- මාගම්පුර අලි මගඩියක් එළියට….
- සජබය ලොකු පිම්මකට ලෑස්තිවෙයි
- මුළු කොළඹටම වතුර නැති වෙයි ?
- රට ඉන්න අයට ගොඩක් සතුටු හිතෙන ආරංචියක් – VIDEO –
- වෙනිසියුලාවේ බෝට්ටුවකට අමෙරිකාවෙන් යලි ප්‍රහාර
- අතරමැදි ශ්‍රේණිවලට දරුවන් ඇතුළත් කිරීමට නව චක්‍රලේඛයක්
- නේපාලයට පිට පිටම බාධා – සංචාරක කර්මාන්තයත් බිද වැටෙයි
- පළාත් පාලන සතියේ දෙවන දිනය අදයි
Author: VNews
නියඟය හේතුවෙන් මෙවර යල කන්නයේ දී වී වගාවට හා අනිකුත් බෝග වගාවන් අක්කර 60,503ක් හානී වී තිබෙනවා. ඒ හේතුවෙන් ගොවීන් 55,951 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වන වගා හානි ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවද එම අමාත්‍යාංශය නිකුත් කළ වාර්තාවක සඳහන්. ඒ අනුව මේ වනවිට හම්බන්තොට දිස්ත්‍රික්කයේ වාර්තා වන වගා හානි ප්‍රමාණය අක්කර 4,479ක් වනවා. මේ වනවිට වැඩිම වගා හානි ප්‍රමාණයක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර , එම ප්‍රමාණය වක්කේ අක්කර 26,644 ක්.
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවති තරගයෙන් ලකුණු 89ක ජයක් ලැබීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ සමත් වුණා. පාකිස්ථානයේ ලාහෝර් හීදී පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 05ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යව 334ක්. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් මෙහිදි හසාන් මිරාස් ලකුණු 112ක් සහ නජ්මුල් හොසේන් ශන්ටෝ ලකුණු 104ක් රැස් කළා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර 44යි පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 245ක් පමණයි. පන්දු යැවීමේදී ටස්කින් අහමඩ් ලකුණු 44ට කඩුළු 4ක් බිඳ හෙළීමට සමත් වුණා.
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද දිනයේදී පැවැත්වෙනවා. එහිදී ඉන්දීය කණ්ඩායම සහ නේපාල කණ්ඩායම තරගවැදීමට නියමිතයි. පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගය පස්වරු 03ට ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.
රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නායයෑම් පිළිබඳ රතු නිවේදන නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලට නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක බවයි. මේ අතර නිල්වලා, ගිං, කළු යන ගංඟා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළා. ඒ අනුව එම ගංඟා දෙපස සිටින ජනතාව අවධානයෙන් සිටින ලෙසයි එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.
ශ්‍රී ලංකාව විසින් ලබාගත් විනිමය හුවමාරු පහසුකමට අදාළ තවත් වාරිකයක් ගෙවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ශ්‍රී ලංකාව බංගලාදේශයෙන් ලබාගත් ඩොලර් මිලියන 200ක විනිමය හුවමාරු පහසුකමට අදාළ දෙවන වාරිකය වශයෙන් ඩොලර් මිලියන 100 ක් එලෙස ගෙවා ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. පසුගිය මාසයේදී මෙම විනිමය හුවමාරු ණය පහසුකමෙහි පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 50ක් ශ්‍රී ලංකාව විසින් ගෙවීමට කටයුතු කර තිබුණා . මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Bangladesh Bank හි විධායක අධ්‍යක්ෂවරයා පවසා ඇත්තේ ඉතිරි ඩොලර් මිලියන 50ක මුදල මෙම වසර තුළ ගෙවීමට ඇති බවය.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගෙන සිනමාව විෂයක් ලෙස විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති ලාංකේය සිනමාවේ ඉදිරි දැක්ම නම් වූ විද්වත් කථිකාවේදීයි මේ පිලිබඳ යෝජනා වී ඇත්තේ. එහිදී අදහස් දක්වමින් ප්‍රවීණ සිනමාවේදී අශෝක හඳගම මහතා සඳහන් කලේ නාට්‍ය හා රංග කලාව නමින් විෂයක් පාසල් විෂය නිර්දේශය තුළ පැවැතියත් සිනමාව එම විෂයෙන් ගිලිහී ඇති බවයි. තවද රජය හෝ පුද්ගලික අංශය මැදිහත්වී අංග සම්පූර්ණ සිනමා පාසලක් හැකි ඉක්මණින් ආරම්භ කළ යුතු බවද හඳගම මහතා මෙහිදී ප්‍රකාශ කළා.
13 වන සංශෝධනය ක්‍රියාත්මක නොකරන්නේනම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සම්පුර්ණයෙන්ම ඉවත් කර දැමිය යුතු බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ වර්තමානයේදී ඒ පිලිබඳ විවිද මත පල කරමින් සිටීම නිෂ්පල කාර්යයක් බවයි. කොළඹ පැවතී උත්සවයක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කලා.
සපුගස්කන්ද තෙල් පිරිපහදුව සැප්තැම්බර් 18 වැනිදා සිට ඔක්තෝබර් මස 08 වැනිදා දක්වා අක්‍රිය කිරීමට කටයුතු කර තිබෙනවා. පෙට්‍රල් නිපදවන ඒකකයේ උත්ප්‍රේරකවල සක්‍රීයතාව නැවත පිහිටුවා යථා තත්වයට පත්කිරීමේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් පිරිපහදුවේ කටයුතු මෙලෙස අක්‍රිය කරන බවයි විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා කියා සිටියේ. එම කාලය තුළ හිඟයකින් තොරව ඉන්ධන සැපයුම පවත්වාගනෙ යෑමට අවශ්‍ය ඉන්ධන තොග සහ ඉන්ධන ඇනවුම් මේ වන විටත් සම්පූර්ණ කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
ඉන්ධන පිරවුම් හල්වලින් ඉන්ධන නිකුත් කිරීමේදී මෙතෙක් ක්‍රියාත්මක කළ QR ක්‍රමවේදය අද සිට අහෝසි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා . අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කියාසිටියා .
සිනොපෙක් සමාගමත් අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 358 දක්වා ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම, ඔක්ටේන් 95 පෙට්ට්‍රල් ලීටරයක මිල 414 දක්වා ද ඉහළ ගොස් ඇති බව සඳහන්. ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 338 ක් සහ ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල 35600 ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222