- අස්ගිරි මහා නාහිමිවරුන්ගෙන් නිවේදනයක්
- විදුලි සේවකයින් ලෙඩ වෙලා
- කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුව අත්හිටුවයි
- මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල රථවාහන ගමනා ගමනයට බාධා
- අද එළියට බහින්න කලින් මේක බලන්නම වෙනවා – VIDEO –
- ට්‍රම්ප් බ්‍රිතාන්‍යයට
- ඇෆ්ඝනිස්තානය පරදා බංග්ලාදේශයට තියුණු ජයක්
- මධ්‍යම අධිවේගයේ වැඩ යලිත් ඇරඹෙයි ! – LIVE STREAM –
Author: VNews
ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය අද පැවැත්වෙනවා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතයි. පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගය අද පස්වරු 3ට ආරම්භ වීමටයි කටයුතු යොදා ඇත්තේ. මේ අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ පැවති පළමු තරගයෙන් ජය ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා. ඒ නේපාලන කණ්ඩායම ලකුණු 238න් පරාජයට පත් කරමින්. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 342ක් රැස් කළා. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ නායක බාබර් අසාම් ලකුණු 151ක් සහ ඉෆ්තිකාර් අහමඩ් ලකුණු 109ක් රැස් කිරීමට සමත් වුණා.…
ගුණාත්මක තත්ත්වයෙන් යුතු ඖෂධ මිලදී ගැනීම ස’ඳහා පංච පුද්ගල කමිටුවක් පතකර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසිනුයි මෙම පියවර ගෙන ඇත්තේ. මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ඒ. කේ සෙනෙවිරත්න මහතා එම කමිටුවේ සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා. කාර්යක්ෂමව සහ වගකිමෙන් යුතුව ගුණාත්මක තත්ත්වයේ ඖෂධ මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු සැලසීමයි අදාළ කමිටුවට පැවරී ඇති ප්‍රධාන වගකීම වන්නේ.
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර ව්‍යාප්ත වෙමින් පැවති එමෙන්ම රැඳවියන් දෙදෙනෙකුට දිවි අහිමි කළ මෙනින්ගො කොකල් බැක්ටීරියාව බස්නාහිර පළාත තුළ ද ව්‍යාප්ත වී ඇද්ද යන්න පිළිබඳ සැකයක් මතුව තිබෙනවා. එම බැක්ටීරියාව ආසාදනය වීම හේතුවෙන් වැලඳෙන උණ රෝගයේ රෝග ලක්ෂණ වන්නේ, උණ, හිසරදය, බෙල්ලේ රුදාව, ඔක්කාරය, වමනය, හිරු එළිය බැලීමට ඇති අපහසුතාව, ශරීරයේ දද හෝ කුෂ්ට මතුවීම සහ ව්‍යාකූලත්වයයි. මේ, ඒ පිළිබඳව වැඩි දුරටත් අදහස් පලකළ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා.
බොරැල්ල – වනාතමුල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර පොලිසිය වෙඩි තබද්දී සැකකරුවන් දෙදෙනෙකු පලා ගොස් තිබෙනවා. එම සැකකරුවන් දෙදෙනා මෝටර් රථයකින් පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. සැකකරුවන් ගමන් ගත් වාහනය පෑලියගොඩ ප්‍රදේශයේ දී දමා ගොස් තිබියදී සොයා ගත් බවයි පොලීසිය සඳහන් කර සිටියේ.
අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට ඉඩාලියා නිවර්තන සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල විය හැකි බව එරට කාලගුණ අංශ අනතුරු අඟවා තිබෙනවා. එය තුන්වන කාණ්ඩයේ සුළි කුණාටුවක් ලෙස නම් කර තිබෙනවා. ඉන් ෆ්ලොරීඩා ප්‍රාන්තයට සහ කියුබාවට දැඩි බලපෑම් එල්ල විය හැකි බවද සඳහන්. මේ අතර හෙට දිනයේදී ඉඩාලියා සුළි කුණාටුව ෆ්ලොරීඩා ප්‍රාන්තයට ඇතු`ඵ වීමට නියමිත බවයි අමෙරිකාවේ ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය නිවේදනය කළේ. මේ අතර ෆ්රෑන්ක් ලින් නමැති සුළි කුණාටුවක් අමෙරිකාවේ නැගෙනහිර ප්‍රදේශයට ඇතු`ඵ විය හැකි බවට ද එරට කාලගුණික අංශ අනතුරු අඟවා තිබෙනවා. හතරවන කාණ්ඩයේ සිළි කුණාටුවක් ලෙස එය නම් කර ඇති අතර එහි වේගය පැයට කිලෝමිටර 145 ක් වනු ඇති බව…
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් කිහිපදෙනකු ජීවිතක්ෂයට පත් වූ මෙනින්ගො කොකල් නමැති බැක්ටීරියාව ආසාදනය වූ රෝගියෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හදුනාගෙන තිබෙනවා. මෙම රෝගියා ජාඇල ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකු වනවා. ඔහු රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය බලප්‍රදේශයේ ආයතනයක සේවය කරන පුද්ගලයෙකු බවට අනාවරණය වී ඇති බව සඳහන්. එම පුද්ගලයාට ඇති වූ උණ රෝගී ත්ත්වයක් හේතුවෙන් ඔහු කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලට ඇතුලත් කර තිබෙනවා. එහිදි රෝගියා වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව සඳහන්.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග කිසිදු ගනුදෙනුවක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කෙසේ වෙතත් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා පමණක් ආණ්ඩුව සමග එක්වන බවද ඔහු සඳහන් කළා. මේ අතර ඉදිරියේදී නම් කරන ජනපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා.
සුපිරි සඳක් අද දිනයේදී ජනතාවට දැක ගත හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ අද දිනයේදී සදෙහි විශාලත්වය සියයට 14 කින් වැඩි බවයි. එහි දීප්තිය සියයට 30 කින් පමණ වැඩි බවද මහචාර්ය චන්දන ජයරත්න මහතා පැවසුවා. එමෙන්ම නැවත වරක් මෙවැනි සදක් දැකගත හැකි වන්නේ 2037 වසරේ ජනවාරි මාසයේ දී බවයි ඔහු සදහන් කළේ.
2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අද සිට ආරම්භ වනවා. ඒ අනුව මෙම තරගාවලිය සැප්තැම්බර් මස 17 වනදා දක්වා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. තරගාවලියේ සමාරම්භක තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 3 ට සත්කාරක පාකිස්තාන කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර මුල්තාන් හිදී පැවැත්වෙනවා. එමෙන්ම සමස්ත තරගාවලියේ දෙවන තරගය හෙට දිනයේදී ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. මෙවර ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ද ඇතුලත්ව තරග 9 ක් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන අතර තරග 4 ක් පාකිස්තානයේ දී පැවැත්වීමටයි කටයුතු සුදානම් කර ඇත්තේ.
කහ උණ රෝගය සඳහා ලබා දෙන ප්‍රතිශක්තිකරණ එන්නත් රට තුළ නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. අප්‍රිකානු කලාපයේ රැකියා සඳහා පිටත්ව යන පුද්ගලයින්ට මෙම ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදෙනු ලබනවා. කෙසේ වෙතත් ඒ සඳහා ගිවිසුම්ගත වූ සමාගම නිසි පරිදි එන්නත් ලබා නොදීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී.විජේසූරිය මහතා සදහන් කළේ. මේ අතර වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සංවිධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222