Author: VNews

රජයේ පාසල්වල දෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර අද සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරනවා. ඒ අනුව අද දිනයෙන් ආරම්භ වන දෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර ඔක්තෝබර් මස 27 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවයි අමාත්‍යංශය සඳහන් කළේ. දෙවැනි පාසල් වාරයේ පළමු අදියර පසුගිය ජූලි මස සිට 24 වැනිදා ආරම්භ වී අගෝස්තු මස 16 වැනිදා අවසන් වුණා.

තව කියවන්​න

පැල්මඩුල්ල, කුට්ටපිටිය ප්‍රදේශයේ තොටිගල කන්දේ හටගෙන තිබූ ගින්න නිවා දැමීමට කටයුතු කර තිබෙනවා. පැල්මඩුල්ල පොලීසියට ලද තොරතුරක් මත පොලීසිය, යුධ හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දැමීමට ආරම්භ කළ බවයි පොලීසිය සදහන් කළේ. ගින්න හේතුවෙන් අක්කර 07ක පමණ කැලෑ ප්‍රදේශයක් ගිනිගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පැල්මඩුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

තව කියවන්​න

අස්වැසුමක් ප්‍රතිලාභීන්ට දීමනා ගෙවීම ලබන සදුදා (28) ආරම්භ කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා . මේ අනුව සියළු ගැටළු විසඳා අවසන් වූ ප්‍රතිලාභීන්ට දීමනා පළමු අදියරේදීම ලබාගැනීමට අවස්ථාව උදාවනු ඇති . සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ධුරයෙන් ජී. විජේරත්න මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් මුදල් මුදා හැරීමේ ගැටලු මතුවීමත් සමග ප්‍රතිලාභ ගෙවීම් ප්‍රමාද වුනා .

තව කියවන්​න

පකිස්තානයේ විදෙස් ණය බව වාර්තාගත ලෙස ඉහළ යමින් තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ ජූලි මාසයේදී පකිස්තානයේ විදේශීය ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 2.8 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. දරුණු මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින පකිස්තානය විටින් විට විදේශීය රටවලින් ණය ලබා ගනිමින් සිටින අතර විදෙස් ණය බර ඉහළ ගොස් ඇත්තේ ඒ හමුවේයි. ඊට ඍජුව බලපා ඇත්තේ සෞදියෙන් හා චීනයෙන් ලබා ගත් ණය බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. පකිස්තානය මුහුණ පා තිබෙන අර්බුදය හමුවේ සෞදිය අමෙරිකානු ඩොලර් බිලියන 2ක් තැන්පතුවක් ලෙස ලබා දුන්නා. ඊට අමතරව “ඩ්‍රැගන්” වර්ගයේ බහුකාර්ය ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීම සඳහා පකිස්ථාන ගුවන් හමුදාවට චීනයෙන් ඩොලර් මිලියන 508…

තව කියවන්​න

ඩුබායි රාජ්‍යයේ ගෘහසේවයට ගොස් විවිධ හිරිහැරවලට සහ ගැටලුවලට මුහුණ දී මෙරටට පැමිණීමට නොහැකිව රැඳවුම් මධ්‍යස්ථානයක රැඳී සිටින ගෘහසේවිකාවන් 42 දෙදෙනා නැවත මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ අනුව පළමු කණ්ඩායම ලෙස 10 දෙනෙකු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් මෙරටට පිටත්කර යවන බවයි ඩුබායි රාජ්‍යයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ඇලෙක්සි ගුණසේකර මහතා කියා සිටියේ. මෙම පිරිස ශ්‍රී ලංකාවට එවීම ප්‍රමාද වී ඇත්තේ, ගුවන් ටිකට් පත් මිල අධික වීම හේතුවෙන්. කෙසේ වෙතත් විශේෂ වට්ටමක් යටතේ ශ්‍රී ලංකන් ගුවන් සේවය හරහා මෙම පිරිස දිවයිනට පිටත් කර යවන බවයි ඩුබායි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ඇලෙක්සි ගුණසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්​න

දුම්රිය විදුලි කාර්මික සේවකයින් සහ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. දුම්රිය නියාමකවරයෙකුට පහර දීමේ සිද්ධියකදී දුම්රිය විදුලි කාර්මිකයෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් විදුලි කාර්මිකයන් පිරිසක් පෙරේදා දිනයේදී හදිසි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබුණා. ඒ අනුව එම ගැටලුව සාකච්ඡා කිරීම සදහායි මෙලෙස අද දිනයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත්තේ.

තව කියවන්​න

ඉදිරි කටයුතුවලදී වෛද්‍ය ජී.විජේසූරිය මහතා, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පිළිනොගැනීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර තිබෙනවා. මෙම තීරණය එළඹෙන සතියේදී රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත දැනුම් දීමට නියමිත අතර එහිදි වෛද්‍ය ජී.විජේසූරිය මහතාට එරෙහිව පැමිණිල්ලක් ද සිදු කිරීමට බලාපොරොත්තු වන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියා. මේ අතර ඉල්ලීම් 7 ක් මුල්කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් දිවයිනේ සියලු රෝහල්වල ආරම්භ කළ සංකේත වැඩවර්ජනය අද උදෑසන 8 ට අවසන් වුණා.

තව කියවන්​න

කුලියාපිටිය හෙට්ටිපොල මාර්ගයේ කුරුඳුකුඹුර හන්දිය ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට තවත් යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා තිබෙනවා. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කුලියාපිටිය රෝහලට ඇතුලත් කර මේ වන විට ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ. මෙලෙස තුවාල ලැබූ පුද්ගලයා 49 හැවිරිදි මූණමල්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර වෙඩි තැබීමට කටයුතු කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා හෙට්ටිපොල පොලිසිය වැඩිදුරට විමර්ශන සිදු කරනු ලබනවා. මේ අතර බත්තරමුල්ල අකුරේගොඩ යුද හමුදා කඳවුර පිටුපස රොබට් ගුණවර්ධන මාවතේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. එහිදි තුවාල ලැබූ පුද්ගලයෙකු ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු වෙඩි තැබීම…

තව කියවන්​න

ආණමඩුව , පරමාකන්ද මංසන්දිය ආසන්නයේදී සිදුවූ අනතුරකින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. ලොරි රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් එම රථවල රියදුරන් මෙලෙස බරපතළ තුවාල ලබා ඇති බවයි පොලීසිය සඳහන් කළේ. මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක් ඉස්සර කර යාමට උත්සාහ කළ ලොරියක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරියක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුරින් පසුව ප්‍රදේශවාසීන් විසින් ලොරි රථවල බරපතළ තුවාල ලබා සිරවී සිටි රියදුරන් පිටතට ගෙන පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

තව කියවන්​න

මෙරට ජාතික ආරක්ෂාව ගැන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරනු ලැබුවා. එහිදී ඔහු සඳහන් කළේ මෙරට ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ බුද්ධි අංශයකින් හෝ ආයතනයකින් කිසිදු තොරතුරක් ලැබී නොමැති බවයි. කෙසේ වෙතත් මෙරට විවිධ ස්ථාන වල, විවිධ පුද්ගලයන් විසින් දේශපාලනික උත්තේජනය මත ජාතිවාදී කලබලයක්, කෝලාහලයක් ඇති කිරීමට උත්සහ ගනිමින් සිටින බවට මෙරට බුද්ධි අංශ වාර්තාවක් ඉදිරිපත් කර තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

තව කියවන්​න