. නැගෙනහිර සංවර්ධන ව්‍යාපෘතිය කඩිනම් කර රටේ ආර්ථිකයට නව ජීවයක් ලබාදීමට හැකි පරිසරයක් නිර්මානය කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුරේ පැවති ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. ත්‍රිකුණාමලය සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරිමේ ඉලක්කගත වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.
නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දිනයේදීත් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වුණා. අද දින පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කියා සිටියේ පසුගිය දිනවල ජාත්‍යන්තර මාධ්‍ය විසින් පළ කර ඇති පරිදි ලංකාව තුළ යළිත් කලහකාරි තත්ත්වයක් ඇති වන බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් අවදානය යොමු කරන ලෙසයි. රටේ ජාතික ආරක්ෂාවට මෙය යම් කිසි බලපෑමක් වනු ඇති බවටයි විපක්ෂ නායකවරයා අවධාරණය කර සිටියේ. මේ අනුව සියලුම පක්ෂවල සාමාජිකයින් කැදවා මෙම තත්ත්වය සත්‍යක්ද අසත්‍යක්ද යන්න පිළිබද විමසා ඒ පිළිබද අවදානය ලබා දිය යුතු බවටයි විපක්ෂනායකවරයා අද පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් කියා සිටියේ. මේ අතර සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න මහත්මිය…
ඉල්ලීම් 7 ක් මූලික කර ගනිමින් හෙද පරිපූරක වෛද්‍ය සේවා බලමණ්ඩලය අද දින සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා. මෙම සංකේත වැඩවර්ජනය අද උදෑසන අටේ සිට ක්‍රියාත්මක වූ බවයි එම බලමණ්ඩලය පවසන්නේ. ඒ සඳහා විකීරණ තාක්ෂණවේදීන්, රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයින්, ඖෂධවේදීන්, භෞත චිකිත්සකවරුන් ඇතුළු තවත් ක්ෂේත්‍ර කිහිපයක නිලධාරින් එක්ව සිටින බවටයි වාර්තා වන්නේ. සිය වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබදව දැනුවත් කිරීම සඳහා හෙද පරිපූරක වෛද්‍ය සේවා බලමණ්ඩලය ඊයේ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ඒ සඳහා එක්ව සිටි රවී කුමුදේශ් මහතා ඇතුළු නියෝජිතයින් මෙලස අදහස් පළ කළා. කෙසේ වෙතත් අදාළ වැඩවර්ජනය සදහා හෙද පරිපූරක වෛද්‍ය සේවා බලමණ්ඩලය එක්ව සිටියද කිසිදු වෛද්‍යවරයෙකු මෙම වර්ජනය…
මෙම දිනවල දිවයිනට බලපා ඇති වියළි කාලගුණයෙන් පවුල් අසූ එක් දහස් එකසිය හැට දෙකකට අයත් පුද්ගලයින් දෙලක්ෂ අසූ දහස් දෙසිය හතලිස් හතක් පීඩාවට පත්ව තිබෙනවා. එමෙන්ම දිස්ත්‍රික්ක 18 කට වියළි කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. එමෙන්ම වියළි කාලගුණයත් සමඟ ලිංවලින් ලබා ගන්නා ජලයෙහි බීමට නුසුදුසු තත්ත්වයක් නොමැති බව ජල සම්පත් මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ආර්.එම්.ආර්. රත්නායක මහතා ප්‍රකාශ පවසනවා. ලිංවලින් ජලය ලබා ගැනීමේදී රස, ගන්ධය මෙන්ම වර්ණයේ වෙනසක් පවතින්නේද යන්න සම්බන්ධයෙන් නියදි ලබාගෙන සිදු කළ පරීක්ෂා කිරීම්වලදි මේ බව අනාවරණය වූ බවයි ඒ මහතා කියා සිටියේ. එමෙන්ම වියළි කාලගුණයත් සම රක්ෂිත ප්‍රදේශවලට ගිනිතැබීම් රැසක් වාර්තා…
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබු තුන්වන හා අවසන් එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට තරග විනිසුරුවන් ඊයේ කටයුතු කළා. මේ හේතුවෙන් මෙම තරගයේ කාසියේ වාසිය හෝ උරගා බැලීමට හැකියාව ලැබුනේ නැහැ. දෙරට අතර පැවති පළමු තරග දෙක ජයගත් ඉන්දීය කණ්ඩායම තරගාවලිය ජයග්‍රහණය කිරීමට සමත් වුණා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222