- මාගම්පුර අලි මගඩියක් එළියට….
- සජබය ලොකු පිම්මකට ලෑස්තිවෙයි
- මුළු කොළඹටම වතුර නැති වෙයි ?
- රට ඉන්න අයට ගොඩක් සතුටු හිතෙන ආරංචියක් – VIDEO –
- වෙනිසියුලාවේ බෝට්ටුවකට අමෙරිකාවෙන් යලි ප්‍රහාර
- අතරමැදි ශ්‍රේණිවලට දරුවන් ඇතුළත් කිරීමට නව චක්‍රලේඛයක්
- නේපාලයට පිට පිටම බාධා – සංචාරක කර්මාන්තයත් බිද වැටෙයි
- පළාත් පාලන සතියේ දෙවන දිනය අදයි
Author: VNews
රුසියාව යුක්‍රේනයේ අල්ලාගත් ප්‍රදේශවල මැතිවරණයක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ රුසියාව සමස්ත යුක්‍රේනයෙන් පහෙන් එකක කොටසක් අත්කරගෙන ඇති පසුබිමකයි. ඒ අනුව රුසියාවේ නව ප්‍රදේශ ලෙස හඳුන්වන ඩොනෙට්ස්ක්, ලුහාන්ස්ක්, සපොර්ෂියා සහ කර්සන් යන ප්‍රදේශවල එම ප්‍රාදේශීය මැතිවරණය පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.
තත්ත්වයෙන් බාල ඖෂධ ආනයනය කිරීම හේතුවෙන් සිදුවූ රෝගී මරණ හා සංකූලතා සම්බන්ධයෙන් විනිවිද භාවයකින් යුක්ත පරීක්ෂණයක් පැවැත්වීම සඳහා කමිටුවක් පත්කරන ලෙස නියෝග කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා . ඉන් ඉල්ලා ඇත්තේ, තත්ත්වයෙන් බාල ඖෂධ ආනයනය කිරීම හේතුවෙන් සිදුවූ රෝගී මරණ හා සංකූලතා සම්බන්ධයෙන් විනිවිද භාවයකින් යුක්ත පරීක්ෂණයක් පැවැත්වීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ තවත් විශේෂඥ වෛද්‍යවරුන් 05 දෙනෙකුගෙන් සමන්විත විමර්ශන කමිටුවක් පත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසයි . සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන සහ හර්ෂණ රාජකරුණා යන මත්වරුන් විසින් පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවා…
2023 ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් නොවූ ඡන්ද දායකයෙකුට ඒ සඳහා ඉල්ලීම් කිරීමට දී තිබු කාලය අදින් අවසන් වනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ඊට අදාළ ඡන්ද හිමි නාම ලේඛනයේ දළ කෙටුම්පත් මේ වන විට ග්‍රාම නිලධාරී කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල හා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල ප්‍රදර්ශනයට තබා ඇති බවයි. අදාළ ඉල්ලීම් ඉදිරිපත් කිරීමට WWW.ELECTIONS.GOV.LK වෙබ් අඩවියද භාවිත කළ හැකි බවයි ඒ මහතා සඳහන් කලේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිම අභියෝගයක් නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා . ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කිසිදු ප්‍රතිපත්තියක් නොමැති බවයි හිටපු ජනාධිපතිවරයා වැඩි දුරටත් කියාසිටියේ .
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ,ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව කටයුතු කිරීමට හැකිනම් අනුර කුමාර දිසානායක මහතාට සහ සජිත් ප්‍රේමදාස මහතාට එක්ව වැඩ කිරීමට නොහැකි ඇයිද යන්න පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා . කොළොඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම දහස් දැක්වීම සිදු කළා .
කවුරුන් ජනපති වුවද විදෙස් ණය ලබා ගත්තේනම් ගෙවිය යුතුබව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා . ඒ මහතා මෙම අදහස් දැක්වීම සිදු කළේ කොළොඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් .
සීනිගම දේවාලයේ වාර්ෂික මහා පෙරහර හේතුවෙන් අද සිට ලබන 04 වනදා දක්වා එම ප්‍රදේශය ආශ්‍රිත ගාලු පාරේ රථවාහන ධාවනය සීමා කිරීමට තීරණය කර තිබෙනවා . ඒ අනුව ගාල්ල දෙස සිට කොළඹ දෙසට ගමන් ගන්නා රථවාහන තදබදයක් ඇති නොවන අයුරින් අවස්ථානුකුලව පෙරහැර ගමන් ගන්නා මාර්ගය ඔස්සේම යොමුකිරීමට නියමිතයි . කෙසේවෙතත් කොළඹ දෙස සිට ගාල්ල දෙසට ගමන් ගන්නා රථවාහන මීටියාගොඩ පොලිස් වසමේ කහව හන්දියෙන් හරවා මිටීයාගොඩ, කිරළගහවෙල හන්දියෙන් වමට හරවා අලුත්වල, සරණ හන්දිය, ගෝනපීනුවල හතරමංහන්දිය හරහා කුමාරකන්ද හන්දිය ඔස්සේ ගාලු පාරට පිවිසිය හැකි බව පොලිස් මූලස්ථානය පවසනවා .
මත්ද්‍රව්‍ය වැටලීමක නිරතවී සිටි සුරාබදු නිලධාරීන් දෙදෙනෙකුව කපා කොටා තුවාල සිදුකර තිබෙනවා. ඉන් එක් නිලධාරියෙකු ඊයේ පස්වරුවේ රෝහල්ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. කොළඹ, මාළබේ ප්‍රදේශයට අනියුක්තව රාජකාරී කරන නිලධාරීන් දෙදෙනෙකු මෙසේ පහර කෑමට ලක්වී ඇති බවත්, කැපුම් තුවාල සිදුවූ එක් නිලධාරීයෙකු කළුතර ශික්ෂණ රෝහලට යොමුකර ඇති බවත් පොලීසිය තවදුරටත් සඳහන් කළා. ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් සොයා පොලීසිය විමර්ශනක් ආරම්භ කර තිබෙනවා.
පොලිස් විශේෂ කාර්යය බලකායේ 39 වන රණවිරු ගුණ සැමරුම අදට යෙදී තිබෙනවා. එහි ප්‍රධාන සැමරුම් උත්සවය කටුකුරුන්ද පුහුණු පාසලේ රණවිරු ස්මාරකය අභියස පැවැත්වෙන බවයි එම බලකාය සඳහන් කළේ. යුද්ධය හේතුවෙන් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 464 දෙනෙකු සහ කම්කරුවන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ආබාධිත තත්වයට පත්ව ඇති නිලධාරීන් සංඛ්‍යාව 744 ක්. ප්‍රධාන සැමරුම් උත්සවයට සමගාමීව විශේෂ කාර්ය බලකායේ අනුරාධපුර, කතරගම, අම්පාර යන කඳවුරු තුළ පිහිටි රණවිරු ස්මාරක අභියසද සැමරුම් සංවිධාන කර තිබෙනවා. එමෙන්ම ලබන 5 වනදා මියගිය රණවිරුවන් සහ ආබාධිත රණවිරුවන් සිහිකර මහනුවර ශ්‍රී දළදා මාළිගාව අභියස දානමය පුණ්‍යකර්මයක්ද පැවැත්වෙන බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.
පෙරහර කටයුතු සඳහා හීලෑ අලි ඇතුන් ලබා ගැනීමේ ගැටළුව සහ අලිඇතුන්ගේ සුබසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ගැනීම සඳහා පාර්ලිමේන්තුවට දැනුම් දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ සිටියේ මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සමාප්ති සංදේශය භාරගැනීමෙන් අනතුරුව ඊයේ පැවති උත්සව සභාව අමතමින්. එහිදී මහනුවර ඇසළ පෙරහර ඇතුළු සංස්කෘතික මංගල්‍යයන්ට ඇතැම් සංවිධාන මතුකරන විරෝධතා පිළිබඳ දියවඩන නිළමේ ප්‍රදීප් නිළංග දෑල, මහතා අදහස් දක්වා සිටියා. එහිදී ඔහු පවසා සිටියේ පෞද්ගලික අභිමතාර්ථ ඉටුකර ගැනීමට උත්සහ දරණ ඇතමුන් දළදා වහන්සේට, දළදා මාලිගාවට සහ උභය මහ විහාරයටත් මෙලෙස අපහාස සිදුකරන බවයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222