Author: VNews

ශ්‍රී ලංකා නාවික හමුදාව; පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව 2024 ඔක්තෝබර් මස 17 වන දින තලෙයිමන්නාරම ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී සහ නාවික හමුදාව කච්චතිව් දුපතේ සිදුකළ මුර සංචාරයකදී කේරළ ගංජා කිලෝ තිස් තුනයි ග්‍රෑම් අසු අටක (33.88) පමණ තොගයක් (තෙත බර සහිත) සමඟ සැකකරුවකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි. ඒ අනුව, උතුරු නාවික විධානයේ වෙත්තලකේනි නාවික ස්ථානගතකිරිමට ලද තොරතුරකට අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා සහ ඵුස්සදේව ආයතන, මන්නාරම පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව 2024 ඔක්තෝබර් මස 17 වන දින තලෙයිමන්නාරම නඩුකුඩා ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයේ සැකකටයුතු පුද්ගලයෙකු පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී පාර්සල් හතරක (04) අසුරන ලද කේරළ ගංජා කිලෝ…

තව කියවන්​න

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස වැඩභාර ගෙන තිබෙනවා. ඔහු එම තනතුරට පත්කරන ලද්දේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය සම්පත් අමරතුංග මහතා පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුවයි. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා 1990 දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් රසායනික විද්‍යාව පිළිබඳ උපාධිය හිමිකරගෙන තිබෙනවා. ඔහු සිය ආචාර්ය උපාධිය හිමිකරගෙන ඇත්තේ අමෙරිකාවේ ඩෙට්‍රොයිට් හි Wayne State විශ්වවිද්‍යාලයෙනි. කපිල සෙනෙවිරත්න මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා ලෙස කටයුතු කරනවා. 2014 – 2017 දක්වා විද්‍යා පිඨයේ පීඨාධිපති ලෙස ද කටයුතු කර ඇති අතර, කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති වශයෙන්ද කටයුතු කර තිබෙනවා.

තව කියවන්​න

ගෝලීය දකුණු විද්වත් පර්ෂද සංවාදය චීනයේ බෙයිජිං නුවර දී පසුගිය දා ආරම්භ විය ඒ , නුදුරේදී ආරම්භ වීමට නියමිත 2024 බ්‍රික්ස් රටවල නායක සමුළුවට සමගාමීවයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ සබඳතා දෙපාර්තමේන්තුව හා චීන මාධ්‍ය සමූහය එක්ව එය සංවිධාන කර තිබුණි. මෙවර එහි තේමාව “සාමය, සංවර්ධනය, ආරක්ෂාව සමග, පොදු ඉරණමක් සහිත සමෘද්ධිමත් ලෝකයක් එක්ව ගොඩනැගීම” යන්නයි

තව කියවන්​න

කාන්තා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පුර්ව තරගය අද පැවැත්වෙනවා. ඒ නවසීලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම් අතරයි. සාජාහිදී පැවැත්වෙන තරගය අද රාත්‍රි 07.30ට ආරම්භවීමට නියමිතව තිබෙනවා. කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට දකුණු අප්‍රිකාණු කණ්ඩායම ඊයේ සමත්වුණා.

තව කියවන්​න

මහ මැතිවරණයේ නාමයෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිවයි මෙම පෙත්සම ඉදිරිපත්ව ඇත්තේ. අදාළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා ගනු ලැබු තීරණය බලරහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස මෙම පෙත්සම මගින් ඉල්ලා තිබෙනවා.

තව කියවන්​න

මට මගේ අතින් බත් කටක් කන්න බෑ . මට ඔලුව පීරා ගන්න බෑ . නිදා ගන්න බෑ , හුස්ම හිර වෙනවා . යැයි සෞදි අරාබියේ ගෘහ සේවය සදහා ගොස් එහිදී රිය අනතුරකට ලක් වීමෙන් පසු ඔත්පළ වී පැමිණි ගෘහ සේවිකාවක් 10/18 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසුවාය . ඇය බෙලිඅත්ත , ගැටමාන්න ප්‍රදේශයේ පදිංචි , ලසන්තා සුදර්ශනී නැමැති 44 හැවිරිදි තිදරු මවකි . ඇය 10/18 දින අලුයම 04.25 ට සාජා නුවර සිට එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී.- 9502 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියාය . එහිදී ලසන්තා සුදර්ශනී මෙසේ පැවසුවාය . මම බෙලිඅත්ත , ගැටමාන්න ප්‍රදේශයේ…

තව කියවන්​න

ඉන්දු ශාන්තිකර කළාපීය තොරතුරු හුවමාරු කිරීමේ මෙහෙයුම් කමිටුව සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සම සභාපතිත්වයෙන් 2024 ඔක්තෝබර් මස 15 සහ 16 දෙදින(02) පුරා කොළඹ කෝට්යාර්ඩ් හෝටල් පරිශ්‍රයේ දී පැවති දෙවන ඉන්දු ශාන්තිකර කළාපීය තොරතුරු හුවමාරු කිරීමේ මෙහෙයුම් කමිටු ප්‍රතිපත්ති මණ්ඩලය සහ ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීම – 2024 (2nd IORIS Steering Committee Policy Board and Working Groups Meeting -2024), 2024 ඔක්තෝබර් මස 16 වන දින සාර්ථකව නිමාවට පත් විය. මෙම රැස්වීම සඳහා ඉන්දු ශාන්තිකර කලාපීය නාවික හමුදා ඇතුළු ඉන්දු ශාන්තිකර කලාපයේ සමුද්‍රීය නීතිය බලාත්මක කිරීමේ ආයතන, රාජ්‍යයන් හා සංවිධාන නියෝජනය කරමින් නියෝජිතයන්, නීතිවේදීන්, අධ්‍යක්ෂකවරුන්, තාක්ෂණික විශේෂඥයන් පිරිසක් සහභාගී වූහ. මෙවර රැස්වීමේදී ධීවර කර්මාන්තයේ තිරසාරත්වයට සහාය වීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් තොරතුරු හුවමාරු කර ගැනීම, මුහුදේ සිදුවන හදිසි ආපදා හා සිදුවීම් කළමනාකරණය, සමුද්‍රීය නිරීක්ෂණ සඳහා අන්තර් නියෝජිතායතන සහයෝගීතාව වැඩි දියුණු කිරීම සහ ගෝලීය වෙළඳාම සඳහා…

තව කියවන්​න

කෙන්යාවේ උප ජනාධිපතිවරයාව එම ධූරයෙන් ඉවත්කර තිබෙනවා. කෙන්යාවේ උප ජනාධිපති රිගාති ගාචගුවා ධුරයෙන් ඉවත් කිරීම සඳහා එරට පාර්ලිමේන්තුවට දෝශාභියෝගයක් ගෙන ආ අතර ඒ අනුවයි ඔහුව ධුරයෙන් ඉවත් කර ඇත්තේ. පාර්ලිමේන්තුවට දෝශාභියෝගයක් ගෙන ඒමත් සමග උප ජනාධිපතිවරයා හදිරි හෘද රෝග තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

තව කියවන්​න

මහ මැතිවරණයට අදාළව වාර්තාවු පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. මැතිවරණ කොමිසම සදහන් කළේ ගෙවුණු පැය 24 පැමිණිලි 33ක් වාර්තා වී ඇති බවයි. ඒ අනුව මේ වන විට මහ මැතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි 290ක් දක්වා ඉහළගොස් තිබෙනවා. වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මැතිවරණ නීති උල්ලංගනය කිරීම් සම්බන්ධයෙනුයි.

තව කියවන්​න

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා සංචිතයට ක්‍රිඩකයින් 16 දෙනෙකු ඇතුලත්. දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය අනිද්දා ආරම්භ වීමට නියමිතයි. මෙම එක්දින තරග තුනම පැවැත්වෙන්නේ මහනුවර පැල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදීයි.

තව කියවන්​න