Author: VNews

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අද පැවැත්වෙනවා. එහිදි ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතයි. පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගය පස්වරු 3 ට ආරම්භ කිරිමටයි කටයුතු යොදා ඇත්තේ. මේ අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ආබාධවලට ගොදුරු වීම සහ බංග්ලාදේශයට එරෙහිව කණ්ඩායමේ සූදානම පිළිබදව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මෙලෙස අදහස් පළ කළා.

තව කියවන්​න

මෙම වසරේ රාජ්‍ය බදු ආදායම් ඉලක්කයෙන් මේ වන විට අය කර ගත හැකිව ඇත්තේ රුපියල් බිලියන 1711 ක් බව රාජ්‍ය ආදායම් පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා පවසනවා. මෙම වසරේ රාජ්‍ය බදු ආදායම් ඉලක්කය රුපියල් බිලියන 3101 ක් බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ. කෙසේ වෙතත් බදු ආදායමෙන් සියයට 47 ක් මේ වන විට සපුරා ගෙන තිබෙන අතර ඉතිරි සියයට 53 ජය ගැනීම ආදායම් එක්රැස් කරන රාජ්‍ය ආයතන තුනේ ප්‍රධාන වගකීම වනු ඇති බවටයි ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ. .

තව කියවන්​න

අස්වැසුම තවත් ප්‍රතිලාභීන් කොටසකට අදාළ ගෙවීම්වල මුදල් හෙට දින බැංකු වෙත නිදහස් කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා . එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික කමල් පද්මසිරි මහතා පැවසුවේ, ලක්ෂ 6 ක පමණ ප්‍රතිලාභීන් පිරිසකට මෙය ලබා දෙන බවයි . මේ දිනවල අලුතින් ආරම්භ කළ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේ කටයුතු ද සිදු වනවා. විරෝධතා හා අභියාචනා මේ වනවිටත් පරීක්ෂා කරමින් පවතින බවයි කමල් පද්මසිරි මහතා වැඩිදුරටත් කියා සිටියේ .

තව කියවන්​න

අයිස් මත්ද්‍රව්‍ය සහ ජීව අත්බෝම්බයක් සමග පොලිස් රාජකාරියට බාධා කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබුවේ ඇල්ල පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුවයි. ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 කට අධික ප්‍රමාණයක් සහ විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් ද තිබී ඇති බව සදහන්. මෙලෙස අත්අඩංගුවට ගැනීමේදී පොලිස් නිලධාරින්ට තියුණු ආයුධයකින් පහර දී ඇති අතර එම පොලිස් නිලධාරින් දෙමෝදර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල මහ රෝහලට මාරු කර යවා තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 33 ක් වන ගොටුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහුව වැඩිදුර විමර්ශනය සදහා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.…

තව කියවන්​න

දහම් පාසල් විෂය මාලාව සංශෝධනය කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසුවේ ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවයි. එමෙන්ම, සියලු ආගම් සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවද අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කළා.

තව කියවන්​න

අමෙරිකාවේ ෆ්ලෝරීඩා ප්‍රාන්තයට බලපෑ ඉඩාලියා සුළි කුණාටුවෙන් මේ වන විට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. කියුබාවේ සිට පැයට කිලෝමීටර 215 ක වේගයකින් මෙම කුණාටුව ෆ්ලෝරිඩා ප්‍රාන්තයට ඇතුළු වී ඇති බව සඳහන්. කුණාටු තත්ත්වය ඇති වූ අවස්ථාවේදී එම ප්‍රදේශයේ මුහුදු රළ අඩි 20 ක් පමණ උසකින් වෙරළට පැමිණ තිබෙනවා. මෙම තත්ත්වය හේතුවෙන් එම ප්‍රාන්තයේ ජනතාවට ආරක්ෂක ස්ථාන වෙත ගමන් කරන ලෙසයි අදාළ බලධාරීන් ජනතාවට දැනුම් දී ඇත්තේ.

තව කියවන්​න

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අවසන් රන්දෝලී මහා පෙරහර ඊයේ රාත්‍රියේ වීදී සංචාරය කරනු ලැබුවා. මෙවර අවසක් රන්දෝලී මහා පෙරහරදී ශ්‍රී දළදා කරඬුව වැඩමවීමට අවස්ථාව උදා වූයේ වාසනා හස්තිරාජයාටයි. ඒ අනුව පස්වරු 07 පසුවී විනාඩි 03ක් ගත වූ පසු උතුරු දිශාමුඛව ආරම්භ වූ පෙරහැර සිවු මහා දේවාල පෙරහැර කැටුව වැව පාර, දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස් සේනානායක වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළට වීත් ගෙවැදීමට කටයුතු කරනු ලැබුවා. මේ අතර ඇසළ පෙරහැර මංගල්‍යයේ දහවල් පෙරහැර අද වීදි සංචාරය කිරීමට නියමිතව අතර, පසුව දිය කැපීමේ මංගල්‍ය සිදු කිරීමට නියමිතයි. මෙම පෙරහර අවසන්වීමෙන් පසු දියවඩන නිලමේ ප්‍රමුඛ සතර මහා දේවාල සහ පිටිසර…

තව කියවන්​න

අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානයේ සිට ජය ශ්‍රී මහා බෝධි මළුව දක්වා විශේෂ මගී ප්‍රවාහන බස් රථ සේවාවක් ආරම්භ කිරීම ඊයේ ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කරනු ලැබුවා. අනුරාධපුර අටමස්ථානාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ විසින් සිදුකරන ලද විශේෂ ඉල්ලීමකට අනුවයි මෙම බස් රථ සේවාව ආරම්භ කරනු ලැබුවේ. පොහෝ දින සහ සති අන්තවල අටමස්ථානය ඇතුළු අනුරාධපුර පූජා නගරය වැඳ පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන් සහ සංචාරකයින්ට අවම මුදලකට අවහිරයකින් තොරව අටමස්ථානය වැදපුදා ගැනීමේ අරමුණ ඇතිව මෙම බස්රථ සේවාව ආරම්භ කර තිබෙනවා. ඒ අනුව රුපියල් 50 ක ගාස්තුවකට දුම්රිය ස්ථානයේ සිට ජය ශ්‍රී…

තව කියවන්​න

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද එක්ව සිටියා. අද (30) රාත්‍රී 7.03ට යෙදුණු සුබ මොහොතින් ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටින් උතුරු දිසාව බලා ගමන් ආරම්භ කළ ඇසළ පෙරහර දළදා විදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ ගමන් කර රජ වීදියෙන් ගෙවැදීම සිදු විය. ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසාන රන්දෝලි පෙරහර නැරඹීමට පෙරහර ගමන් කළ මග දෙපස අති විශාල ජනතාවක් රැස්ව සිටියා. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද, අමාත්‍ය වරුන් වන විජයදාස රාජපක්ෂ, සුසිල් ප්‍රේමජයන්ත්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුන් සහ…

තව කියවන්​න

යුක්රේනයේ හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරට පත්වීමෙන් එම යානා තුළ සිටි සෙබළුන් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරට හේතුව අනාවරණය වී නොමැති අතර, හෙලිකොප්ටර් යානා දෙක සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් කර ඇත්තේ. හෙලිකොප්ටර් යානා දෙක අනතුරට පත් වූ ස්ථානයේ තිබී ජීවිතක්ෂයට පත්වූ සෙබළුන්ගේ මළ සිරුරුද සොයාගෙන තිබෙනවා. මෙම සෙබළුන් රැගත් හෙලිකොප්ටර් යානා දෙක දූත මෙහෙවරක් සිදු කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දුන් බවට යුක්රේන බලධාරීන් සදහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

තව කියවන්​න