Author: VNews

ලබන සතියේ මුල්දින කිහිපයේ දී උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතව ඇති බව විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග ඊයේ අනාවරණය කර තිබෙනවා. එමෙන් ම සතිය අවසානයේ ප්‍රතිඵල නිකුත් කිරීමට සැලසුම් කර තිබූ නමුත් පවතින තත්ත්වය මත ප්‍රතිඵල නිකුත් කිරීමට හැකියාවක් නොමැති බවයි වාර්තා වන්නේ . පසුගිය වසරට නියමිතව තිබූ මෙම විභාගය මෙම වසරේ ජනවාරි මස 23 වැනිදා සිට පෙබරවාරි මස 17 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 2,200කදී පවත්වනු ලැබුවා . ඒ සඳහා පාසල් අයැදුම්කරුවන් දෙලක්ෂ හැත්තෑ අට දහස් එකසිය අනූ හය දෙනෙක් ද පෞද්ගලික අයැදුම්කරුවන් පනස් තුන් දහස් පන්සිය දහතුන් දෙනෙක් ද සහභාගී වුණා .

තව කියවන්​න

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 12න් ජය ගැනීමට එංගලන්ත කාන්තා කණ්ඩායම ඊයේ සමත් වුණා. මෙම තරගය ආරම්භයට පෙර වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ අනුව එක් ඉනිමක් පන්දුවාර 17කට සීමා කෙරුණා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 17 අවසානයේ කඩුළු 4ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 186ක්. අනතුරුව නැවත තරගයට වාර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ අනුව තරගය ජයග්‍රහණය කිරීම සදහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 6දී ලකුණු 68ක ඉලක්කයක් හිමි වුණා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 6 අවසානයේ කඩුළු 03ක් දැවී…

තව කියවන්​න

ඉන්ධන මිල ඉහළ දැමුවද ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ නොදමන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ සහ හිමිකරුවන්ගේ සංගමය පවසනවා. ආර්ථික අපහසුතාවලින් පෙළෙන ජනතාවට ගාස්තු ඉහළ දමා තවදුරටත් පීඩනයක් එල්ල කළ නොහැකි බවයි එහි සභාපති සුදිල් ජයරුක් සඳහන් කළේ. ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමුණු අතර, එහිදී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 13 කින් වැඩි කෙරුණා.

තව කියවන්​න

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර තෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ මෙම තරගය පැවැත්වෙනවා. දෙරට අතර පැවති පළමු එක්දින තරග දෙක කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජය ගනිමින් මේ වන විට තරගාවලියේ සම තත්ත්වයේ පසුවනවා.

තව කියවන්​න

පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නායයෑම් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, බුලත්සිංහල සහ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, බුලත්කොහුපිටිය, යටියන්තොට, දෙහිඕවිට සහ රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අද රාත්‍රී අට දක්වා මෙම අනතුරු ඇඟවීම බලපැවැත්වෙන බවයි එම සංවිධානය සඳහන් කළේ. එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ සහ කුරුවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ ජීවත්වන වන ජනතාවද නායයෑම්, ගල් පෙරළීම්, පස්කණ්ඩි කඩාවැටීම් සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

තව කියවන්​න

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් හෙට දිනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. එහිදී ඉන්දීය කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම තරගවැදීමට නියමිතයි. පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගය පස්වරු 03ට ආරම්භවීමට නියමිතයි.

තව කියවන්​න

ගම්පහ, නැදගමුව ප්‍රදේශයේදී තල්මසුන්ගේ කොටසක් ලෙස සැලකෙන ඇම්බර් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබී කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 164 බරැති ඇම්බර් කොටසක්, ග්‍රෑම් 812ක් බරැති ඇම්බර් කොටසක් සහ ග්‍රෑම් 670ක් බරැති ඇම්බර් කොටසක් සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28,29 සහ 48 යන වයස් වල පසුවන කටුගොඩ හා කලගෙඩිහේන යන ප්‍රදේශ වල පදිංචිකරුවන් වනවා. ඔවුන් අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තව කියවන්​න

නේපාලයේ පැවැත්වෙන 55 වන ආසියානු කායවර්ධන සහ ෆිසික් ක්‍රීඩා තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනෙකු අද දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිිියා. මෙම තරගාවලිය නේපාලයේ කත්මණ්ඩු නුවර 09 වෙනි මස 01 දින සිට 09 වෙනි මස 07 දින දක්වා පැවැත්වීමට නියමිතයි. මේ සදහා සහභාගී වීමට ක්‍රීඩකයින් 06 දෙනෙකුත් ක්‍රීඩිකාවන් 04 දෙනෙකුත් සහ එක් නිලධාරීවරයෙකු ද එක් වී සිටියා. මෙම පිරිස අද දින අලුයම 03‌ට ඉන්දීය ගුවන් සේවයේ  274 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය‌ා.

තව කියවන්​න

ආසියානු ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සදහා පකිස්තාන සහ නේපාල ක්‍රිකට් කණ්ඩායම් අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා. ඔවුන් පකිස්තානයේ මුල්ටන් සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ 1230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා. මෙම ක්‍රිකට් කණ්ඩායම් දෙකෙහිම ක්‍රීඩකයින් සහ නිලධාරීන් ඇතුළුව 80 දෙනෙකු පමණ පිරිසක් පැමිණ  තිබුුුණි. ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ සිට විශේෂ ආරක්ෂක රිය පෙළක් මගින් මහනුවර පල්ලෙකැලේ වෙත රැගෙන යාමට පියවර ගෙන තිබුණි. එළඹෙන 9 වෙනි මස 2වන දින පකිස්තානය සහ ඉන්දියාව අතර තරගයත්  9 ‌වෙනි මස 04වන දින ඉන්දියාව සහ නේපාලය අතර තරගයත් පැවැත්වීමට නියමිතයි.

තව කියවන්​න

2020 වසරේ වාහන ආනයන සීමා පැනවීමෙන් පසු වාහන 6900 කට ආසන්න සංඛ්‍යාවක් මෙරටට ගෙන්වා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. විශේෂ කටයුතු සදහා මෙම වාහන ගෙන්වීමට අවසර ලබා දුන්නද වාහන මෙරටට ගෙන්වීමට තවමත් අවසර ලබා දී නොමැති බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්​න